IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පොලිස් ඇමතිට මරණ තර්ජන

(ගයාන් සූරියආරච්චි)

දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයකු  දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ.

ස්ථාවර රටකට යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුවූ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති අතර ටිරාන් අලස් මහතා ‌තේ පැන් සංග්‍රහයක් සඳහා අමුත්තන්ගේ කාමරයට ගිය අවස්ථාවේදී මෙම දුරකථන ඇමතුම ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

විදේශ රටක සිට පැමිණි මෙම දුරකථන ඇමතුම හරහා තර්ජනය කර ඇත්තේ තව පෝය හතක් ඇතුළත  අමාත්‍යවරයා පිළිබඳ බලා ගන්නා බවට තර්ජනය කරමින් බව පැවසේ.

කෙසේ වෙතත් මෙම ගෙනයන මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර නොකරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.



අදහස් (14)

පොලිස් ඇමතිට මරණ තර්ජන

Don perea Friday, 22 December 2023 11:36 AM

නාට්‍ය ...

:       6       47

අරවින්ද මොනරවිල Friday, 22 December 2023 11:50 AM

පරණ නාඩගමක් අලුත් මුහුණුවරකින් පෙන්වනවා. මෙදා නිෂ්පාදනය සාගරගෙන්..., වැඩේ කියන්නේ රඟපාන්නේ කිසිම පළපුරුද්දක්, හැකියාවක් නැති ආධුනික නළු බට්ටෝ ටිකක්. ඔවුන් පමණට වඩා රඟනවා... ඒ නිසා දැන් ත්‍රිලර් ඩ්‍රාමා එක කොමඩියක් වෙලා... සාගලට හිතුණොත් ප්‍රේක්ෂක ආකර්ශණය මදියි කියලා ඉස්සරහට එන ඡන්දය දිනාගන්න. සමහර විට ඒක ට්‍රැජඩියක් කරන්නත් පුළුවන් බව සමහර විට රඟන මේ මෝඩ නළුවන් නොදන්නවා ඇති. නමුත් ඒක ඔන්න අපි කලින්ම කිව්වා...

:       5       46

Sachith Friday, 22 December 2023 11:51 AM

මේ දවස්වල කොම්බුවේ යන නාට්‍ය ලියන කෙනාද කොහේද මේ ඉන්නේ..

:       3       45

C.K.Lankaputhra Friday, 22 December 2023 12:02 PM

නාට්‍යක්ම නොවේ.. නාට්‍ය ක්ලිප් එකක්... ඇත්තටම මේ අය හිතාගෙන ඉන්නේ අපි තණකොළ කන මී හරක්මයි කියලාද? නොදකින් විතරක්....!

:       4       39

ජේ ආර් නානා Friday, 22 December 2023 12:20 PM

පෝය හතකට පස්සේ ඔවුන්ට කෙලවෙනවා කියලා ඔවුන්ම දන්නවා. ඒක නිසා මොනවා හරි ජඩවැඩක් කරලා ජනතා මනස වෙනස් කරන්නයි හදන්නේ. හැබැයි ජනතාව දැන් සතා කවුද කියලා තේරුම් අරන් ඉවරයි...!

:       4       37

Rata Perata Friday, 22 December 2023 01:00 PM

සමහරවිට තව සල්ලි ඉල්ලලා වෙන්න ඇති LTTE එකෙන්...!

:       1       22

wedage Friday, 22 December 2023 01:31 PM

පෝය හතක් මඩ විමනක් සැදුනයි එ විල මැද නෙලුමක් පිපුනයි කියල තමයි කියන්න වෙන්නෙ

:       1       16

Hafeel Friday, 22 December 2023 02:28 PM

අර වොයිස් කට් නාමල් කුමාරයා රට ගිහිල්ලද? බලන්න මේ රංග පාන්න හැටි. මාධ්‍ය හමුවූ පැවැත්වූ විගස විදේශ රටකින් ඇමතිට ඇමතුමක් එවිල්ල. එතකොට ෂණික ඔවුන් ක්‍රයාත්මක වෙලා. අනික ඔවුන් කොහොමද කලින් දන්නේ මෙම මාධ්‍ය හමුවූ ගැන?

:       1       17

duminda Friday, 22 December 2023 04:01 PM

පව් අනේ...!

:       2       8

Bamunuarachchi Saturday, 23 December 2023 04:11 AM

අල්ලගන්න පාතාලයින් පරලොව යවන්න. එකෙක් ඉතුරු කරන්න එපා. ජයවේවා..! ඊට විරුද්ධව කථා කරන්නේ පාතාලයින්ගෙන් යැපෙන අය...

:       3       0

Sharm Saturday, 23 December 2023 09:05 AM

අනේ පව්.. පුදුම කැපවීමක්නේ දෙයියනේ.. ඔය කෝල් එක දියවන්නාවෙන්ම ආපු එකක් වෙන්න බැරිද? මෙච්චර නටන්න ඕනෑද? අර මධුෂ් කොලුවා එහෙම වපුරපු නම් ගම් නැතුවයි... ඒ උන්දැලාව කුදලන් යන දා කවදා වේදෝ?

:       0       4

Perera Saturday, 23 December 2023 10:57 AM

අපිට දේශපාලුවන්ගෙන් අපේ ජීවිත වලට තර්ජන...

:       0       4

Saman Saturday, 23 December 2023 01:07 PM

උඩින් කමෙන්ට් දාලා තියෙන්නේ කුඩ්ඩෝ වෙන්න ඕනේ...!

:       3       1

Jayadewa Saturday, 23 December 2023 01:57 PM

මම දැන් කොහෙන්ද හිනාවෙන්න ඕනෙ කියලා කියන්නකෝ අනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 83 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1328 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 950 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 537 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 357 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1314 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39223 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site