( සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තටාකයට දමා ඇතැයි පොලිසිය කියයි.
එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති බව සදහන් වේ.
ඔවුන් මත්පැන් පානය කරමින් අවේලාවේ දියනෑම නිසා එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.
එහිදී උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇය නිල ඇඳුමෙන්ම පිහිනුම් තටාකයට දමා ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය කීය.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෝලන්ත සංචාරකයන් පිළිගැනීමේ නිලධාරිනිය නාවලා
බකල ජයා Thursday, 30 January 2025 10:43 AM
රුසියාවේ, යුක්රේනයේ, නැගෙනහිර යුරෝපයේ ඉඳල එන සංචාරකයින්ගේ විනීත හැසිරීම දවසින් දවසම වැඩිවෙනවා වගේ. එලිමහන් සංගීතෙත් පාන්දර පහ වෙනකම් දාල දෙන්න ඕන මේ අයට.
අරුණි Thursday, 30 January 2025 11:40 AM
අනාගතයක් තියා හාල් පොල්වත් නැතිව ඉන්න අපිට මේ වගේ ප්‍රවෘත්තියකින් යන්තම් මූනට සිනා පොදක් ආවා.
යෝගා Thursday, 30 January 2025 11:48 AM
ඔය සිද්ධිය වෙලා සංචාරකයෝ ටික රටින් පිටවෙනකනුත් හෝටල් පරිපාලනය කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මොවුන්ට තමුන්ගේ සේවකයා මැරුණත් ඊට වඩා සල්ලි ලොකුයි. කාලකන්නි!
ලසා Thursday, 30 January 2025 03:36 PM
බල්ලගේ වැඩේ බූරුවා කලා වහේ.පිලිගැනීමේ නිලධාරීනී සෙකුරිටි ගේ කාර්‍ය් නේ කරලා තියෙන්නේ .අනික ඕකේ ටිකක් නැවා කියන්නේ දිය වෙනවායැ.නාන්නෙම නැති පිලිගැනීමේ නිලධාරීනී කෙනෙක්ද මන්දා
Bruno Thursday, 30 January 2025 05:27 PM
සුද්දට දැන් වදින්න ඔනා කාලේ උන් ආවේ නැත්නම් කන්නත් නැතිවෙනවා දැන් ලංකාව ඉදිරියට යන්නෙ ටුවරිස්ලාගෙනුයි රට විරුවන්ගෙනුයි...