( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කරමින් , පරිසර වාර්තාවක් නොමැතිව ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම නොවැම්බර් 12 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය ඊයේ (22) දින නියම කළේය.
රිට් පෙත්සම් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එදිනට පෙර නොතීසි නැවත දන්වා යවන්නැයිද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී අභියාචනාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නැයි නියෝග කරන ලෙසත් ,වෙරළ ආශ්‍රිත පරිසරය දූෂණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සමේ පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර අමැති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ගල්කිස්ස වෙරළ තීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය , පොලිතීන් ආදි අපද්‍රව්‍යයන් ගෙන් අපවිත්‍ර වී ඇත.මෙම තත්ත්වය තුළ වෙරළ තීරයන්ද පරිසර දූෂණයට ලක්ව ඇත.මෙම තත්ත්වය රටෙහි අනෙකුත් වෙරළ තීරයන් හීද දක්නට ඇත.
ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය බොහෝ ස්නානය සඳහා බොහෝ ජනතාව භාවිතා කරති.මේ අතර ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.එම ව්‍යාපෘතියට අනුව වෙරළ කෘතිමව සකස් කිරීම අරඹා ඇත.
මෙම තත්ත්වය තුළ වෙරළ පරිසරය විනාශයට පත්වේ.මෙම වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය මහජන මුදල් රුපියල් මිලියන 110 ක් පමණ වෙන් කර ඇත.එහෙත් මේ පිළිබඳ පරිසර වාර්තාවක් මෙතෙක් ලබා ගෙන නොමැත.
මෙම තත්ත්වය තුළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 4(ඉ) 4 (ඊ) 14 , 16 (2) 15 සහ 31 යන විධි විධානයන් උල්ලංඝනය වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , අදාළ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමට නියෝග කරන ලෙසත් , වෙරළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින්ට දඬුවම් නියම කිරීමට නීති සම්පාදනය කිරීමට නියෝග කරන ලෙසත් , අදාළ ව්‍යාපෘතියට පාරිසරික වාර්තාවක් ලබා ගැනීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නිල්මල් වික්‍රමසිංහ සහ රවින්ද්‍රනාත් දාබරේ යන නීතීඥවරුන් පෙනී සිටියහ.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සළකා බැලීම නොවැම්බර් 12