(රුමේෂ් එම් වීරසේකර)
පොළොන්නරුව ,දියබෙදුම පොලිසියේ සිව්දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදි දෙකකින්,තමාගේ ජංගම දුරකථනය උදුරා ගනිමින්,යතුරුපැදියට නංවාගෙන ගොස් පොලු වලින් පහරදුන් බව, ආර් 57, දිග්ගල්පිටිය ලිපිනයේ පදිංචි 31 වියැති දෙදරුපියකු වන ඩබිලිව්.ජී. මහේෂ් රණරාජා විජේසූරිය මහතා පැවසීය.
වෘත්තියෙන් පෙදරේරුවකු වූ ඔහු පැවසුවේ තමා නීති විරෝධී අරක්කු විකුණන බවට චෝදනා කරමින් සිවිල් ඇඳුමින් සැරැසුණ පොලීසියේ සිව්දෙනා තමා රැගෙන ගොස් දිග්ගල්පිටිය ප්‍රදේශයේ, බැංකුවක් අසලදී පොලු හා අතින් පයින් පහරදී දියබෙදුම පොලිසියට රැගෙන ගිය බවයි.
තමාට දිග්ගල්පිටිය ප්‍රදේශයේ මූල්‍යය බැංකුවක් අසලදී පහරදෙන ආකාරය ආරක්ෂිත කැමරාවල හොඳින් සටහන් වී තිබෙන බවත්, තමා මේ පිළිබඳ පොලිසියට වෙනම පැමිණිල්ලක් නොකළේ පොලිසිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමති නිසා බවත් ඔහු කීවෙිය.
එමෙන්ම මේ පිළිබඳ ආරක්ෂක ඇමතිවරයා ඇතුළු පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසද තමා ඉල්ලා සිටින බව රණරාජා විජේසූරිය මහතා කීවේය.
අප මේ පිළිබඳව දියබෙදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.සී. මධුසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, පහරදුන් සිව්දෙනාට විරුද්ධව ඉදිරී පියවර ගැනීමට කටයුතු කරන බවයි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලීසියේ හතරක් දෙදරු පියෙකුට පහරදීලා