(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල් වලින් සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්ෂාවක් සිදුවී නොතිබුණ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර පොල්තෙල් නිෂ්පාදනය සඳහා තරු පහකින් යුත් ලාංඡනය 2019 වර්ෂයේදී ලබාගෙන තිබුණේ පොල් තෙල් මෝල් හතක් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සහ අපනයනය කරනු ලබන පොල් නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිති නියම කිරීම හා පවත්වාගෙන යෑම පොල් සංවර්ධන අධිකාරියේ වගකීමක් බව විගණන අංශ එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේය.
මේ අතර කොහු කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා අදාළ පාර්ශවයන් පුහුණු කිරීමේ අරමුණින් 2006 වර්ෂයේදී ආරම්භ කර තිබූ දුන්කන්නාව කොහු සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය කටයුතු සේවක හිඟය හා යන්ත්‍ර උපකරණ අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් 2020 වර්ෂයේ සිට නතර කර තිබූ බව පවසන විගණන කාර්යාලය මේ හේතුවෙන් රුපියල් ලක්ෂ 15 ක වියදමින් මිලදීගෙන තිබූ යන්ත්‍රෝපකරණ සහ ගෘහ උපකරණ විනාශවීමේ අවදානමක පැවතුන බවද සඳහන් කළේය
පසුගිය වසර හතරක කාලය තුළ ෆාම් ඔයිල් ආනයනය මෙට්‍රික් ටොන් 199433ක් වූ බවත් ඒ අනුව ප්‍රමිතියෙන් යුත් යුතු පොල්තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු නොකර දේශීය පොල්තෙල් පරිභෝජනයෙන් වැඩි කොටසක් ෆාම් ඔයිල් හා ආනයනික පොල්තෙල්වලින් සපුරා ගැනීම පොල් සංවර්ධන අධිකාරියේ අරමුණුවලට අනුරූප නොවන බවත් විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පොල් සංවර්ධන අධිකාරියේ අලුත්ම කාර්ය සාධන වාර්තාවේය.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පොල්තෙල් සියයට 72 ප්‍රමිති පරීක්ෂාවක් නෑ
prasanna Monday, 03 April 2023 11:31 AM
අවුරුද්ද කිට්ටු වෙනකොට මොනම හරි කුනුගොඩක් ඇදගෙන දන්ගලනව.... පුදුම් රටක් , අපිකන හැම දෙයක්ම අගුනයි ,ඔනවට වඩා කෑවොත්...