(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කොස්ගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් නිරුවත් කර පැය පහකට ආසන්න කාලයක් අමානුෂික ලෙස පහර දී වද දී එම ව්‍යාපාරිකයාගේ බිරිඳට ද පොලිස් නිළධාරියෙකු පහර දුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සබරගමුව පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි
කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 19කට ආසන්න මුදලක් සහ භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට තමන්ව බිරිඳ සහ ඇයගේ මව කොස්ගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බවත් එහිදී තම බිරිද ගේ කණට පොලිස් නිළධාරියෙකු පහර දුන් බවත් මේ හේතුවෙන් ඇයගේ කන් ඇසීම දුරුවල වී ඇති බවත් එම පැමිණිල්ලෙහි සදහන් වේ
එසේම පසුව රාත්‍රි 9 ට පමණ තමන්ව නිරුවත් කර පොලිස් ස්ථානයේ කාමරයක් තුලට රැගෙන ගොස් අත් දෙකට මාංචු දමා උඩ එල්ලා පැය පහකට ආසන්න කාලයක් පුලුවලින් සහ අතින් පයින් පහරදී අමානුෂික වද හිංසා කළ බවත් ඒ අතරතුර කොච්චි මිරිස් කොටා එහි ඉස්ම තම ඇස් දෙකට වත්කර පසුව ශරීරය පුරා ආලේප කරමින් වද දුන් බවත් පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයෙකු වන උදාර මධුසංක කිත්සිරි නැමැති 29 හැවිරිදි ව්‍යාපාරිකයා සිදුකල පැමිණිල්ලෙහි සදහන් වේ
ඉකුත් 4 වන දා රාත්‍රි මෙම තිදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර අද (06) අළුයම පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් සදහන් වේ
එසේම අදාල පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කලහොත් තමාව ඝාතනය කරන බවට කොස්ගම පොලිස් ස්ථානාධිපතිවරයා තර්ජනය කල බවත් ව්‍යාපාරික උදාර මධුශංක කිත්සිරි එම පැමිණිල්ලෙහි සදහන් වේ
පහර දීම නිසාවෙන් තම ශරීරය පුරා තුවාල කැලැල් තිබෙන බවත් වළලුකර අසල තුවාල සිදුව පවතින බවත් සදහන් වේ
අදාල සිදුවීමේ දී පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා ගේ බිරිඳ වන හෂිණි චමීන්ද්‍ර නැමැති 29 හැවිරිදි එක්දරු මවක් ද තමන්ගේ කණට පොලිස් නිළධාරියෙකු පහර දුන් බවට පැමිණිලි කර ඇති බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි
අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා අසනීප තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී සබරගමුව පළාත බාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියක පැවසුවේය පොලිසියේ උසස් නිලධාරියෙකු යටතේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්ත මහතාගෙන් දුරකතනයෙන් කල විමසීමකදී මෙසේ කීය
"නිවාස බිදුම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු රැගෙන ආවත් පහරදීමක් සිදු කලේ නෑ. ඔහුට ඇප දුන්නෙත් මමයි. ඝාතනය කරන බවට කිසිදු තර්ජනයක් සිදු කලේ නෑ. කෙසේ වෙතත් මේ පිළිබදව සොයා බලන්නම් "
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අ
උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික
හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසිය පොලුවලින් පහර දුන්නැයි ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්
Ranjith Friday, 06 September 2024 09:30 PM
පොලිසිය අයියෝ දෙයියනේ...!
ගමේ එකාලා Friday, 06 September 2024 10:58 PM
සිද්ධාලේප දේසබන්දුවගේ ජාතියේ අය වෙන්න ඇති. පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න එකාලා. අදාළ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
Swene Haputhantirige Saturday, 07 September 2024 04:53 AM
පොලිස්පති වෙන්න බලාගෙන කරන ඒවාද දන්නේ නැහැ...
Bunny Preena Saturday, 07 September 2024 09:45 AM
වෙනසක ආරම්භයට තව නපුරු දවස් 13යි...!
Bunny Preena Saturday, 07 September 2024 10:16 AM
අතින් පයින් ගහන එක දැන් පොලිසිය නවත්තලාද තියෙන්නේ..?