IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පොල් මයිටාවාට ’’මාරයෙක්’’

(අංජුල මහික වීරරත්න)

දකුණු පළාතේ පොල් වගාවන් හි දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා  (Aceria guerreronis)  වසංගතය මැඩලීම සඳහා ලුණුවිල  පොල් පර්යේෂණායතනය විසින් හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවා ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි.

මයිටා උවදුර නිසා පසුගිය කාලයේ දකුණේ පොල් අස්වැන්න සියයට 60කින් පමණ අවම විය.

මෙම පොල් මයිටාවාට ජෛව පාලන ක්‍රමෝපායක් වශයෙන්  ස්වාභාවික පරිසරයේ ම සිටින විලෝපිත මයිටාවෙක් වන Neoseiulus Barak නැමැති මයිටා විශේෂය යෙදීම මගින් පොල් මයිටා උවදුර සෑහෙන ප්‍රමාණයකට අවම කර ගැනීමට හැකි වී තිබෙන බව පොල් පර්යේෂණායතනය පවසයි.

මෙම විලෝපිත මයිටාවන් 5000ක් පමණ වරින් වර පොල් ගසේ ගෙඩි අතරට එක දිගට වසර දෙකක්වත් යෙදිය යුතු බවද පොල් පර්යේෂණායතනය සඳහන් කරයි.

පොල් මයිටා රෝගය සියයට සියයක්ම තුරන් කළ හැකි ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නැති නමුත් මයිටා රෝගය නිසා පොල් ගෙඩි  කුඩා වීම සියයට 60කින් පමණ අවම කර ගැනීමට මෙම විලෝපිත මයිටාවා යොදා ගැනීම මගින් හැකිවී ඇතැයි තහවුරු කරගෙන තිබේ.

 



අදහස් (3)

පොල් මයිටාවාට ’’මාරයෙක්’’

Lalla Thursday, 02 November 2023 01:43 PM

කොහොමද ලබාගන්නේ? වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කළාද? විස්තර ඕනෑ...

:       0       6

සෝමපාල Thursday, 02 November 2023 02:36 PM

ඔය මයිටෝ වෙන වගාවල් වලට හානි කරන්නේ නැද්ද? කොහෙන්ද ඔවුන් ගන්න තියෙන්නේ...? කොහොමද උන් බෝ කරගන්නේ. බිත්තර තියෙනවාද? ඔවුන්ගේ කඩවල්වල ගන්න. අපේ වත්තේත් ගොඩක් පොල්ගෙඩි මයිටෝයි... දඬු ලේන්නුයි කාලා. දඬු ලේන්නු නම් එනවා... ඔවුන් පන්නනවා. ඔය මයිටෝ කන්නේ රෑටද? ඔවුන් එන වෙලාවක් පේන්න නම් නෑ. ගෙඩි වට්ටලා තියෙනවා ගස් යට. සෑහෙන ගෙඩි ප්‍රමාණයක් කාලා...

:       0       9

pakeer Thursday, 02 November 2023 04:21 PM

කරුණාකර මේ පිළිබඳව දැනුවත් කරන්න තව.මම හිතන්නේ දකුණ ,බස්නාහිර දෙකටම ඕනේ.පොල් ගස් ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 6 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 73 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 386 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 83 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2341 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 137 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1220 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site