( ෂේන් සෙනෙවිරත්න )
පොල්ගොල්ල ජලාශයට අයත් මහනුවර පොලිස් වසමේ වවුල් කඩේ නැමැති ස්ථානයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජලාශයේ ගිලී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
එසේ ජලයේ ගිලී මිය මියගොස් ඇත්තේ අයි. කවිනාශ් නැමැති 17 හැවිරිදි කටුගස්තොට සහිරා විදුහලේ සිසුවකු බව පොලීසිය කියයි .
කටුගස්තොට සහිරා විදුහලේ නිත්තවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15-17ත් අතර සිසුන් 08දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ (09) සවස පොල්ගොල්ල ජලාශයේ වවුල් කඩේ නමැති ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව පවසන පොලිසිය ඉන් දෙදෙනෙකු ජලයේ ගිලී මත් සමග එම ස්ථානයේ සිටි අනෙක් සිසුන් පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි .
එසේ දිය නාමින් සිටි දෙදෙනෙකු ජලයේ ගිලී ඇති අතර මියගිය සිසුවාට අමතරව තවත් එක් අයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
පස්වරු 08.57 සිට හෙට පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු
ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින ත
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය.
සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පොල්ගොල්ල ජලාශයට සිසුවා බිලි
හනීෆා Monday, 10 April 2023 09:18 AM
පලාගියා නම් ඔවුන් සැක සහිත නැද්ද? කවුද දන්නේ යාලුවා වතුරට දමා ගියාද කියලා... කොහොම වුණත් රෝහලේ සිටින තරුණයාගෙන් තොරතුරක් ගන්න පුළුවන් වේවි...!
නිමල් Monday, 10 April 2023 11:18 AM
මට කුඩා කාලේ අහපු වලභා සහ යාලුවෝ දෙදෙනාගේ කතාව සිහිවෙනවා...