IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොලිසිය කොල්ලුපිටිය - වැල්ලවත්ත මුහුදු ප‍්‍රදේශ පවිත‍්‍ර කරති

(ඉන්දිකා රාමනායක)

පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් 400 දෙනකුගේ සහභාගීත්වයෙන් කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත  දක්වා වූ මුහුදු ප‍්‍රදේශය පවිත‍්‍ර කිරීමේ වැඩසහටනක් අද (25) පැවැත්විණි.

එම අවස්ථාවට පොලිස්පතිවරයා , උසස් පොලිස් නිලධාරීන්  හිටපු කි‍්‍රකට් නායකයන් වූ සනත් ජයසුරිය,  ටී.එම්.ඩිල්ෂාන් යන මහත්වරුද සහභාගි වුහ.

හිටපු කි‍්‍රකට් නායක සනත් ජයසූරිය මහතා පොලිස් නිලධාරීන් සමඟ එකව පිරිසිදු කිරීම්වල නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූප -පොලිස් මාධ්‍ය අංශය

 

 

 



අදහස් (8)

පොලිසිය කොල්ලුපිටිය - වැල්ලවත්ත මුහුදු ප‍්‍රදේශ පවිත‍්‍ර කරති

mihira Monday, 25 November 2019 01:58 PM

ඉතාම හොඳ වැඩක්... දිගටම කෙරුණොත් හොඳට තියේවි රට...

:       0       176

Gamarala Monday, 25 November 2019 03:27 PM

හොඳ වැඩක් වුණත් හැමදාම කරන්න බැහැ. මේ එක්කම ජනතාව දැනුවත් කළයුතුයි. බොහෝ දුම්රිය මගින් හිතන්නේ දුම්රිය මාර්ගය... දුම්රිය ස්ථානය, මුහුදු වෙරළ තමන්ගේ දෙයක් නොවෙයි කියලයි. ඒ අය දැනුවත් කළයුතුයි. තමන් අවට පරිසරයත් තමන්ගේ දෙයක් වගේ පිරිසිදුව තබාගන්න.

:       0       208

Akila Monday, 25 November 2019 04:13 PM

අපේ මුහුදු වෙරළවල් වල ප්ලාස්ටික්, පොලිතීන් වලින් අපවිත්‍රයි කියලා ලෝකෙම ප්‍රසිද්ධයි. වෙනම ආයතනයක් හදන්න වෙනවා මුහුදු වෙරළවල් පිරිසිදු කරන්න

:       0       12

vidya Monday, 25 November 2019 06:07 PM

මේ වැඩේ ඉතාම හොඳයි. නමුත් පොලිසේ නිලධාරීන් කල යුත්තේ අදට පරිස්සමින් පාර හරහා මගියෙකුට කිසිම බයක් නැතිව ගමන් කිරීම සඳහා හරි නීතියක් කිරීමට මෙම නිලධාරීන් යෙදවිය යුතුය. අඩුම තරමේ තරුණ ළමයි අපොස සාමාන්‍ය පෙළ අවසාන කල පසු මෙවැනි සමාජ සේවයන් මාස 6 ක කාලයක් කිරීමේ වැඩ පිළිවෙලක යෙදවිය යුතුය. එතකොට තමයි රටට ආදරය ඇති මිනිසුන් බිහි වන්නේ. ඊශ්‍රාලයේ මෙවැනි වැඩසටහන් තියනවා. තරුණ දරුවන් පිරිසක් පුරන්වී තියන කුඹුරු අස්වද්දන වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා. එම තරුණ තරුණියන්ටත් අතහිත දීලා හොඳ වැඩ සටහනක් කිරීමට පුළුවන්. මෙය අදහසක් පමණයි

:       0       31

Raveendra Tuesday, 26 November 2019 12:44 AM

බොහොම හොද වැඩසටහනක්. අප මෙය ඉහලින්ම අගය කරන්නෙමු. සෑම නගරයකම විශේෂයෙන් පොදු ස්ථාන මෙසේ පිරිසිදු කර එලෙසම පවත්වාගැනීමට පුරවැසියන් වන අපගේ වැඩි වගකීමක් බවත් එයට අප පුර්ණ සහය දැක්විය යුතු බව අපගේ අදහසයි.

:       0       45

manjula Tuesday, 26 November 2019 02:19 AM

ඉතා හොදවැඩක්. සියලුම පිරිසිදු කරන්නන් හට අත්වැසුම් ලබා දීමට කටයුතු කරන්නේන. එසේම පොලීසිය වැනි ඉහල වැටුප් ලබන්නන් මෙම කාර්යයේ යෙදවිම කෙතරම් යෝග්‍ය දැයි සිතා බලන්න. විශේෂ නිපුණතා නැති පුද්ගලයන් වඩාත් යෝග්‍ය වේ. පා ආවරණද අනිවාර්ය කළ යුතු වේ.

:       10       16

sharm warn Tuesday, 26 November 2019 03:39 AM

ඉතාම හොඳ වැඩක්. ඒ වගේම පොලිසියෙන් මෙය ආරම්භ කිරීමත් ඉතාම හොදයි. ජනතාවත් ඒ සමග ම දැනුවත් කල යුතු වෙනවා වගේම මේ යහපත් ක්‍රියාව පවත්වාගෙන යා යුතුයි.

:       0       26

Gajan Tuesday, 26 November 2019 06:28 AM

කරැණාකර සුලු සුලු වැරදි කළ අයට දඬුවමක් වශයෙන් මෙ කාර්යයන් වලට යොදවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 85 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 96 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1564 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1314 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31655 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23785 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site