(බී ජානක)
නාරාහේන්පිට ඇන්ඩසන් මහල් නිවාස සංකීර්ණයට අයත් පොලිස් නිල නිවසක් බිද රන්,රිදී ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ කුඩ්ඩන් දෙදෙනකු සහ එම රන් භාණ්ඩ සන්තකයේ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශය කියයි.
සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සොරා ගත් භාණ්ඩවලින් රන් ,රිදී මුදු ,මාල ,වළලු , දුරකථන 3 ක්, අත් ඔරලෝසු 5ක් සහා තවත් භාණ්ඩ රැසක් සැකකරුවන් විසින් පුද්ගලයකුට උකස් කර තිබියදී සොයාගත් බවත් භාණ්ඩවල වටිනාකම තක්සේරු කර නොමැති බව පොලිසිය පවසයි.
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් වන සැකකරුවන් 30 සිට 40 දක්වා වයස්වල පසු වන්නන් බවත් නාරාහේන්පිට මැල්වත්ත හා අභයාරාම වත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් නිල නිවසට පැන්න කුඩ්ඩන් දෙදෙනා අල්ලයි