එක්සත් ජාතීන්ගේ 24වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප‍්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප‍්‍රධානත්වයෙන් පසුගිය මැයි 23 වෙනි වෙසක් පුන් පොහෝය දාා පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත් විණි.
වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජ්ය, ශ්‍රී ලංකාව යන රටවල භික්ෂූන් වහන්සේ විවිධ තානාපතිවරු එහි නිලධාරීන්ද උත්සවයට සහභාගී වූහ.
ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති මනිෂා ගුණසේකර මහත්මිය විසින් ප‍්‍රධාන දේශනය සිදු කළාය.
ඉන් අනතුරුව ප‍්‍රංශ යුනේස්කෝ මූලස්ථානයේ විධායක මන්ඩලයේ සභාපති වෙරා එල් කොහොරි මහත්මිය, යුනෙස්කොවේ සමාජ හා මානව විද්‍යාව පිලිබඳ සහාකාර අධ්‍යක්ෂක ගැබ්රියෙලා රාමෝස් මහත්මිය, ප‍්‍රංශයේ සමස්ත බෞද්ධ සංගමයේ සම සභාපති අන්තොනී බුසේමාර්ට් මහතා, ශ්‍රීලංකාවේ සති පාසැල් ව්‍යාපෘතියේ නිර්මාතෘ උඩඊරියගම ධම්මවිජය හිමි, ලාබුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි, ශ්‍රීලංකාවේ වර්ථමාන අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයනත් යන ආරාධිතයන් විසින් වෙසක් දිනයේ විශේෂත්වය හා බෞද්ධ දර්ශනය පිලිබඳ විශේෂ දේශන පවත්වැත් වූහ.
පැරීසියේ ධම්මචක්ක දහම් පාසැලේ දුදරුවන් විසින් භක්ති ගී වැඩ සටහනක්ද ඉදිරිපත් කලේය.
ශ්‍රීලාංකික, චීන, කාම්බෝජ්, වියට්නාම් හා වෙනත් විවිධ ජාතීන් විශාල පිරිසක් සංස්කෘතික උත්සවය එක් වූහ.
ශ්‍රීලංකාවේ පාරම්පරික නර්තන, වියට්නාම්, තායිලන්ත, නේපාල්, ඉන්දුනීසියානු , චීන, මොංගෝලියානු , බංගලදේශය යන රටවල පාරම්පරික සංස්කෘතික නර්තන හා සංගීතමය වැඩ සටහන් වලින් එදින වෙසක් සැඳෑව ආලෝකමත් කළේය. සංදර්ශනය අවසානයේ විවිධ ජාතීන් විසින් සකස් කල එම රට වලට ආවේනික ප‍්‍රනීත රසවත් කෑම වර්ග ඇතුලත් වෙසක් දන්සැලක්ද පැවැත්වීය.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලින්
Hewage Paris Monday, 27 May 2024 07:57 PM
තානාපති තුමිය එය හොඳට සංවිධානය කරලා තිබුණා .
පිටරැටියා Tuesday, 28 May 2024 12:09 AM
ගිය සැරේ පැරීසියේ වෙසක් බලන්ඩ ලන්කාවේ ඉන්දලා හෙරළියත් ඇවිල්ලා උන්නා.
නිරෝෂිනී ද සිල්වා Tuesday, 28 May 2024 06:35 AM
සතිපාසල සංකල්පය ප්‍රචලිත කිරීම සදහා තවත් එක් පියවරක් ඉදිරියට තැබීම ගැන සතුටුයි . අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ උත්සාහයන් සාර්ථක වේවා !!!
ප්‍රියන්ති මහානාම Tuesday, 28 May 2024 05:19 PM
අපේ ලොකු හාමුදුරුවන් ගෙනයන වැඩ පිළිවෙල ඉතාමත් අගය කළයුතුයි .ලංකාවෙ පමණක් නොවෙයි මුලු ලොකයම පිළිගෙන බව පෙනෙනවා
සුභද්‍රා දේවසුරේන්ද්‍ර Wednesday, 29 May 2024 09:55 PM
අති පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ උත්සාහය සාර්ථක වේවා..! සතිමත් පරපුරක් බිහිවේවා...!