(නිමල කොඩිතුවක්කු)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
පොලිස්පතිවරයා සොයා පොලීසිය වැටලීම් සිදුකරන බවත් හැකි ඉක්මනින් පොල්ස්පතිවරයා අත්අඩංගුවයට ගනු ඇතැයි ආණ්ඩුව විශ්වාසයෙන් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි
රම්බොඩ Tuesday, 04 March 2025 04:58 PM
ඇත්තටම එම පොලිස්පති තුමා කළ වරදක් ගැන අපි නොදනිමු. ඔහු බිය නැති එඩිතර නලධාරියෙක් වග පමණක් පුවත්වලන් කියවා ඇත්තෙමු. දැන් දැන් සිදුවන දේවල ගැන එ තරම් පැහදිලි අවබෝධයක් නැත. අධිකලෙස මාලිමා එන්කෙෆලයිටිස් රෝගයෙන් පෙළෙන අසරණයන් ට සතුටු වී අකුසල් ගොඩ ගසා ගැනීමට නම් හැකිය. මට අවශ්‍ය වන්නේ රටට හොඳක් වන අතරම කිසිවෙකුත් කිසිවෙකුගෙන් පළි නොගන්නා පරිසරයකි.
ප්‍රියන්තTuesday, 04 March 2025 05:27 PM
රම්බොඩ මහතා, මෙය දේශපාලන පලිගැනීමක් නොව, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසු ගරු අධිකරණය විසින් ගත් නීතිමය පියවරක් බව කරුණාකර අවබෝධ කරගන්න. එකම වෙනස මෙම රජය එම නීතිමය පියවරට අවහිර නොකර නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමයි.
කව්ද බෝයි Tuesday, 04 March 2025 06:42 PM
ඇත්තටම එම හිටපු පොලිස්පතිතුමා මීට කලින් අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුකොටගෙන පොලිස්පතිධුරය අහිමි වූවෙක්. දැනුත් අත්අඩංගුවට ගැනීමට හොයන්නේ, මීට වසර කිහිපයකට ඉහත සිදුවීමක් මුල්කරගෙන අධිකරණ වරෙන්තුවක් නිසාවෙනි. මේ කිසිම දෙයක් වත්මන් ආණ්ඩුව මූලික කරගෙන ආරම්භ වූ දේවල් නොවන බව අවබෝධ කරගන්න. වැරැදි වටහාගැනීම් නිසා මාලිමා එන්කෙෆලයිට්ස් රෝගය වැළඳිය හැකියි. මෙම රෝගය වැළඳුන අයෙකුට නිට්ටාවටම සනීප කළ නොහැකිය...!
Oscar Tuesday, 04 March 2025 07:01 PM
පොලිස්පති හොයාගන්න බැරි රටේ, දැන් සොයන අපරාධ සිද්ධකළ කාන්තාව සොයාගනීද?
ප්‍රියන්ත Tuesday, 04 March 2025 07:06 PM
රම්බොඩ, එම වරද ඔබේ ඔය කුහක මොලය නොදැනගත්තාට, අධිකරණය දැනගත්තාම අපිට ඇති...
ගුණරත්න Tuesday, 04 March 2025 07:07 PM
මේවා තමයි ලෝක විහිලු, කවදා අහපු කතාද මේ?
Lalith Tuesday, 04 March 2025 09:37 PM
මහත්තයෝ ඉස්සරවෙලා කෙල්ලව අල්ලගන්න.
Gon Wednesday, 05 March 2025 12:15 AM
ඕකා හොරා වහා අත්අඩංගුවට ගන්න
Perera Wednesday, 05 March 2025 05:13 AM
දේශබන්දු අවංක, එඩිතර පුද්ගලයෙක් නම් බය නැතිව ඇවිල්ලා චෝදනාවකට මුහුණ දීලා නිර්දෝශී බව ඔප්පු කරන්න පුළුවන්නේ. අධිකරණය මගහරිමින් හැංගි හැංගි ඉන්නේ නැතිව.
රටවැසි ඇත්තෙක් Wednesday, 05 March 2025 07:02 AM
අධිකරණයෙන් අවසරයි. අධිකරණය වුනත් කැකිල්ලේ තීන්දු දෙන්නේ නැත්නම් එච්චරයි අපිට ඕනෑ. මතක විදිහට නම් මේ පොලිස් නිලධාරියාව ඔහු පොලිසියේ කියලා දැනගෙන වෙඩි තිබ්බේ නෑ. ඔහු කොළඹින් ආපු කට්ටිය එක්ක ආවේ. ඔවුන් තමන් එහෙම සිවිල් ඇඳුමින් එන බවක් වැලිගම පොලිස් බල ප්‍රදේශයට දන්වා තිබුණේ නෑ. කොළඹින් ආපු කට්ටිය වැලිගම හෝටලයකට වෙඩි තබද්දී ඒ ආරංචිය ලැබිලා ආපු වැලිගම පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසුණු අය සිටි වෑන් එකේ හිටි අයට වෙඩි තිබ්බේ ඔවුන් පොලිසිය බව නොදැන කියලයි ඒ කාලයේ නිව්ස් වලට කිව්වේ. ඉතින් කවුද හරි කවුද වැරැදි කියලා අපි දන්නේ නෑ. නමුත් දේශබන්දු අත්අඩංගුවට ගන්නේ කට්ටි දෙකම ඔහුගේ යටතේ නිසාද නැත්නම් කාගේ පැත්තට ඔහු සිටි නිසාද කියලා අපිට පැහැදිලි නෑ. ගරු අධිකරණය ඔය ටිකත් කියනවා නම් කැමැතියි.
ලූට මූස්Wednesday, 05 March 2025 03:27 PM
මුළු රටම දන්නා හේතුව මේ රට වැසියා දන්නේ නෑ…!
වසන්ත Wednesday, 05 March 2025 07:46 AM
කාගෙ හරි හිටපු ඇමැති කෙනෙකුගේ ගෙදරක ඇති
Toni Wednesday, 05 March 2025 12:30 PM
අන්දරේට කතිරෙ ගහලා කරගත්තු හරියක්...
fairoos Wednesday, 05 March 2025 12:40 PM
රනිල් රාජපක්ෂලාගේ ගෙවල් පරීක්ෂා කරන්න.