IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පොලිසියට පහර දුන්නැයි පෙරටුගාමී සාමාජිකයන් රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් සිව් දෙනාට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය..

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ විනී වර්ණසේකර,හේරත් මුදියන්සේලාගේ අශෝක, තුසිත අරවින්ද, මහේෂ් ප්‍රියන්ත සහ ධනංජය බණ්ඩාර යන අයවලුන්ය.

හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අද (22) නඩුව කැඳවූ අවස්ථාවේදී පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් සිව් දෙනා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන්ට පැමිණිය නොහැකි බවත් ඒ හේතුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීහු ප්‍රකාශ කළහ.

එම ඉල්ලීමට අවසර දෙමින් ලබන 27 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියෝග කළ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එදිනට සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.



අදහස් (3)

පොලිසියට පහර දුන්නැයි පෙරටුගාමී සාමාජිකයන් රිමාන්ඩ්

Bamunuarachchi Friday, 22 March 2024 09:42 PM

ජන අරගල කාරයින්ට ඝෝඨාභය මහතාත් ඔය විදිහට පහර දුන්නා නම් තවමත් ජනාධිපති පුටුවේ ඉන්නවා. ඔහු ගහනවා වෙනුවට අරගල කරුවන්ට ගෝල්ෆේස් පිටියේ ස්ථානයකුත් වෙන්කර දුන්නා. සර්පයින් හුරතල් කරන්න යාමේ ප්‍රතිඵල. දුටු තැන සර්පයා අතනාරිනු මෝඩයා කිව්වේ කට කසනවාට නොවෙයි. රනිල් බියගම අසුනේ ඉන්න කාලේ සිටම සර්පයෝ හඳුනනවා. මේ විදිහට එලෝ එලෝ ගැසුවා නම් රැට්ටලා බට්ටිලා බෙට්ටලා පළාතට එන්නේ නැත. රනිල් මහතා ජයවේවා!

:       2       6

Ratne Saturday, 23 March 2024 07:54 AM

ආණ්ඩුව රටේ ව්‍යවස්තාවට පටහැණි සහ ජනතාව අපහසුතාවයට පත් කරන එකට විරුද්ධව කරන ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව කරන සාමකාමී විරෝධතාවලටත් පහර දෙන්න හෝ හිතා මතාම ගැටළු ඇතිකරන තත්වයක් රටේ තියෙන්නේ. රටේ පාලකයා කරන විනාශයට තිරිසනුන් ලෙස කටයුතු කරන ශ්‍රි ලංකා පොලිසියේ පහත් නිලධාරීන් ද වගකිව යුතුයි.

:       7       6

Kaputa Saturday, 23 March 2024 03:01 PM

බමුණුආරච්චි රනිල්ගේ සපත්තුවට බැස්සා...

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 231 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 7 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 473 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 208 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 387 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site