IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


පලාලි - අච්චුවේලි පාර දශක තුනකට පසු විවෘත කරයි

(අංජුල මහික වීරරත්න)

පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද (1) විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම මාර්ගය විවෘත කර ඇත.

වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි. 

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්  මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය. 

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාල කටයුතු සිදු කරන ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ  මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.



අදහස් (6)

පලාලි - අච්චුවේලි පාර දශක තුනකට පසු විවෘත කරයි

රම්බොඩ Friday, 01 November 2024 06:06 PM

එක්කෝ මේ මනුස්සයා නැවත රටම අනාරක්ෂිත තත්ත්වයක පත්කරලා ගෙදර යයි වගේ...!

:       65       117

donFriday, 01 November 2024 06:47 PM

තමනුත් ලොහාන් රත්වත්තේ වගේ වටේම නොපෙනෙන්න උස තාප්පයකින් ඉඩම වට කරන් නේද ජීවත් වෙන්නේ...?

:       77       13

යෝගා Friday, 01 November 2024 06:22 PM

හැම දෙයක්ම අනාගෙන ඉන්න වෙලාවේ ඡන්දෙට ඉස්සෙල්ලා මොනවා හරි සිල්ලර වැඩක් දෙකක් කරලා ලකුණු ටිකක් දාගන්න එපැයි...!

:       22       77

J.Dhayalan Friday, 01 November 2024 06:22 PM

දැන් ඔය පැත්තේ ජීවත් වන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාව. ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට හා ප්‍රවාහන කටයුතු සඳහා මෙම මාර්ගය විවෘත කිරීම ඉතා වටිනවා....

:       10       30

ජයනාත් Friday, 01 November 2024 06:45 PM

යුද්ධය ඉවරවෙලා අවුරුදු 15ක් ගිහිල්ලා තවමත් රට අනාරක්ෂිත නම් අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශයේ අකාර්යක්ෂම බව. ඒකට තව කොච්චර කල් පාරවල් වහගෙන ඉන්නවාද? මේක උතුරේ නැති ව දකුණේ වුණා නම් ඔහොම කියන්නේ නැහැ. මේක අගය කළ යුතුයි. තව එකක් මේක විවෘත කරන බව දැනගෙන තමා දේශපාලන වාසි ගන්න සුමන්දිරන් ඊයේ කිව්වේ පාර අරින්න කියලා...

:       12       25

බකල ජයා Friday, 01 November 2024 07:59 PM

තමන් නිදහස් වෙන්න ඕනෑ නම් අනුන්ව පාගගෙන ඉඳලා ඒක කරන්න බෑ. ඒ හින්දා තමයි කෲර පාලකයෝ, ඒකාධිපතියෝ, බලෙන් ආණ්ඩු කරන අය හැමවෙලේම බයෙන්, අවිශ්වාසයෙන් ජීවත්වෙන්නේ. එළියට පේනවා සෝබනේට, ලොකුවට ඉන්නවා කියලා. නමුත් මර්ධනය තමයි ඒ අයගේ එකම බේත. ඒ හින්දා නූතන බණ පදේ තමයි ඔබට නිදහස අවශ්‍ය නම් අනෙකාගේ නිදහසට ගරුකරන්න. කියවූ ඔබ සැමට ස්තුතියි...!

:       14       20

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද ප්‍රචාරයේ ගිය බසයට එරෙහි පැමිණිල්ල වීසි වේ
2024 නොවැම්බර් මස 01 83 0

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ නිල රථය ලෙස බස් රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි පවස


අපරාධයකට සූදානම් වූ හිටපු එස්.ටී.එෆ් සෙබළෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 01 79 0

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ අනුදැනුම මත අපරාධයක් සිදු කිරීම සඳහා මෝටර් රථයක් තුළ ටී 56 ගිනි අවියක් සඟවාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකා


ජොනීගේ තවත් රථයක් පන්නිපිටියෙන් මතුවේ?
2024 නොවැම්බර් මස 01 280 0

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි


රුසියාවෙන් ගූගල් මවු සමාගමට තරු පෙනෙන දඩයක්
2024 නොවැම්බර් මස 01 494 0

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුස


මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට
2024 නොවැම්බර් මස 01 111 0

මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.


සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ
2024 නොවැම්බර් මස 01 103 0

රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගො


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1172 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 653 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site