එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරුගේ කලින් පැවැති හෘද රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා තවදුරටත් ලන්ඩන් නගරයේ ශාන්ත බර්තෝලමියු රෝහලේ රඳවාගෙන සිටී. එඩින්බරෝහි අදිපාදවරයා ලෙසින් හැඳින්වෙන පිලිප් කුමරු, හදවත් සැත්කමකට පෙර කෙරෙන ප්‍රතිකාර මාලාවට සාර්ථකව මුහුණ දුන් බවත් බකිංහැම් මාළිගය නිවේදනය කරයි.
මේ වන විට 99 වැනි වියේ පසුවන පිලිප් කුමරු දින 16 ක කාලයක් තිස්සේ රෝහල්ගතව සිටී. පළමුවෙන්ම ඔහු ලන්ඩනයේ පිහිටි VII වැනි එඩ්වඩ් රෝහලට ඇතුළත් කරන ලදි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එංගලන්තයේ පැරණිතම රෝහල වන ශාන්ත බර්තොලමියු රෝහලට ඇතුළත් කරන ලදි.
මීට පෙර, වසර 2011 දී, රජපවුල නත්තල් සැමරීමට සූදානම් වන අවස්ථාවේදී පපුවේ වේදනාවක් හේතුවෙන් පිලිප් කුමරුන් සැන්ඩ්රින්ග්හැම් මාළිගයේ සිට ගුවන් ගිලන් රථයකින් (හෙලිකොප්ටරයකින්) පැප්වර්ත් රෝහල කරා රැගෙන යන ලදි. එහිදි පිලිප් කුමරුන්ගේ ධමනියකට කෘතිම දැලක් (STENT) ඇතුළත් කරන ලදි.
පිලිප් කුමරු තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ. එළඹෙන ජුනි මාසයේදී පිලිප් කුමරුට අවුරුදු 100 සම්පූර්ණ වෙයි.
(බීබීසී ඇසුරිණි - 085)
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිලිප් කුමරුගේ හෘද රෝගී තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර
pakeer Thursday, 04 March 2021 06:20 PM
ඔබට දෙවි පිහිටයි.!!!
Demuni Uduwara Thursday, 04 March 2021 09:42 PM
ඉක්මන් සුවය ලැබේවා..!!!
sachith Friday, 05 March 2021 03:13 AM
හරි වැඩේ... ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැද්ද මෙයාගේ විස්තර දාන්නේ..?
RaveendraFriday, 05 March 2021 06:48 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. කෙසේ වෙතත් හෙළයින් වූ අපගේ මුතුන් මිත්තන් සමූල ඝාතනය කළ ම්ලේච්ඡයින්ගේ ලේ ඥාතියෙකු වුවත් මොහුට ඉක්මන් සුවය පතන්නෙමු. එමෙන්ම මෙම රෝගියාව බැලීමට යාමේදී අපගේ මව්බිමේ හොඳින් හැදෙන වැඩෙන ගස්වලින් රැගෙන යන්නේ රන්තැඹිලි වල්ලක්ද ගොන්තැබිලි වල්ලක්ද නොඑසේ නම් දූරියන් ගෙඩියක්ද යන්න ගැටලුවකි.
නිහාල් Friday, 05 March 2021 08:07 AM
අපේ කළු හම නිසා මේ දවස්වල අපිව රෝහල් වලට වැද්ද ගන්නේ නැහැ.
කපුරු හාමි Friday, 05 March 2021 08:28 AM
තව අවුරුද්දකින් වසර 100 ක් සැමරුවා කියලා අලුතින් නිව්ස් එකක් දාවී. එයාලට මොන සැපද, මොනවායින් කියලා අඩුවක්ද?