IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාලකයන් ඇති කළ අර්බුදය ’’පාලකයන්ම’’ විසඳිය යුතුයි

(ආරියරත්න රණබාහු )

මේ රටේ වත්මන් අර්බුදයට හේතුව දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න නම් එය විසඳා ගත යුත්තේත්  දේශපාලනය තුළින්ම යැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය

යාපනයේ වාලම්පුරි සංගිලියම් ශාලාවේ දී ඊයේ (04)පැවති ලංකා ගුරු  සේවා  සංගමයේ යාපන දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ බව කී දිසානායක මහත එහිදි මෙසේද කීය

මා ඇතුළු අපේ ව්‍යාපාරය යෝජනා කරන්නේ මේ රට ගොඩනැගීමට නම් අපි සාමූහික ප්‍රයත්නයක් දරමු. අපේ අනාගත දරුවෝ යුද්ධ කරන්නෙ නැති රටක් අපට අවශ්‍යයි අපේ අනාගත පරම්පරාවට මේ රට ගොඩ නගමින් ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් අවශ්‍යයි අපට නව දේශපාලනයක් අවශ්‍යයි අපි යෝජනා කරන්නේ අන්න ඒ නව දේශපාලනයට එකතුවෙන ලෙසයි.

අපි  ගනුදෙනුකරුවෝද මා වෙළෙන්දෙක්  නොවෙයි. අපිට ජන්දෙ දෙන්න කියලා මම කියන්නේ නෑ. මම යෝජනා කරන්නේ මේ රට ගොඩනැගීමට අපි සාමුහික ප්‍රයත්නයක  යෙදෙමු කියලයි.

මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. උතුරේ ජනතාව ජනාධිපතිවරණවලට උනන්දු නොවන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක කොළඹ නායකයෙක් පත්කරන එක සිංහල ජනතාවගේ වැඩක්  කියන අදහසක් ඔවුන්ට තිබෙනවා.

නමුත්  මේ රටට නායකයෙක් තෝරා  ගැනීමේදී උතුරේ ජනතා වගේ සක්‍රීය මැදිහත්වීමක්  අවශ්‍ය  යැයි අප සිතනවා යැයි ද ඒ මහතා කීය. 



අදහස් (4)

පාලකයන් ඇති කළ අර්බුදය ’’පාලකයන්ම’’ විසඳිය යුතුයි

විජිත් Friday, 05 April 2024 03:45 PM

ජාතික ජනබලවේගය රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනාව !!! මාලිමාවට ජයවේවා !!!

:       16       24

Chandana Friday, 05 April 2024 04:49 PM

සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...!

:       3       6

මැක්ස් Friday, 05 April 2024 06:08 PM

ඇස ලොකු කරලා, කට උල් කරලා, අතේ ඇඟිලි උලුප්පලා බේගල් ඇද බාලා උතුරේ මිනිස්සුන්ව අන්දන්න මේ උන්දෑට බෑ වගේ. ඒ මිනිස්සු බැට කාලා තියෙනවානේ මෙයාගේ උතුරේ මොඩලය වන ප්‍රභාකරන්ගෙන්...!

:       14       10

ChathuriSaturday, 06 April 2024 01:05 AM

මැක්ස්. ඔයා කියන මේ ලක්ෂණ තියෙන්නේ ගොබ්බයින්ට සහ ගොබ්බයින්ට කඩේ යන අයට. සමහර්විට තමුන්. රෑනේ කෙනෙක් වෙන්නඇති බොරු නමක් දාගෙන. හොරුන්ට කඩේ යන්නේ... ඔයා වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැතිව ඇති... මොලේ කළඳක් නැති විදියට. අදහස් ලියන්නේ ඔයාගේ මොලේ නහර මැරිලද? මහඅයගේ වගේ. රටේ ජනතාව හොරුන්ට බනිනකොට මෙයා ඒ අයට කඩේ යනවා. මව් කිරිද බිව්වේ රබර් කිරිද. පොඩිකාලේ. දැන්නම් පුන්නක්කු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 1 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 33 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 34 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2298 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 2214 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1653 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site