IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිලධාරීන් රැකගැනීමට ජනපති ඉදිරිපත් වෙයි

(රංජන් කස්තුරි)

දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිඳු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බවද එහිදී ජනාධිපතිවරයා කියා තිබේ.

අපේ‍්‍රල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර,  එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ කි‍්‍රයාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප‍්‍රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්,  කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස්වීම්වලට අදාල ව සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු අතර, එම උසස්වීම්වලට අදාළව යොමු කළ යෝජනාවලිය පොලිස් කොමිසම විසින් අනුමත කිරීමෙන් අනතුරව මේ වන විට වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙන බවද, ඔවුන්ගේ ද අනුමැතිය යටතේ හැකි ඉක්මණින් කාණ්ඩ 03ක් යටතේ එම උසස්වීම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා තිබේ.

විශේෂ කාර්ය බලකායට නව භටයන් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විෂ මත්ද්‍රව්‍ය මැඩැලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද එහිදී සමාලෝචනය කර ඇත.

21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප‍්‍රදානයන් ලබාදීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එමෙන් ම සයින්දමරුදු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග කිරීමද එහිදී සිදු කෙරිණි.

 



අදහස් (12)

පොලිස් නිලධාරීන් රැකගැනීමට ජනපති ඉදිරිපත් වෙයි

upula Friday, 07 June 2019 03:49 PM

ඔවුන්ට අබ සරණයි

:       11       231

සෙනෙවි Friday, 07 June 2019 03:57 PM

පොලීසියේ අය රකින්න එ්ක හොඳයි. එ්ත් තමන්ගේ වගකීම පැහැර හැරීම එ් එක්කම වැහිලා යනවා නම් එය අනුමත කළ නොහැකිය. කවුරු වගකීම පැහැර හැරියද කියන එක ජනතාව දැනගැනීමේ වරද කුමක්ද? තමුන් පත්කළ කොමිසමින් එහෙම නොවෙනවද? කොමිසමේ වාර්තාව හෙළි නොකරන්නේ කුමක් නිසාද?

:       715       1587

Bamunuarachchi Friday, 07 June 2019 04:17 PM

නැතුව තේරීම් කාරකසභාවට දෙන සාක්ෂි තමන්ට අවාසිදායක නිසා නොවෙයිද?

:       645       1338

ජයන්ත මිලානෝ Friday, 07 June 2019 04:20 PM

එහෙම කරන එක හොඳයි. මොකද ඉහළම පොලිස් ලොක්කා ඇවිත් සායම ඇරලා හොඳටම හෝදන කොට ලැජ්ජා ඇති...

:       703       1511

RashmithaFriday, 07 June 2019 08:15 PM

ඔය කාරක සභාවේ ඉන්න අයට තියෙන අයිතිය මොකද්ද බුද්ධි අංශ ගෙන්නල ප්‍රශ්න කරන්න.

:       0       0

dhammika perera Friday, 07 June 2019 06:28 PM

තමුන්නාන්සේගේ කෙරුවාව එළිවෙනකොට ලැජ්ජා ඇති. තමන්ව ජනාධිපති පුටුවේ තිබ්බ ආණ්ඩුවටම පහරගහපු ගුණමකුවෙකුගෙන් රටකට මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආණ්ඩුව රට වෙනුවෙන් මොනවා කරන්න හැදුවත් හැම වෙලාවේම ඒකට එරෙහි වෙච්ච කෙනෙක්... ඉක්මනටම චුත වෙලා යන්න... !

:       1401       3013

Chanak los angeles Friday, 07 June 2019 08:59 PM

තොරතුරු දැනගැනීමේ අයිතිය නවත්වන්න බැහැ.

:       0       0

Dayan Saturday, 08 June 2019 03:57 AM

නායකයා බුද්ධිමත් කල යටත් සියලු දෙනාම ආරක්ෂා වේ. නැත්නම් කවුරුත් අනතුරේ.

:       0       1

lalithm Saturday, 08 June 2019 08:49 AM

හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් වග කිවයුතු අය හෙළිදරව් කලානේද? ඉතින් දැනට වැඩ කරන අයගෙන් ගන්න තොරතුරක් තියනවද?

:       0       5

Don Sunday, 09 June 2019 02:35 AM

පොලිසියේ හිටපු ඉහළම නිලධාරියාට සලකපු හැටි එයාගේ ප්‍රකාශවලින්ම කියවුණා. අනිත් අය ගැන කවර කතාද? තමන්ගේ හිත දන්නවා, ජාතික ආරක්ෂාව ගැන තමන් කොපමණ මෝඩ රාළ කෙනෙක්ද කියා.

:       0       12

nalaka Sunday, 09 June 2019 05:30 AM

දැන් මේ රටේ ඉන්නේ ගොඩක් හිතන්න පුළුවන් ජනතාවක්... රටේ ජනාධිපති වුණාම මීට වඩා වගකීමෙන් වැඩ කරන්න. අපි පෞද්ගලික අංශයේ සේවකයන් විදිහට අපිට පවරපු වැඩ හරියට වගකීමෙන් කරනවා.

:       0       1

thilak Monday, 10 June 2019 09:02 AM

පොලිස් නිලධාරින්ට තියෙන ආදරේට නෙමෙයි, එයාලත් ඇත්ත කිව්වේත් මෙයාගේ රෙදි ගැලවෙන නිසාදෝ මන්දා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 265 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1433 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 25 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1168 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 631 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site