IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අධික වේගයෙන් ධාවනය කළ සුඛෝප භෝගී මෝටර් රථයක් ඕස්ට්‍රේලියා පොලිසිය විසින් තලා පොඩි කර විනාශ කර දමන ලදි.

පැයට කිලෝ මීටර 253 ක අධික වේගයකින් ධාවනය කළ මෝටර් රථයක් තලා පොඩිකර දැමීමු අතර සමාජ මාධ්‍ය තුළ සැරිසරන එම වීඩියෝව දැක රියදුරෝ භීතියටත් පුදුමයටත් පත්වූහ.

හෝල්ඩන් කොමඩොර් වර්ගයට අයත් මෙම මෝටර් රථයේ වටිනාකම ඩොලර් 30000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 95 ක්)පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දී ඇති නව නීති යටතේ මෙම රථය විනාශ කිරීමට පොලිසියට නීතියෙන් අවසර හිමි වී ඇති අතර පසුගිය සිකුරාදා එසේ මෝටර් රථය විනාශ කර දැමීමෙන් නොසැලකිලිමත් රියදුරන්ට පණිවිඩයක් ලබා දුන් බව පොලිස් නිලධාරීන් පවසා ඇත.

පසුගිය ජනවාරි මාසයේ 30 වැනිදා එල් බෝර්ඩ් එකක් සහිතව ටරෙල් පවර් විලියම්ස් නම් 20 හැවිරිදි තරුණයා  අධික වේගයෙන් ඔහුගේ හෝල්ඩන් කොමඩොර් වර්ගයට අයත් මෝටර් රථය ධාවනය කර ඇති අතර එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව අත් අඩංගුවට ගත්තේය.

ඕස්ට්‍රේලියානු නීතිය යටතේ එල් බෝර්ඩ් එකක් සහිතව රිය ධාවනය කරනු ලබන පුහුණුවන රියදුරකුට මෝටර් රථය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර 100 කි.



අදහස් (8)

පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

කිරිපුතා Saturday, 19 August 2023 11:04 PM

අපේ රටේ නම් ඇමැතිට කතා කළා. කාර් එකත් එක්ක කොල්ලා ගෙදර. ඒක අල්ලපු පොලිස් නිලධාරියා ඇතුලේ...!

:       1       18

Dharmatileke Saturday, 19 August 2023 11:26 PM

ඔන්න නියම පොලිසියේ වැඩ...

:       1       13

ගමේ එකාලා Sunday, 20 August 2023 12:49 AM

ඒකටත් එක්ක අපේ රටේ? ඉගිල්ලෙන්න හදනවා. ජීවිත නැති කරලත් බේරෙන අය ඉන්නේ...

:       0       11

Kumarasiri Sunday, 20 August 2023 01:14 AM

අන්න නීතිය, අන්න පොලීසිය... මෙවැනි දේවල් ලංකාවේ දකින්න තව ආත්ම ගණනාවක් ඉන්න වේවි.

:       0       13

තිලකරත්න Sunday, 20 August 2023 05:04 AM

ඒකට අපේ රටේ කට්ටියගේ වැඩ කොහොමද බලන්න? වාහනයකට යටකර නැත්නම් හප්පා මැරුවත් රියදුරා ලොක්කෙක්ගේ පුතෙක් නම් ඌ නොවෙයි... නීතිය හමුවට ගේන්නේ වෙනත් එකෙක්. එහෙම කළාම අන්තිමේ දෙන්නම නිදහස්. මැරුණු කෙනාගේ පවුලේ අයට පාඩුවක් විතරයි...

:       0       9

primeshika Sunday, 20 August 2023 06:40 AM

දියුණු රටක වුණත් මේක හරිම මෝඩ නීතියක්. භෞතික වස්තුවක් විනාශ කිරීමට වැඩ... එම රථය පැදවූ පුද්ගලයාට එම රථයෙයි, වටිනාකමට දඩයක්... නියම කළේ නම්..., භෞතික වස්තූන්ගෙන් පළිගැනීමකට අවශ්‍ය නොවනු ඇත..

:       10       5

චන්දන Sunday, 20 August 2023 07:21 AM

මෙන්න මෙවැනි දඬුවම් තමයි අද වෙනකොට ඕනෑ. ලංකාවේ මාර්ගවල කිසිම නීතියක් ක්‍රියාත්මක නැහැ. මෙතරම් අනතුරු වෙලත් ජීවිත අහිමි වුණත් නීතිය වල් වැදිලා. මෝටර් සයිකල්, හෙල්මට් නැතුව නගර තුළත් යනවා. ඊයේ මගේ ඇහින් දැක්කා වැඩිහිටියෝ දෙන්නයි ළමයි 3 දෙනයි ස්කූටියක යනවා. පාලනය කරගන්න බැරුව පාර පුරා. පොලිසිය නොදැක්කා වගේ හිටියා. මේක වුනේ ගාල්ලේදී...

:       0       5

රංජිත් Sunday, 20 August 2023 06:24 PM

දියුණු රටක් කිව්වාට මෝඩ තීරණයක් හා ක්‍රියාවක්... රටේ මුදල් තමයි නැතිවෙන්නේ...

:       10       2

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 111 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 36 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 120 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 326 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1996 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3783 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 354 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1379 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site