IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිස්පතිගෙන් පොලිස් පරීක්ෂක සමන්ට එරෙහිව පැමිණිල්ලක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තම නම භාවිත කරමින් පාතාල නායකයන්ගෙන් මුදල් ලබා ගන්නා පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (10) ප්‍රකාශ කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගීත් කරුණාරත්න මහතා ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ බව පැවැසුවේය.

මීට පෙර පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල්, කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මෙ වෙත ලබා ගත්තා යැයි පවසන හඬ පටවල තිබෙන කටහඬ ඔහුගේ දැයි තහවුරු කර ගැනීම සඳහා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස පද්මලාල් තැනැත්තාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දෙවරක් නියෝග කර ඇතත් ඔහු එම නියෝගද කඩකර තිබෙන බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව අත් අඩංගුවට ගනීවි යැයි බියෙන් සිටින ඕනෑම පුද්ගලයෙකු අතින් එවැනි දෙයක් සිදුවිය හැකි බව පැවසූ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා දුරකතන සංවාදවල හඬ පටයන්හි තිබෙන කටහඬ තහවුරු කරගැනීම සඳහා ලබන 16 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තාට ඊයේ(10)  නියෝග කළේය.

එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව එළඹෙන ජූලි 15 ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එතෙක් විත්තිකරුව අත් අඩංගුවට නොගන්නා බවට පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීන් ලබා දුන් පොරොන්දුව මත එළඹෙන 16 වැනිදා තෙක් සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා අත් අඩංගුවට නොගන්නා ලෙසද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය.

එසේම විත්තිකරුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් අධිකරණයේ මෝසමක් ගොනු කර ඒ සඳහා අවසර ගන්නා ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.



අදහස් (2)

පොලිස්පතිගෙන් පොලිස් පරීක්ෂක සමන්ට එරෙහිව පැමිණිල්ලක්

sam Saturday, 11 May 2024 04:25 AM

වෙලාවට ගණුදෙණු පියෙව්වේ නැති වුණාම මෙහෙම වෙනවා...!

:       0       3

Perera Saturday, 11 May 2024 02:10 PM

මුට්ටිය කියනවා... කට්ටිය කලුයි කියලා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 161 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 173 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 363 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 353 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site