IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම පොලිස් නිලධාරීන් සිවු දෙනා අතරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමෙහි සුරක්ෂිත ලෙස සඟවා තිබූ රුපියල් තුන්කෝටි එකළොස් ලක්ෂයකට අධික මුදලක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇතැයි අප පුවත්පත ඊයේ වාර්තා කළේය. මීට අමතරව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබූ ජීප් රියක්, නවීන යතුරුපැදියක්, සැටලයිට් දුරකථනයක් හා රුපියල් නවලක්ෂ හතළිස් දහසකට අධික මුදලක් ඇතුළු බඩු භාණ්ඩ රැසක් සොයාගත් බවද පොලිස් මූලස්ථාන උසස් පොලිස් නිලධාරියකු උපුටා දක්වමින් වාර්තා කළ එම පුවතෙහි සඳහන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් රාජකාරිය වන්නේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමය. මත්ද්‍රව්‍ය සංසරණය වැළැක්වීමය. කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමය. එසේ නොමැතිව කුඩු ජාවාරම්කරුවන් සමග එකට කුඩු ගැසීම නොවේ. කුඩු ජාවාරම්කරුවන් සමග යහන්ගත වෙමින් එක පතේ වැළඳීම නොවේ. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිවු දෙනා කර තිබෙන්නේ එසේ නොකළ යුතු දෙයමය. ඒ අනුව මෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් සිවු දෙනා අනුයුක්ත කිරීමට තිබුණේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයටය.

මන්දයත් එම නිලධාරීන් සිවුදෙනා කර තිබෙන්නේ එතරම්ම පහත් බලු වැඩක් වන හෙයිනි. එහෙත් පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අයත් සුනඛයන් නිල වශයෙන් සුනඛයන් ලෙස හැඳින්වුවද මෙවන් බලු වැඩ නොකරන බව එම පොලිස් නිල සුනඛයන්ට ගෞරවයක් පිණිස සඳහන් කළ යුතුය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතවැසියන් බවට පත්ව තමන්ගේ මඩිය තර කර ගත් නිලධාරීන් සිවු දෙනාට එක් අතකින් ස්තුතිවන්ත විය යුතුය. මන්දයත් එම නිලධාරීන් සිවු දෙනා නිසා සමාජය තුළ බරපතළ ලෙස සංවාදයට ලක්වෙමින් තිබෙන ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුණ හෙයිනි.

කාලාන්තරයක් පුරා මේ සමාජයේ කතාබහට ලක්වූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කුඩු තොගවලට සිදුවන්නේ කුමක්ද යන්නය. සැබැවින්ම එයට පිළිතුරක් නොමැතිකම නිසාම ජනයා විවිධ පිළිතුරු සිතාගෙන සිටියහ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මජර තක්කඩි අශිෂ්ට නිලධාරීන් සිවුදෙනා නිසා එම ප්‍රශ්නයට පිළිතුරක් ලැබී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගන්නා කුඩු තොග එම කාර්යාංශයේම නිලධාරීන් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වේ. එසේ බලනවිට මතින් තොර රටක් යනු මිරිඟුවක් විනා කිසි විටෙකත් මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් නොවන්නකි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සංවිධානාත්මකව සිදුවන අපරාධයකි. එය තනි ජාවාරම්කරුවකුගේ මෙහෙයුමක් නොවේ. එය වටා දූෂිත වළල්ලක් ඇත. එම දූෂිත වළල්ල තුළ ජාවාරම්කරුවෝ, ආරක්ෂක අංශවල දූෂිත නිලධාරීහු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීහු, තක්කඩි දේශපාලනඥයෝ සිටිති. අහම්බෙන් හෝ අනාවරණය වන සිදුවීම්වලින් එම දූෂිත වළල්ලේ පුද්ගල නාම එළියට පනී.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රකාශයක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ දූෂිත නිලධාරීන් සිවු දෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ. එම ලද තොරතුර සුළුවෙන් ගෙන පහසුවෙන් බැහැරට නොදමා පුළුල් පරීක්ෂණයක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම දූෂිත පොලිස් නිලධාරීන් සිවු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලැබී ඇත.

මෙම පොලිස් නිලධාරීන් සිවු දෙනා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළේ නින්දාසහගත අවමානයකි. එමෙන්ම මුළු මහත් ජාතියටම සිදු කරමින් සිටියේ මහ පොළොව නුහුලන අපරාධයකි. එම අපරාධය ගණනය කළ නොහැකිය. මුළු මහත් ජාතියක් මරණය කරා රැගෙන යාමට දායක වන්නකුට දිය හැකි දඬුවම් නීති සංග්‍රහය තුළ නොවේ නම් දෙගිඩියාවකින් තොරව රජ කාලයේ දඬුවම් ආදේශ කළ යුතුය.

 



අදහස් (8)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ

SL Tuesday, 30 June 2020 06:50 AM

මට පුද්ගලික අත්දැකීම් තියෙනවා. මෙයාලා අල්ලන්නේ කුඩුවලට ඇබ්බැහිවූවන්. කුඩු විකුණන්නන් ගැන පැමිණිල්ලක්වත් කරන්න මිනිස්සු බයයි. මොකද අනිත් පැත්තෙන් පණිවිඩේ යනවා කුඩු මුදලාලිට...

:       2       252

sarathTuesday, 30 June 2020 12:02 PM

පොලිසිය, අවංකවම කුඩුඋවදුර මැඩීමට කැපවී සිටිනවා නම්, ඇයි මහජනයාට නිර්නාමිකව කෙලින්ම පොලිස් මූලස්ථානයට මෙවැනි අපරාධකාරයින් ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ලබා නොදෙන්නේ?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 June 2020 07:06 AM

සත්‍ය වශයෙන්ම, මේ නිලධාරීන් අනුයුක්ත කිරීමට තිබුණේ පොලිස් නිල සුනඛ කොට්ඨාශයටය. එහෙත්, එසේ කළේ නම්, එය එම සතුන්ටද නිගාවකි. මන්දයත්.. එම සතුන් මේ නිලධාරින් මෙන් ගන්නා වැටුපට හා නිලයට ද්‍රෝහීවන්නේ නැත.

:       0       309

lanka Tuesday, 30 June 2020 09:40 AM

ඕක තමා අපි හැමදාම අහන්නේ... අහුවෙන ටොන් ගණන් කුඩු වලට මොකද වෙන්නේ..?

:       0       8

nandana Tuesday, 30 June 2020 10:01 AM

අද කුඩු විකුණන්නන් ගැන පොලිසියට පැමිණිලි කරන්න මිනිස්සු ඉදිරිපත් නොවන්නේ, ඒ අයට කුඩු මුදලාලිගේ මැරයින්ගෙන් හිරිහැර වෙයි කියන බයට. ඇයි පොලිසියට බැරි මහජනයාට නිර්නාමිකව කෙලින්ම පොලිස් මූලස්ථානයට මෙවැනි අපරාධකාරයින් ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක් ලබා දීමට නොහැකි..? මෙවැනි පැමිණිලි ප්‍රාදේශීය පොලිසිවලට දුන්විට ඒවායේ සිටින දුෂිත නිලධාරීන් ඒ තොරතුරු කුඩු මුදලාලිලාට ලබා දෙනවා. පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් අවංක සේවයක් කරනවා නම්, රටේ කුඩු උවදුර නැති කිරීම අපහසු කාර්යයක් නොවේ..

:       0       11

Lal Tuesday, 30 June 2020 11:01 AM

ගෝඨාගේ ආගමනයෙන් පසු රටට, ජනතාවට දැනෙන වෙනස කොහොමද..? වෙනස වෙනස් නොකරගෙන දිගටම මෙහෙම යමු.

:       0       0

lanka Tuesday, 30 June 2020 11:30 AM

අනේ මේ මිනිස්සු අහිංසකයෝ... මේ අය කුඩු අල්ලාගත්තාම දේශපාලකයා කෝල් කරලා ඒවා එළියට දාන්න කියනවා. මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුන්ගෙන් අහන්න කවුද එහෙම කෝල් කරන්නේ කියලා...

:       2       0

sena Tuesday, 30 June 2020 12:01 PM

මේ හතරදෙනා ඇල්ලුවා කියලා ප්‍රශ්නේ කෙළවරක් වෙන්නේ නැහැ. මොකද තව අවුරුදු කීපයකින් මේ අය එළියේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

කාලගුණයේ වෙනසක් අපෙක්ෂා කරයි
2025 මාර්තු මස 09 120 0

දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


රියැදුරයි - කොන්දයි බීමතින් නිදි:මගීහු පොලිස් ජිප් රියෙන් යති
2025 මාර්තු මස 08 1735 0

වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට


උතුරු මඟේ දුම්රිය දෙකක් අවලංගුයි
2025 මාර්තු මස 08 161 0

උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහ


මුතු පන්තිය ධීවරයන්ගේ අත මිට සරුවෙයි
2025 මාර්තු මස 08 1482 0

මුතුපන්තිය ධීවර ගම්මානයෙ මැදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි.


කාරයට යට වී කථිකාචාර්යවරිය මරුට
2025 මාර්තු මස 08 2264 0

කලුබෝවිල ජයසුමනාරාම පාර නිවසක් ඉදිරිපිට කාර්මික දෝෂයක් නිසා නවතා තිබූ කාර්රථයක් පන ගැන්වීමට යාමේදී එම කාර් රථයට යටවී කාන්තාවක් මිය ගිය බව කොහුවල පොල


සිසුවියන් 8 කට අතවර කළ ගණිත ගුරා රිමාන්ඩ්
2025 මාර්තු මස 08 695 0

දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 167 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 530 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site