(අංජුල මහික වීරරත්න)
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන "කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්" යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට අරඹන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතින බව අමාත්‍යාංශය පවසයි.
මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවතී.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ වෙළෙඳපලේ රුපියල් 9,000කට මිලදී ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රුපියල් 4,000 ක සහන මිලකට ලබාදීමේ කටයුතු මේ මස 30 සිට වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, පොල් වගාකිරිමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැල තවානේදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි.
මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවද අවධාරණය කළේය.
රුපියල් මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙන් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම් පත්‍රය පොල් වගා කිරිමේ මණ්ඩලයේ https://coconutsrilanka.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව අමාත්‍යංශය කියයි.
අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක
ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.
‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පොල් පොහොර සහනාධාරය අනිද්දා සිට
ගුණරත්න Friday, 28 March 2025 01:47 PM
ඔය පරිත්‍යාග විදියට ලැබෙන පොහොර කුණු පොහොර වෙන්න බැරි කමක් නැහැ. බොහෝ විට බැර ලෝහ මිශ්‍ර වෙලා ඇති.
කව්ද බෝයි Friday, 28 March 2025 03:12 PM
සහතික ඇත්ත. පරිත්‍යාග ලෙස ලැබෙන ඒවා ඔක්කොම කුණු පොහොර. හැබැයි, ඩොලර් මිලියන 6.9ක් ජනතාවගේ බදුමුදල් ගෙවලා ගන්න ඒවා අසුචි පොහොර. අද වෙනකං අසුචි ගෙන්නපු එකෙකුත් නෑ...අසුචි ටිකත් නෑ...
Mangala Friday, 28 March 2025 03:16 PM
එතකොට අක්කර 5ට වැඩි පොල් වතු? ඒවා පොල් වතු නෙවෙයිද? ඒවල තියෙන්නේ පොල් ගස් නෙවෙයිද?