IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලොන්නරුව ගොවි ජනබලයට ජනගඟක්

 

(නිමල් ජයරත්න)

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද, ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව දියත උයන අසලදි අද සවස ආරම්භ විය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහත්වරු එක්ව සිටිති.

රටේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වහා විසැඳම් දෙන්නැයි ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

පොලොන්නරුව වකුගඩු රෝහල අසලින් ආරම්බ වූ විරෝධතා පා ගමන පොලොන්නරුව දියත උදන දක්වා ගමන් ගත්තේය.

මෙම උද්ඝෝෂනයට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෝ 10000ක් පමණ එක්ව සිටිති.



අදහස් (41)

පොලොන්නරුව ගොවි ජනබලයට ජනගඟක්

swene Tuesday, 29 March 2022 04:49 PM

සාමාන්‍ය ජනතාව එක්ක කතා කරන විට, තරුන කොටස් කැමති වුවත් වැඩිහිටි අය තවමත් එතරම් පැහැදීමක් නොමැති බව පෙනෙනවා. අනික චන්ද ටික කීයකට බෙදෙනවද ? විශාල ජන වරමක් නොමැතිව, අනීතිකව උපයා ගත් වස්තුව ජනසතු කරන්නේ කෙසේද ? වැඩ පිළිවෙල එතනම ඇන හිටිනවා නේද?

:       0       0

siri Tuesday, 29 March 2022 05:05 PM

මම දැක්ක මේ ලඟදි පත්තරේක කාටුන් එකක්. එකේ ලස්සනට ඇඳලා තිබුනා එක පැත්තක දේශපාලන රැස්වීමක්. එකේ මිනිස්සු දහස් ගණනක් පිරිලා. අනිත් පැත්තේ මැතිවරණ ප්‍රතිඵල ගණන් කරන තැනක චන්ද පෙට්ටියක් හිස් කරනවා. එකේ තියෙන්නේ චන්ද කොළ හතරයි.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 29 March 2022 07:14 PM

සත්‍ය අවබෝධ කරගනිමින් සිටී.

:       0       0

buddhika Tuesday, 29 March 2022 09:46 PM

ජවිපෙ නෙවෙයි. ‌ගොවීන් හිටියේ.... අනික 10000ක් නෙවෙයි 50000ක් පමණ හිටියා.

:       0       38

nimalWednesday, 30 March 2022 07:18 PM

ධනවාදය සහ සමාජවාදය තෝරාගන්නෙද කියා පැහැදිලි අරමුණක් නොමැතිව රටේ වර්තමාන අර්බුද විසඳීමට විසඳුම් නොමැතිව වෙඩිකෑවේ ජනතාව අමතන අමතන අනුර දිසානායක...

:       9       1

nimalThursday, 31 March 2022 03:24 AM

ව්‍යාපාර දුවන්නේ නැත්නම් ආර්ථිකය දුවන්නේ නැහැ | සුනිල් හදුන්නෙත්ති | රටපුරා දේශපාලන වේදිකාවේ ජනතව අමතන JVP කණඩායමට ඔවුන් බලයට පැමිණි පසු කරන්නාවූ වෙනස හෝ විසදුම් කිසිවක් ජනතවට ලබා නොදෙන්නේ මන්ද ? අරව කලයුතුය මේවා කලයුතු යුතුය මොනවා කරන්නත් විසදුම් අවශ්‍යය. විසදුම් නොමැතිව රජය පෙරලීමෙන් හෝ මැතිවරණයකට යාමෙන් පලක් නොමැත. ඇල්ලෙන් බැහැලා වල්ලවයට ගොස් ගාලෙන් මුදෙන් නාල රට වටේම ගියත් රටේ දැවෙන ප්‍රසන සදහා JVP විසදුම හෝ සැලසුම මෙතෙක් ජනතව අතට ලබා දීමට ඔවුන් අපොහොසත්ව ඇත.

:       0       0

NimalThursday, 31 March 2022 05:40 AM

JVP නායක ඔවුන්ගේ වර්තමාන දේශපාලන මතය වෙනස් කිරීමට දැඩි උත්සහයක් ගත්තද ඔවුන්ගේ JVP පක්ෂය තුලින් ඔහුව පලනකය යටත් කර තිබේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රටට වෙනසක් කිරීම අවශ්‍යත්වය තිබුනද, JVP අන්තවාදී කණ්ඩායමකගේ ග්‍රහණයට ඔහුව පත්ව තිබීම නිසා ඔහුට ජාතික ජනබලවේගයේ නායකයා වසයෙන් කිසිවක් ඍජුව ප්‍රකාශ කල නොහැකි තත්වයකටමේවනවිට පත්ව තිබේ. ඔහු JVP අන්තවාදීන ගේ ග්‍රහණයෙ තවදුරටත් සිටියහොත් ජාතික ජනබලවේගය සමග මෙතෙක් කරනලද සියලු උත්සාහයන් අසාර්ථකව ඔවුන් සමග එක්වූ සියලු කණඩායම් ඔවුන්ගෙන් වෙන්ව යනු ඇත. අනුර සහ ඔහුගේ කණඩායම බුද්දිමත්ව සිතා වර්තමාන ලෝකයේ වෙනස්කම් සමග ඉදිරියට ගමන්කරන්නේද අන්තවාදී ගේ මතයට අවනත වෙමින් සැමදා පරාජිතව සිටීමට සිදුවේද කියා සිතා බලන්නට කාලය පැමිණ ඇත

:       0       0

Nissanka Wednesday, 30 March 2022 12:21 AM

මේ අමන ආණ්ඩුවෙන් මුලින්ම පීඩාවට පත් වුණේ රටට බත සපයන ගොවි ජනතාව​. ඒ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ වටා එක්වීම ඔබගේ යුතුකමයි...

:       10       65

Sanath Kandy Wednesday, 30 March 2022 12:22 AM

ජන බලයට ජයවේවා. ගොවි බලයට ජය වේවා...!

:       7       64

Bamunuarachchi Wednesday, 30 March 2022 07:10 AM

දැන් අනුර කුමාර කියන පුද්ගලයා ජනාධිපති වුණාම ඒ මාසේ ඉඳන් පොහොර හම්බ වෙනවාද? පැට්‍රල්, ඩීසල් හම්බ වෙනවද? රටට හෝ ගාලා ඩොලර් හම්බ වෙනවාද? මෝඩ මිනිසුනේ ඕවා හිතපල්ලා. බලය දුන්නායින් පස්සේ ආයිත් මේවගේ රැලි තියන්න ලැබෙන්නේ නැහැ. රැලි තිබ්බොත් මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා තුණ්ඩු කෑල්ලක් ගමේ පොල් කඩපු එකා ගෙදරට ගෙන ඒවි... අනුර මවන සුරංගනා ලෝකේ කවදා ලැබෙයිද දන්නේ නැහැ.

:       97       12

Dr. Vajira FernandoWednesday, 30 March 2022 11:51 AM

ගමේ පොල් කඩන එකාට රට ගැන අයිතියක් කැක්කුමක් නැද්ද?ඔයාලා වගේ යුරෝපයේ වැසිකිලි හෝදන අයට විතරද අයිතියක් තියෙන්නේ?

:       7       48

බද්රානිWednesday, 30 March 2022 02:19 PM

වජිර දොස්තර මහත්තයෝ, යුරෝපයේ හෝ මැදපෙරදිග වෙසෙන වැසිකිළි හෝදන ලංකාවේ අය පමණක් නොවෙයි.. සමස්ත ලාංකික සිංහල ජනතාවටම අයිතියක් තියනවා තමන්ගේ අයිතීන් ලබාගන්න. නිකමට හිතන්න, ලෝකයේ අනෙකුත් වෛද්‍යවරු දෙස බලද්දී, ලංකාවේ සිංහල දොස්තරයෙක් නම් එයත් එහෙමනේ... දොස්තර මහත්තයා දන්නවද දන්නේ නැහැ.. එංගලන්තයේ, කැනඩාවේ දෙමළ අයගේ වැසිකිළි හෝදන්නෙත්... අපේ ලංකාවේ සිංහල සහෝදරයින් තමයි. අන්න ඒකනේ අපිට මෙච්චර ආඩම්බර...

:       8       9

BamunuarachchiWednesday, 30 March 2022 03:00 PM

නමින් දොස්තර වුණාට වැඩවලින්, කතාවෙන් දොස්තරකමක් නම් පෙනෙන්න නැත. මීට කලින් කියලා ඇති අදාළ පොයින්ට් එකට කතා කරන්න කියලා. මටත් පුළුවන් Dr. බමුණුආරච්චි කියලා ලියන්න. Dr. තිබුණාම ඔක්කොම හිතන්නේ එයා වෛද්‍ය වෘත්තියට අයිතියි කියලා රට කොමිනිස් වුණාම දොස්තරගෙයි, පොල් කඩපු කෙනාගෙයි සමාජ වෙනස එකයි. කතා කරන්න උත්තර දෙන්න මගේ ප්‍රශ්නවලට. අනුර කුමාර කියන පුද්ගලයා ජනාධිපති වුණාම ඒ මාසේ ඉඳන් පොහොර හම්බ වෙනවාද? පැට්‍රල්, ඩීසල් හම්බ වෙනවාද? රටට හෝ ගාලා ඩොලර් හම්බ වෙනවාද? අපිට තිබෙන ප්‍රශ්නය ඒකයි. තමන් හැර අනික් අය හොරු කියන අනුර මහවැලියේ කාණුකැපුවා කියලා එයාම කියනවා. ලැබෙන එකම පඩිය පක්ෂෙට දීලා වාහන තියාගෙන ළමයි ස්විට්සර්ලන්තෙට යවලා මෑන් සැපට ඉන්න පොහොසත් වුනේ කොහොමද? මේක අතුරු ප්‍රශ්නයක්...

:       28       6

BamunuarachchiWednesday, 30 March 2022 04:22 PM

මම අවුරුදු 25ක් පිටරට වැසිකිළි හෝදලා මේ දුප්පත් රටට මේ වනවිට ඩොලර් පහළොස් ලක්ෂයක් විතර ඒවා ඇත. ඒ සල්ලි වලින් තමයි ඔහෙලා පාන් කෑවේ ළමයි කිරි බිව්වේ... මම රටට සේවයක් කළා කියලා සතුටු වෙන්න පුළුවන්... අපි එවන සල්ලි වලින් කන බොන ඔහේ රටට මොනවද කරලා තිබෙන්නේ? ඒ කියන්නේ මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා තුණ්ඩු කෑල්ලක් ගෙනෙන්න පොල් කාපු එකාට අයිතියක් තිබෙනවා කියලද කියන්නේ? කොන්දොස්තර කෙනෙක්ද කියලා සැකයි...

:       28       5

senaWednesday, 30 March 2022 12:01 PM

ඔය හැම දෙයක්ම ලැබෙනවා. එයාලා ඒවට වැඩ පිළිවෙළවල් සකස් කරලා තියෙන්නේ...

:       5       26

KanthiWednesday, 30 March 2022 12:52 PM

අනුර කුමාර ඉස්සෙල්ලාම පොහොර, පැට්‍රල්, ඩීසල් දෙන්න කලින් කඹ වගයක් දෙනවා බමුණුආරච්චිලා වගේ අයට එල්ලෙන්න.

:       5       43

BamunuarachchiWednesday, 30 March 2022 03:31 PM

හලෝ අපි ඒ කාලේ ගෙදර තිබුණු පරණ ටයර් දුන්නා... ප්‍රේමදාස මහතාට. ඒවායින් එයා ප්‍රයෝජනයක් ගත්තා. අපි එතැනත් ජෙප්පන්ට ඉදිරියෙන් සිටියා...

:       22       2

HemalWednesday, 30 March 2022 05:57 PM

මේ බමුණා පුළුවන් නම් ගොවි ජනතාව අතරට ඇවිත් ඔය පුරසාරම් කියන්න.

:       1       17

BamunuarachchiThursday, 31 March 2022 03:30 PM

Hemal ගොවි ජනතාවට මම කියන ටික තේරෙනවානම් ජෙප්පන්ගේ ජනබල වලට ඒවිද. මේ මිනිසුන්ට කියන අන්වර්ථ නාමය ෂීප් හෙවත් බැටළුවෝ. යන්න කිව්වාම යනවා නවතින්න කීවාම නවතිනවා රංචුව පාලනය කරන්නේ පුහුණු කරපු බල්ලෝ.

:       0       0

fairoosWednesday, 30 March 2022 01:21 PM

මේ රටට මෙච්චර වෙලත් වහල්ලු ඉන්නකන් කොහේ හරියන්නද?

:       3       32

senaWednesday, 30 March 2022 02:32 PM

මෙයා වහලෙක් නෙවෙයි. කොච්චර පහත් විදිහටද හිතන්නේ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට කියලා දෙනවා.මම හිතන විදිහට මෙයා ප්‍රගතිශීලියෙක්..

:       3       10

දර්ශන පෙරේරා Wednesday, 30 March 2022 02:00 PM

අනුර කුමාර බලයට පත්කරන්නේ ඩොලර් ගේන්නවත්, පෙට්‍රල්, ඩීසල්, පොහොර ගේන්නවත් නෙවෙයි. අනුර කුමාරගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් කලක් මහජතාවට බොරු සංවර්ධනයක් පෙන්නලා ඒවගේ සිය දහස් ගුණයකින් මහජන මුදල් හොරාකාපු, මේ රට ගෙවාගන්න බැරි තරම් ණය කරපු දේශපාලුවොයි, ඔවුන්ගේ සහචරයින්ගෙයි වංචනිකව උපයාගත් වත්කම් රාජසන්තක කරලා ඒවා නිවැරදිව ආයෝජනය කරලා මේ රටේ ණය ගෙවන්න...

:       6       40

BamunuarachchiWednesday, 30 March 2022 03:27 PM

ඔය හොරාකාපු මිනිස්සු මෙරට 1977 සිට පාලනය කළා.. ඒ නිසානේ මහවැලිය කරලා ඇපල්වතු ගත්තා කියන්නේ. එහෙම නේද? කොමිස් ගහපු මිනිස්සු 1977න් පස්සේ රටේ ඕනෑතරම් හිටියා. රට දැන් නැවතිලා තිබෙන්නේ කොතැනද? නැවතිලා තිබෙන්නේ ඩොලර් නැතිකම නිසයි. ඩොලර් තිබුණානම් රට සුපුරුදු විදිහට ගමනේ යනවා. අනුර බලයට එන්නේ ඩොලර් හොයන්න නොවෙයිලු... එහෙනම් මොන මගුලකින් රට දුවවන්නද? රටට විදුලිබලය අවශ්‍ය නම්, ඉන්ධන අවශ්‍ය නම්, බෙහෙත්හේත් අවශ්‍ය නම්, පිටි සීනි අවශ්‍ය නම්, ඒවා ගෙනෙන්න ඩොලර් අවශ්‍ය නම්.... අනුර ඩොලර් හොයන්නේ නැතුව මොකකින් රට දුවන්නද? රට ගොඩගන්නද? ඒකට උත්තර දෙන්න..

:       31       5

ChandraWednesday, 30 March 2022 04:01 PM

අපි නම් ජවිපයේ වැඩ පිළිවෙළ ගැන හොයලා බලලා දැනුවත් වෙලා ඉන්නේ... මේ බමුණා වගේ අන්තර්ජාලයවත් පරිශීලනය කරන්නේ නැති අය ඒවා දන්නේ නැහැ. මේ සියලු අර්බුදවලට විද්‍යාත්මක විසඳුම් ජවිපය ඉදිරිපත් කරලා තියෙනවා.

:       3       19

ATHK 69Thursday, 31 March 2022 09:24 AM

කට පාඩම් කරල දොස්තරල උනාට දේශපාලන බුද්ධිය 0 යි. මේ වගේ පශූ වෛද්‍යල හින්ද තමයි මේ රට හදන්න බැරි.

:       0       0

VINIVIDA Wednesday, 30 March 2022 07:25 AM

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඔබ සහ පක්ෂය සමාජවාදය සහ දනවාදය අතර දෝලනය වෙමින් තිබේ. ඔබලාගේ පක්ෂය පෝෂණය කරන්නාවූ බහුතරයක් JVP සාමාජිකයන් සිටින්නේ G 7 / G 20 රටවල රැකියා වල නියුතුව සහ පදිංචිය තෝරාගෙනය. සමාජවාදී රටවල් වන චීනයේ, කියුබාවේ හෝ උතුරු කොරියාවේ JVP සාමාජිකයන් රැකියාවල හෝ පදිංචිය තෝරාගෙන නොමැත.. ඔබලාගේ ගේ පක්ෂයේ සහ වෙනත් පක්ෂ නියෝජනය වුර්තිය සමිතින් රාජ්‍ය සේවයේ කරන්නාවූ අරගල නිසා වන හානිය සහ පුද්ගලික විසවවිද්යල සහ උසස් අද්‍යාපනය පුද්ගලික කරණය PPP ( විදේශ විස්වා විද්‍යාල සමග සම්බන්ද කර ) පිලිබදව ඔබගේ දැක්ම සහ විසදුම් ඉදිරිමත් කිරීම පහැදිලි කල යුතුය. වසර 10කින් ඔබ සිහින දකින්නාවූ ලංකාව නිර්මාණය කිරීමට නම් ඔබ සත්‍ය වශයෙන්ම සමාජවාදය සහ දනවාදය අතර දෝලනය නවතා අවංකවම යත්ර්ත්ය තේරුම් ගත යුතුවේ. ඉදිරියටත් මාධ්‍ය සකජා කිහිපයකට ඔබ සහබාගි විඉම වැදගත්වේ. බහුතරයක් JVP සාමාජිකයන් සිටින G 7 / G 20 රටවල සිටින මිතුරන් හෝ සාමාජිකයන් සමග සමාජවාදය සහ දනවාදය පිලිබදව සංවාදයක් මගින් සමාජවාදය සහ දනවාදය අතර වෙනස හොදින් අවබෝද වනු ඇත ( slvlog interview with anura )

:       36       8

pathiranaWednesday, 30 March 2022 12:08 PM

මම මෙයාලගේ වීඩියෝ ගොඩක් බැලුවා. දැනට එයාලා අර අන්ධානුකරණය සමාජවාදය අත්හැරලා තියෙන්නේ... එයාලා දියුණු ධනවාදයක් ගැන කතා කරනවා. මට හිතෙන විදිහට දැනට තියෙන හොඳම විකල්පය මෙයාලා... පරණ කණ්ඩායම් දෙකෙන් මොකක් ආවත් සිද්ද වෙන්නේ දැන් තියෙන දේම පමණයි.

:       5       34

BamunuarachchiWednesday, 30 March 2022 04:12 PM

එතකොට කාල් මාක්ස්ගේ පොත් කියවලා ජිනදාස විජේවීරට ඉගෙනගෙන තිබෙන්නේ අන්ධානුකරණ සමාජ වාදයද? අනුර ඇස් අරගෙන බලන්න යන්නේ කාගේ පොතේ තිබෙන සමාජවාදයද?

:       20       3

Bunny Preena Wednesday, 30 March 2022 09:03 AM

රැස්වීමක් තියෙනකොට මහජනයා සහභාගි වෙන එක හොඳයි. මොනවද ඒගොල්ලෝ කියන්නේ කියලා දැනගන්න. ඒකෙන් ගම්‍ය වෙන්නේ නැහැ.. ඔය ඉන්න හැම දෙනාම ඒ ගොල්ලන්ගේ අදහස් අනුමත කරනවයි කියලා. සාමාජිකයෝ නම් ඉතින් විසිල් පාරක් ගහලා ජයවේවා කියයි... වේදිකාවෙන් පළවන ඕනම අදහසකට... අපේ දේශපාලනයේ ස්වභාවය එහෙමනේ...

:       24       8

දර්ශන පෙරේරා Wednesday, 30 March 2022 09:29 AM

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය මේ වේලාවේ සම්පූර්ණ බලය පෙන්වන්න යෑම අනුවණකමක්... රටේ දැනට පවතින තත්ත්වය මත ඉදිරියේදී සිවිල් යුද්ධයක් ඇතිවීම අනිවාර්යයි. දැනටමත් කට්ටිය උත්සාහ කරනවා ඇති 87-89 වගේ මෙවරත් ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට සිවිල් යුද්ධය බැර කරන්න...!

:       7       26

C'U'Erathnage Wednesday, 30 March 2022 10:23 AM

නායක අනුරකුමාර මහත්මයාණනි, ඔබලාට මේ රටේ පාලනයට මහජනතාව බලය ලබාදීමට සූදානම්ව ඇත. නමුත් මන්ද අවිචාර බටහිරට යැපෙන සිහින ලෝකවල ජීවත්වීමට හුරුපුරුදු වී ඇති ගැති සංස්කෘතියකට හුරුවී ඇති ජනතාව ඉන් මුදවාගෙන රට සංවර්ධනය කිරීමට ජනතාව සුඛිත මුදිත කරවීමට ඔබලාට මෙන්ම ජනතාවට බොහෝ කැපකිරීම් සිදු කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා ඔබලා දැන් සිටම ජනතාව ඔබ සැලසුම් සහගතව මෙම අභියෝගයට මුහුණ දීමටත් රටට සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන රටේ ජනතාවගේ යහපතට යෙදවීමටත් විදේශ සංචිත වර්ධනය කරන සියළු ආයාත ආදේශන හා නිර්යාත ප්‍රවර්ධන කර්මාන්ත බිහිකිරීමටත්, සියළු රටවැසියන්ට රටේ දියුණුවට අවංකව දායක කරගැනීම වස් ඔවුන්ගේ ආකල්ප අභිවර්ධනය කිරීමටත්, දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින් මිදුණු අවංක රාජ්‍ය පාලනයක් ඇතිකිරීමට ඔබට රට වෙනුවෙන් නායකත්වය දියහැකි බව විශ්වාස කරමි. රටේ අභිවෘද්ධිය, සංවර්ධනය වෙනුවෙන් රට ගොඩ දැමීම වෙනුවෙන් වෙහෙස වී කැපකිරීම් කරමින් දායක වන ලෙස රටේ සියළු ජනතාවට ආරාධානා කිරීම කරන්න. ඒ සඳහා අවංකව නායකත්වය දෙන්න. ශ්‍රී ලංකාවට මේ සියළු අභියෝග ජයගෙන රට දියුණු කිරීමට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා...!

:       3       43

johan Wednesday, 30 March 2022 12:28 PM

අපේ රටේ විශාල ඡන්ද දායකයෝ කොටසක් ඉන්නවා හිඟන මානසිකත්වයෙන් පින් පඩියක් හදාගන්න සමෘද්ධිය හදාගන්නවා වගේ වැඩවලට ඡන්දෙ දෙන, මේ හිඟන පන්තියට තේරෙන භාෂාවෙන් කතා කරන්න මෙයාලට බැහැ...

:       2       13

Bamunuarachchi Wednesday, 30 March 2022 04:27 PM

පහළ ෆොටෝ එකේ ඉන්නේ අනුරගේ ඇමැති මණ්ඩලය වෙන්න ඇති. තුණ්ඩු කෑලි දෙන ඇමැති කවුද කියන්න පුළුවන් නම්...?

:       23       3

බැමිණිWednesday, 30 March 2022 06:43 PM

දැනට නන් තුණ්ඩු කෑලි දෙන්නේ රාජපක්ෂලා තමයි...

:       1       5

BamunuarachchiThursday, 31 March 2022 03:45 PM

ගෙදරට එන්න කියලද?

:       0       0

බමුණා Wednesday, 30 March 2022 06:16 PM

ඔය බමුණු කියන මහත්මයා අවුරුදු 25ක් පිටරට වැඩ කරලා $ 15, 00000 ලංකාවට එවල තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට $ 5000ක්. කොහේ වැසිකිලිද බමුණු මහත්තයෝ හේදුවේ? අපිටත් නැද්ද අවස්ථාවක් වැසිකිලි හෝදන්න?

:       0       0

බද්රානි Wednesday, 30 March 2022 06:49 PM

මෙතන නිකම් බිරුවට වැඩක් නැහැ. මොකද අපි නොදන්නවැයි ඔය කාගේ කාගේත් කෙරුවාව...! මුලින්ම කරන්න ඕනෑ අපේ රටේ මුදල් කොල්ලකාපු රාජපක්ෂ පරම්පරාව මේ රටේ දේශපාලනයෙන් විතරක් නොවෙයි, රටින්ම පන්නා දමන්නයි ඕනෑ. ඒ හොරාකාපු ධනය නැවත ලබාදිය යුතුයි. අන්න ඒකට හොරු නොවන ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් පත්කර ගැනීම තමයි මේ අවස්ථාවේ සුදුසු වන්නේ... නමුත් පොහොට්ටු තක්කඩි දේශපාලන කල්ලියේ හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂවල අවංක අය සිටිනවා. ඔවුනුත් සමග සියල්ලන්ම එකට එකතු වී මේ දැනට සිටින හොර කල්ලිය පන්නා දැමිය යුතුයි.

:       1       6

BamunuarachchiThursday, 31 March 2022 03:53 PM

බල්ලොත් එක්ක ජීවත් වෙනකොට් ඇසෙන්නේ බලු සද්දේ තමයි. හොරු නොවන ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක්? මල කෙලියයි. මහවැලියේ කානු කපපු අනුර පඩිය පක්ෂෙට දීලා ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන මෙහෙ වාහන තියාගෙන ඉන්න තරම් පොහොසත් උනේ කොහොම දේශපාලන බලයක් නැතිව? රාජපක්ෂලා කොහොම වෙතත් ජෙප්පන්ව නම් පැන්නුවා. ඇඹරි ඇඹරි බයිසිකලයක් පදින්න පොඩි විනෝදෙකට.

:       0       0

දර්ශන පෙරේරා Wednesday, 30 March 2022 08:04 PM

ඇපල් වතු කෙසේවෙතත් මහවැලිය හදලා ආසියාවේ ලොකුම පොහොසතුන් වුණු කට්ටිය විතරක් නෙමෙයි සහනාධාර, බදු මුදල්, සංවර්ධනය කියලා අධික පොළියට ණය අරගෙන වැඩි කොටස හොරකම් කරන කට්ටියත් ඉන්නවා. ඔබතුමා දන්නවාද මේ අවුරුද්දේ ඩොලර් මිලියන කීයක ව්‍යාපෘති කොමිස් ඉල්ලපු හින්දා රටට නැතිවුණාද කියලා (ඉල්ලපු පුද්ගලයත් දන්නවනේ?) මේ විදියට සෘජු විදේශ ආයෝජන එන්නේ කොහොමද? සිංගප්පූරුවේ, පැනමාවේ, ස්විට්සර්ලන්තය, අරාබි එමීර්, දකුණු අප්‍රිකාවේ සහ අනෙකුත් හංගල තියෙන තැන්වලින් ඩොලර් ගත්තානම් ලංකාවේ සමස්ත ණයෙන් වැඩි කොටසක් ගෙවන්න තිබුණා...

:       0       5

BamunuarachchiThursday, 31 March 2022 03:43 PM

ඔබ ඔය කතා කරන්නේ ජෙප්පන්ගේ කතා අහල නේද? අනුර කිව්ව විදිහට වරාය නගරය හදන්න සීගිරි ගලත් කැඩූවාද? මොකද ඇපල් වතු කෙසේවෙතත් කිව්වේ? අපල් වතු ගන්න ගහපු කොමිස් එකත් අපේ නය කන්දරාවට අයිතී නැද්ද?. ඕවට කියන්නේ කොමිස් ගන්නවා කියලා. කොමිස් ගනිල්ල හොරකමක් නොවෙයි. බස් ගෙන් වීම නිසා ලැබුන කොමිෂන් එක රජයට දීපු එකම දෙෂ්පාල්ඥයයි 1977 පස්සේ ලංකාවේ සිටියේ. කව්රුත් කොමිෂන් එක ගත්තා. මොකද ජෙප්පෝ නිකන් ඉඳි කියලද හිතන්නේ? ඔබ කියන විදිහට ව්‍යාපෘතිවල මුළු වියදමට වඩා හොරකම් කරලා තිබෙනවාද ? කාගේවත් කතා අහල කතා කොරන්න එපා තමන් හොයලා ප්‍රත්‍යක්ෂ කරගෙන කතා කොරන්න.

:       0       0

ජනමතය Friday, 01 April 2022 01:34 AM

සමහර අදහස් දක්වන බළල් අත්වල මතවලට යටනොවී අපේ රට හරි විදියට වෙනස් කරන්න ඒකාවන්ව පෙළ ගැසෙමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 15 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10621 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5285 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7470 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4986 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1249 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36520 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24205 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site