IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පොලිස් සුනඛ කොට්ඨාසයට අලුත් සාමාජිකයන් 13ක් එක් වේ

(ජේ.ඉඳුරුවගේ )

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර බැල්ලියන් දෙදෙනකු  පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා එක් කිරීමට ඉකුත් 05 දා නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වූ Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35 දෙනා අතර සිටි English Springer වර්ගයේ ටෙන්පර්ඩ් සහ ලියා යන ගැබ්බර සුනඛ  දෙදෙනා විසිනි.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී උපත ලද මෙම පැටවුන් මෙන්ම බැල්ලියන් දෙදෙනා පොලිස් නිල සුනඛ කොට්ඨායේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.



අදහස් (4)

පොලිස් සුනඛ කොට්ඨාසයට අලුත් සාමාජිකයන් 13ක් එක් වේ

ගමේ එකාලා Friday, 12 July 2024 02:57 AM

පොලිසියේ ඉන්නෙත් වැඩි හරියක් පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න සුනඛ යෝ .පැටවුන්ට දාන්ඩ නම් නැත්නම් පොලිසියෙන් සහ දියවන්නාවෙත් හොයාගන්ඩ බැරිවෙන එකක් නැහැ .

:       1       2

Lalla Friday, 12 July 2024 07:44 AM

මෙතරම්ම පැහැදිලිව පේනවා පොලිසිය හෝ රටේ වගකිවයුතු කිසිම කෙනෙක් අවශ්‍ය විශේෂ බල්ලන් අභිජනනය කිරීමට පියවර ගෙන නැතිව ආනයනය කරන්න පොලඹවන බව. තිත්ත ඇත්ත අත යට ගානට යටවීම සහ විදෙස්‌ සංචාර වලට කෑදර කම.... දැන්වත් විශ්ව විද්‍යාල පශු වෛද්‍ය පීඨ වලට මුදල් වෙන්කර සත්ත්ව අභිජනනය ලංකාවේ ව්‍යාප්ත කරන්න...

:       0       11

Rupika Friday, 12 July 2024 11:27 AM

පෙරහරේ අලි ඇත්තු ගෙනයාමට විරුද්ධව එන්ජිඕ කදුලු හෙලන අයියලා දැන් මේ ගැන මොකුත්ම කියන්නෙ නැද්දෝ

:       2       3

විපරමා Friday, 12 July 2024 04:32 PM

පැටව් වැඩිනම් ඔවුන්ව මැදමූලනේට ගිහින් දාන්ඩයි තියෙන්නේ .. බල්ලෝ එක්ක ලැගලා හොඳට පුරුදු කට්ටිය එහේ ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2129 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1380 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2196 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 540 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3112 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site