IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පොලිස් ජීප් රියක් - ත්‍රිරෝද රථයක ගැටීමෙන් දෙදෙනෙක් මරුට

(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රඹාවැව නාරම්මල මාර්ගයේ කටුමුලුව ප්‍රදේශයේ දී කටුපොත පොලිසියට අයත් ජිප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද (28)  සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මියගොස් ඇත්තේ ත්‍රිරෝද රිය පැදවූ පුද්ගලයා  සහ ඔහුගේ නැන්දණිය වන අතර ඔවුහු 40 සහ 65 හැවිරිදි වියේ පසුවෙති.

මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබේ.

සිද්ධියෙන් ත්‍රිරෝද රථය පැදවූ අයගේ බිරිද සහ වයස අවුරුදු 10 සහ 15 පමණ වූ දරුවන් දෙදෙනා ද බරපතළ තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිපුර ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

අනතුරින් මියගිය අයගේ දේහයන් කටුපොත රෝහලේ තැන්පත් කර ඇත.

පොලිස් කොස්තාපල් රියදුරු තුවාල ලබා ඇති අතර  ඔහු  මේ වන විට අත්අඩංගුවේ පසු වන අතර කුරුණෑගලට  ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

පොලිස් ජීප් රථය රඹාවැව දෙස සිට කටුපොත දෙසට ධාවනය කරමින් සිට ඇති අතර වරෙන්තුකරුවෙකු රැගෙන පොලිසියට යමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ අල්ලාගත් වරෙන්තුකරු තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

ඡායාරූප - රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ



අදහස් (9)

පොලිස් ජීප් රියක් - ත්‍රිරෝද රථයක ගැටීමෙන් දෙදෙනෙක් මරුට

Sumanarathna Sunday, 28 February 2021 07:19 AM

මාධ්‍ය ප්‍රකාශකතුමා ඇයි නොකියන්නේ පොලිස් මහත්වරු ටික මත්පැන් පානය කරලා උන්නයි කියලා..?

:       1       30

සේනක~ඉතාලිය Sunday, 28 February 2021 07:21 AM

කියයි මිහිරි කථා... වරෙන්තුකාරයෙක් අරගෙන ගිය විදිහ, මේ තමයි විනයක් ගැන කතාකරන ශ්‍රී ලංකා පොලීසිය. අපරාදේ අහිංසක ජිවිත දෙකක් නැති කළා..

:       0       53

Ruhunu Sunday, 28 February 2021 07:51 AM

පොලීසියේ අය හිතාගෙන ඉන්නේ එයාලට වඩා අය තවත් නැහැ කියලා..

:       0       23

Nihal Sunday, 28 February 2021 08:08 AM

නීති විරෝධීව මෙරටින් පිටව යන්නන්ට බාධා කරන්න එපා..

:       1       14

Raveendra Sunday, 28 February 2021 08:33 AM

නැහැ නැහැ... මෙම ප්‍රවෘත්තිය තනිකරම අපේ රටේ පොලිසියට මඩ නාවන්නම කළ වැඩක්... මේ නම් වෙන ශ්‍රී ලංකාවක්, පොලීසියක්, නොහොබිනා රියදුරු මගමරුවෙකුගේ වැඩක්... අපේ රටේ පොලිසියේ ඉන්නේ කොච්චර හොඳ, නීතිගරුක රියදුරු කොස්තාපල් උන්නැහේලාද..?

:       1       17

bandara Sunday, 28 February 2021 10:04 AM

අනතුරක් වළක්වා නොගැනීමට සුළු දඩයක් ගහයි. අර අහිංසක ජීවිතවලට වගකියන්නේ කවුද? ඔන්න ලංකාවේ නීතිය..?

:       0       14

helaya Sunday, 28 February 2021 01:43 PM

නීතිගරුක පොලිස් නිලධාරීන්ට මොනවත් එහෙම කියනවා නොවේ. මෙහි පින්තූර දෙස බලන පොලිස් නිලධාරීතුමා සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් මුඛ ආවරණ පැළඳගෙන සේවය අකුරටම කරන ආකාරය... ශ්‍රී ලංකා පොලීසිය තරම් නීතිගරුක පොලිසියක් වෙන කොහේවත් නැහැ.

:       0       11

Perera Sunday, 28 February 2021 06:55 PM

ඔය නඩුවට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න පුළුවන්.

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 March 2021 08:02 AM

මෙහි කවුරුවත් නොදුටු පැත්තක් පෙන්වා දීමට කැමතියි. මේ රටේ පොලීසිවලට ලබාදී තියෙන්නේ තාක්ෂණයෙන් අඩු ඉන්දියානු ජීප් රථ වර්ගයි. මේවායින් බොරු අල්ලන්න ගොස් පෙරළීමට ගිය අවස්ථා එමටයි. පෙරදී තිබුණේ ජපන් ඡීප් රථ. ඒත්, දැන් ජපන් වාහන දේශපාලකයන්ට දෙනවා. පොලිසියට හුළං... අඩු තාක්ෂණයෙන් යුත් මේ රථ ඉවත් කොට නැවත ජපන් ජීප් රථ පොලීසියට ලබාදෙන්න. විය යුත්තේ එයයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 1 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 91 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 303 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 299 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 304 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 487 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site