IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොලොන්නරුවේ ඖෂධ කල් ඉකුත් වුණේ කාගේ වරදින්ද

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක ගබඩා කර තිබූ රුපියල් කෝටි ගණනක ඖෂධ වර්ග විනාශ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

2017 වසරෙන් පසුව භාවිතයෙන් අත්හිටවූ සහ කල් ඉකුත් වූ ඖෂධ වසර 6 ක්ම එම නේවාසිකාගාර දෙකේ තැන්පත් ඇති බවට සෞඛ්‍ය අංශ වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර තිබේ.

රට ඖෂධ හිඟයකින් පීඩා විඳින වකවානුවක 2017 වසරේ මෙම ඖෂධ නිකුත් කිරීමට කටයුතු නොකිරිම හා ඒවා අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවද ප්‍රදේශවාසීහු පවසති,

මේ සම්බන්ධයෙන් මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය අසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය. විනාශ කරන ලද එම ඖෂධ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වලින් 2017 වසරේදී කල් ඉකුත් වූ සහ නිකුත් කිරීම අත්හිටවූ ඖෂධ වර්ග.

මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර කුමාර්වංශ මහතා ගෙන් කළ විමසීම්කදී මෙසේ සඳහන් කළේය, විනාශ කර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව සිදු කරන ඖෂධ සමීක්ෂණවලින් පසු විනාශ කිරීමට හෝ මධ්‍යම ආණ්ඩුවට භාර දියයුතු ඖෂධ තොගයක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව වාර්ෂිකව ඉවත් කරන ලද කල් ඉකුත්වූ සහ අත්හිටුවූ ඖෂධ එක් තැනක ගබඩා කරනවා ,එලෙස 2017 වසරේ සිට මේ දක්වා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක තැන්පත් කර තිබු කල් ඉකුත් වූ සහ නිකුත් කිරීම අත්හිටවූ ඖෂධ එලෙස විනාශ කිරීමට කටයුතු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විවිධ හේතූන් නිසා ඉවත් කරන හෝ ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මෙන්ම රෝගීන්ට ආසාත්මික භාවයක් ඇති වූ විට ඉවත් කරන ඖෂධ වර්ගද ඒ අතර තිබූ බව කුමාරවංශ මහතා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (0)

පොලොන්නරුවේ ඖෂධ කල් ඉකුත් වුණේ කාගේ වරදින්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 103 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 76 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 14 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2193 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 573 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 940 2

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site