(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වොලිබෝල් පිටියක් සම්බන්ධව ආරවුලක් දුර දිග යාමෙන් අද 20) ඇතිවු ගැටුමකින් පසු පුද්ගලයකු කාන්තාවකට එල්ල කළ පොලු පහරකින් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමේන් පසුව මෙසේ මරණයට පත්ව ඇත්තේ මාදම්පේ පොලිස් වසමට අයත් ගල්මුරුව ප්‍රදේශෙය් පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දයානි නැමති 52 හැවිරිදි කාන්තාවකි.
මරණයට පත් කාන්තාවගේ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය ඉඩමේ වොලිබෝල් පිටියක් සාදා ඇති බවට ඇයට ලැබූ තොරතුරක් මත මේ සම්බන්ධව සොයා බැලීමටඑම ඉඩමට වෙත ගොස් ඇති බව කියයි.
එහිදි මෙම ඉඩම ආසන්නයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගෙන් මේ සම්බන්ධව විමසීමේදී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවත් ඉන් පසුව එම බහින් බස්වීම දුරදිග ගොස් ඇති බව කියයි.
මෙහිදි අදාල සැකකරු විසින් කාන්තාවට පහර දී තිබේ. එම අවස්ථාවේ කාන්තාව ද ඒ අසල තිබූ ලීයකින් ඔහුට පහර දීමට තැත් කිරීමේ දී එම පුද්ගලයා එය උදුරාගෙන කාන්තාවට දිගින් දිගට පහර කීපයක් එල්ල කර ඇත.
එහිදී හිස ප්‍රදේශයටද පහර කීපයක් එල්ල කිරීමෙන් කතාන්තාව සිහිසුන්ව බිම ඇද වැටී ඇති බව කියයි.
පසුව සිද්ධිය සම්භන්ධයෙන් මාදම්පේ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණ පොලිසිය විසින් මාදම්පේ රෝහල වෙත ඇය රැගෙන ගොස් රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකනට පසු ඇය මිය ගොස් තිබේ.
මාදම්පේ පොලිස් ස්ථානාධිපති සමන් ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලු පහරින් කාන්තාවක් මරුට
ගමගේ Monday, 20 March 2023 03:14 PM
මුඩුක්කු කාරයො කවද්ද ක්‍රීඩකයන් උනේ ?
චින්තක Monday, 20 March 2023 05:04 PM
තමන්ගේ ඉඩමේ අනවසර දෙයක් කරනකොට විරුද්ධවීම වරදක් වෙන්නෙ කොහොමද? මිනීමරුවා මංකොල්ලකාරයෙක් නැත්නම් කුඩ්ඩෙක් වෙන්න පුළුවන්... උපරිමයෙන් දඬුවම් දියයුතුයි.