IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ

(ජේ.ඉඳුරුවගේ සහ ගයාන් සුරියආරච්චි )  

මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව  දැනුම් දෙයි.

මේ පිළිබඳව තමන් යටතේ සිටින සියලු පොලිස් නිලධාරීන් දැනුවත්කරන ලෙස සඳහන් කරමින්  පොලිස්පතිවරයා  පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහල පොලිස් නිලධාරීන් වෙත ලිපියකින්  දැනුම් දී තිබේ.

 පොලිස් නිලධාරීන් ගේ විව්ධ ක්‍රියාකාරකම් වීඩියෝ කරන අවස්ථාලදී ඇතැම් පොලිස් නිලධාරීන් එම වීඩියෝගත   කරන   පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්,වීඩියෝ දර්ශන ලබා ගන්නා ජංගම දුරකතන හා පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම්   වාර්තාවී ඇති බවත් මෙම ලිපිය මගින් දැනුම් දී ඇත.

 මෙලෙස   වීඩියෝ ගතකරන සංස්කරණය නොකළ දර්ශන අපරාධ හෝ සිවිල්  නඩු කටයුතුවලදී සාක්ෂි පනතට අනුව විත්ති හා පැමිණිලි පාර්ශ්වයන් දෙකටම සාක්ෂි ලෙස  ප්‍රයෝජනයට ගතහැකි බවද වැඩ බලන පොලිස්පතිවරයා එම ලිපිය මගින් දැනුම් දී ඇත.



අදහස් (6)

පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ

Perera Friday, 01 November 2024 12:11 PM

ඕක චක්‍රෙල්ඛනයක් විදිහට දන්වලා තියෙන්නේ?

:       0       24

prabash Friday, 01 November 2024 12:58 PM

ඉතා හොඳ දැනුවත් කිරීමක්... ගිය සතියේ යූටියුබ් එකේ තිබුණා වීඩියෝ කරන කෙනෙකුට ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් නරක විදිහට බනින දර්ශනයක්...

:       0       37

බකල ජයා Friday, 01 November 2024 01:22 PM

මේ අයව තව හීලෑකරල ගන්න ඕන. මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න බැරි තිරිසන් පාලකයින් යටතේ, තිරිසනුන් වගේ හැසිරුණ පොලීසියට තව ගොඩක් දේවල් තියනව නියම පොලිස් ක්‍රියාකාරකම් ගැන ඉගෙනගන්න.

:       1       34

රම්බොඩ Friday, 01 November 2024 01:55 PM

මේවා මේ රජයේ පිස්සු ආකල්ප. හැම දේකටම පාලනයක් තියෙන්න ඕනෑ. නැත්නම් නිලධාරීන්ට රාජකාරි කරන්න බැරිවෙනවා...!

:       59       10

බණ්ඩාරFriday, 01 November 2024 03:49 PM

පගා ගහන පොලිස් කාරයෙක් නේද?

:       1       23

Nihal Friday, 01 November 2024 10:10 PM

තහනමක් නෑ කියලා කලකට පෙර අජිත් රෝහණ මහත්මයත් කීවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 56 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 6 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 559 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 362 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 225 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 879 4

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site