IMG-LOGO

2025 අප්‍රේල් මස 04 වන සිකුරාදා


පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න

(යොහාන් භාසුර)

ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය අද (1) පැවසුවාය.

සමඟි ජන බලවේග කලා සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න මහත්මිය එසේ පැවසුවාය.

රටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට වාසි ගෙන දෙන ආකාරයට බදු මුදල් අඩු කර අදූරදර්ශී පාලනයක් ගෙන ගොස් රටේ ආර්ථිකය විනාශ කළ බවත් ඉන්ධන, කිරිපිටි නොමැතිව පෝලිම් ඇතිව ආර්ථික බර කුස්සියේ ඉන්න මවට දරාගැනීමට නොහැකි වීම නිසා කළාකරුවන් ලෙස තමන් ඇතුළු පිරිසක් පාරට බැස්ස ජනතාව සමඟ අරගලයක් කළ බවත් ඇය පැවසුවාය.

මෙරට ආර්ථිකය ඝාතන කළ පුද්ගලයන් තව දුරටත් මෙරට පාලකයන් නොවිය යුතු බව කී අබේරත්න මහත්මිය මහ පාරේ පුරවැසියන් ඝාතනය කරන තත්වයකට රට අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළාය.

තුවක්කු තියෙන්නේ වෙඩි තියන්න යැයි නීති හා සමය රකින ඉන්න අය ප්‍රසිද්ධයේ කියන තත්වයකට රට පත්ව ඇති බවත් මෙවැනි අවිනිශ්චිත තත්වයක රට පත්ව ඇති අවස්ථාවක රටට ආදරය කරන සංවේදී නායකයෙක් පත්කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට හොරු රැළක් ආරක්‍ෂා කිරීමේ වගකීම භාරගනෙ ඇති බව ද දමිතා අබේරත්න මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

මෙරට හෙනයක් සහ සාපයක් මැද සිටි කාලය අවසන් කළ යුතු බවත් රාජපක්‍ෂ සහ වික්‍රමසිංහ යුගයේ මෙරට පුරවැසියන් විදිය හැකි උපරිම දඩුවම් විද ඇති බවත් එහිදී සංගීත ශිල්පී පේෂල මනෝජ් මහතා පැවසීය.

හය වරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් අලුත් යුගයක් ගැන කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මාර නම් එක්සත් ජාතික පක්‍ෂය බිංදුවට නොවැටෙන බවත් පේෂල මනෝජ් මහතා කීය.

 



අදහස් (7)

පෝලිම් නැති කළාට මෝදි ජනපති කරන්න

S.B.Wellappili Thursday, 01 August 2024 10:58 PM

වාචාල කටක් තිබුනට පේසලට මොනවද කරන්න පුලුවන්

:       0       17

Bandara Thursday, 01 August 2024 11:28 PM

මොනවාද ඔයාලගේ සුදුසුකම්. ඛොරුවට කෑගහන්න කලින් නැතුව තමන්ගේ ප්‍රතිපත්තිය කියල ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙන්න.

:       0       13

රංබොඩ Friday, 02 August 2024 12:12 AM

මෙන්න බොලේ අර කලා කාරයෝ කියන N.G.O. නඩය ආයෙ බැහැලා. මොවුන් රටට ශාපයක්.

:       0       14

Nalaka Friday, 02 August 2024 06:49 AM

ආ කිනිතුල්ලෝ සෙට් එකක්නේ...

:       2       32

රෝයි ෆෙඩ්රික්ස් Friday, 02 August 2024 12:45 PM

දමිතා ඉල්ලන් කන්නද හදන්නේ? නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් ඉතිං කළ පව් වලට හිරුණිකා එක්ක හිරබත් කන්න වෙයි. බුදු අම්මෝ ඕන් නැති කතා කියන්න එපෝ...

:       0       24

kalum Friday, 02 August 2024 04:40 PM

කීයක්හරි හම්බකරගන්න ඇවිත්. තාම අර පින්ගොන් කියන කෙනා නෑ නේද?

:       0       17

Kahawita Monday, 05 August 2024 12:24 AM

මුඩුක්කුවක ඉඳලා ඇවිදින් තබ්ලා ගගහ හිටපු කෙනා යූ ටියුබ් වීරයෙක් වෙලා දැන් නිකන් ලොරි ටෝක් දෙන්නේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 04 462 1

ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මෝදි ලංකාවට පැමිණෙයි
2025 අප්‍රේල් මස 04 1146 1

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.


යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි
2025 අප්‍රේල් මස 04 334 1

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා


හිතවත්කමේ ගුවන් යානය හෙට මියන්මාරයට
2025 අප්‍රේල් මස 04 535 3

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි


ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගේ තටු ගළවයි
2025 අප්‍රේල් මස 04 2146 4

වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.


ට්‍රම්ප්ගේ බදු ඇමෙරිකා ආර්ථිකයට මරු පහරක්
2025 අප්‍රේල් මස 04 1636 2

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 129 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 378 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 901 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site