IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි

පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.

දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ.

පිළිකා කාරක ඇස්බැස්ටොස් නැති බවට අදාළ සමාගම තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි.

ඔවුන්ගේ නිෂ්පාදනවල ඇස්බැස්ටොස් නැති බවට පිළිගත හැකි රසායනික වාර්තාවක් ඉදිරිපත් කළ පසු අපි යළි ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් කර බෙදාහරින්නන් වෙත ඉදිරිපත් කර බව ශ්‍රී ලංකා ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහ‍තා පැවසීය.
 
රොයිටර් ඇසුරෙනි


(28535)



අදහස් (24)

පවුඩර් වර්ගයක් රටින් ගෙන්වීම නවතයි

Sapumal. Thursday, 31 January 2019 11:14 AM

දෙයියෝ සාක්කි !!! මොනවද මේ අපගේ රටට පාත්වෙන කරදර. මා සාමාන්‍යයෙන් පුයර ටිකක් පාවිච්චි කරන්නේ රැවුල කැපුවාට පසුව පමණයි. ඒකත් නවත්වන්න වෙනවා. වුඩර් වල විෂ සහිත බව සියැසින් දැකගන්න ඔබට හැකියි. මුහුණේ දමන පව්ඩර් ටිකක් ගෙන රතු විෂ කුඹි ඉන්නා තැනකට දමා බලන්න. ඔවුන් නැවත එතන කාලයකට ගැවසෙන්නේ නැහැ. ඒ තරම් විෂයි. ඒත් අප මුහුණේ ගානවා.

:       0       36

Nuwan Thursday, 31 January 2019 01:13 PM

"දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර" මේවා ඇත්තටම මන්ද බුද්ධික මිනිස්සුන්වත් කරන්නේ නැති වැඩ.

:       0       3

Ratnamalala Thursday, 31 January 2019 02:37 PM

කොහොමටත් ඕක තාවකාලික තහනමක් තමයි. ග්ලියිපොසෙට් ඇස්බැස්ටෝස් වලටත් උනේ ඕකමනේ.

:       0       1

sachith Thursday, 31 January 2019 03:14 PM

මෙම ලිපිය පළකිරීම සම්බන්දයෙන් තුති. එම පවුඩර් වර්ගය ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් නොවෙන බවත්, ඇමරිකාවෙන් ආනයනය කරන නිෂ්පාදනයක් බවත් පමණක් මතක තබා ගන්න.

:       0       1

Perakum Thursday, 31 January 2019 03:59 PM

පිළිකාකාරක ඇස්බැස්ටෝස් ඇති බව තහවුරු වී ඇත්නම් තාවකාලිකව නොව සදහටම තහනම් නොකරන්නේ මන්ද? දැනට ගෙන්වා ඇති තොග වහාම විනාශ කල යුතුය. එසේ නොකරන්නේ කවර හේතුවක් නිසාද? මේ පිටුපස අදිසි හස්තයක් ඇති බවට සැක පහල වේ. ළදරුවන් සඳහා වන නිෂ්පාදනයක් බැවින් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපේ අල්ලපු රටේ නිෂ්පාදනයක් බැවින් තවදුරටත් ක්‍රියාත්මක විය යුතුය. මහජනතාවගේ දැනගැනීම පිණිස මෙහි වෙළඳ නාමය ප්‍රසිද්ධ කරන්න.

:       0       1

Nuwan Thursday, 31 January 2019 05:40 PM

මෙය ඉතා නරක තත්වයක්. ඉතා කඩිනම් ක්‍රියාමාර්ගයක් මෙන්ම ඉක්මන් පරීක්ෂණයක් රජය මගින් ගත යුතුය. එසේ නැති වුවහොත් අවසන් බර අසරණ දුප්පත් ජනතාව මත පැටවේ.

:       0       2

නුවන් Friday, 01 February 2019 01:58 AM

අයි ජේන්සන්

:       0       0

Bamunuarachchi Friday, 01 February 2019 02:32 AM

ඉතින් දෙයියනේ මේ පව්ඩර්වල නම කියන්නකෝ. මිනිස්සු දන්නේ නැතිව පාවිච්චි කරනවානේ. දැනට ගෙවල් වලතිබෙන පව්ඩර් පොඩි ලමයින්ටත් දානවානේ.

:       0       38

Chamila Friday, 01 February 2019 03:34 AM

ළදරු පුයර වර්ගයේ නම සදහන් කරන්න

:       0       23

Sanjeewa Friday, 01 February 2019 03:48 AM

ජෝන්සෝන් ඇන්ඩ් ජොන්සොන්

:       0       0

Nishan Friday, 01 February 2019 03:52 AM

රජයේ වගකීම එම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය කුමක්ද යන්න ජනතාව දැනුවත් කිරීමයී.

:       0       0

රාජුන් Friday, 01 February 2019 04:11 AM

ඇයි මේ දැනට තිබෙන තොග විකුණන්න අවසර දීල තියෙන්නෙ? මෙම තීරණයේ පිළිගතහැකි තර්කානුකූල බවක් ඇති බව පෙනෙන්නේ නෑ. සැකයේ වාසිය දෙන්න ඕනෑ රටේ මහජනතාවටයි. නැතිව අන්තර්ජාතික මුදලාලිලාට නෙවෙයි. ඇසිබැස්ටොස් තියෙනවායැයි සැකයක් ඇත්නම් එම භාණ්ඩ වෙලෙඳ ‍පොලෙන් ඉවත් කරන්නට ඕනෑ.

:       0       0

Thushara Friday, 01 February 2019 04:15 AM

දේශීය නිෂ්පාදන ගන්නේ නැතුව පිට රටින් වැඩි මිලට එන දේවල් ගන්න ගොන්සන්ලට මේවා හොද පාඩම්

:       0       0

Nalendra Friday, 01 February 2019 04:29 AM

"දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ." - එතකොට තිබෙන තොග වලින් ළමයින්ට පිලිකා හැදුනට කමක් නෑ කියලද කියන්නේ?

:       0       1

රවින් Friday, 01 February 2019 04:50 AM

ගෙන්නන්නේ කොහෙන්ද? එරට සමාගම් වලට ප්‍රමිතිය කියන වචනයෙවත් තේරුම දන්නවාද? ආරංචියේ විදියට කුඩා නිවෙස්වල තමා මුලික නිෂ්පාදන කටයුතු වෙන්නේ. කර්මාන්තශාලාවේ කරනුයේ ඇසරුම් කිරීම පමණි. ලාබෙට බඩු.

:       1       46

lankaFriday, 01 February 2019 08:19 AM

ඔය සඳහන් කරන්නේ කුඩා නිවෙස්වල සාදන පවුඩර් ගැන නොවේ.

:       0       0

ඇත්ත සත්‍යපාල Friday, 01 February 2019 05:18 AM

පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වෙලාලු. ඒත් දැනට වෙළදපොලේ ඇති තොග ළදරුවන් වෙනුවෙන් භාවිතය සදහා විකිණීමට අවසර දීලලු. මේක රටක්ද නැත්නම් වෙන මොකක් හරි අවයවයක්ද ? අඩුම ගානේ නමවත් සදහන් කරන්නේ නැත්තේ ජාතියේ අනාගතය වන දරුවන්ට වැඩිය ඉන්දියාව සහ මුදලාලි ලොකු නිසාද ?

:       0       0

upali Friday, 01 February 2019 06:25 AM

පිලිකා කාරකයක්නම් වහාම වෙළඳපොලෙන් ඉවත් නොකර තොග අවසන් වනතුරු විකුනන්නේ කොහොමද. අපොයි අපේ රාජ්‍ය සේවය. තාවකාලිකව සමාගමට ආදරය කරනවා. ළදරුවන්ට තාවකාලිකව පිලිකා කාරක ගාන්න දෙනවා. සමාගම අපොහොසත් වුණොත් එකියන්නේ පිළිකා කාරක ඇස්බැස්ටෝස් තියෙනවා එතකොට ...ගාපු ළමයි පවු නැද්ද රටට ආදරේද ? සමාගමට ආදරේද ? ඉන්දියාවේ රාජ්‍ය සේවය නම් හරිම බලවත්

:       0       0

Perakum Friday, 01 February 2019 07:24 AM

කුඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන කිසිවෙක් උනන්දුවන බවක් නොපෙනේ. වහාම මෙම පවුඩර් වර්ගයේ නම ප්‍රසිද්ධ කරන්න. වෙළඳපලේ ඇති තොග තහනම් කරන්න. එසේ නොකිරීමට කිසිදු හේතුවක් නොමැත.

:       0       0

Ranjani Friday, 01 February 2019 08:32 AM

හානේ... හැමදාම මේ පවුඩර් දැම්මා...

:       0       0

sam Friday, 01 February 2019 08:54 AM

මට නම් තේරෙන්නේ මේක මොකක් හරි වෙළඳ වාසියක් හෝ ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් කළදෙයක් ලෙසටයි. පිළිකාකාරක ඇස්බැස්ටෝස් ෆයිබර් තියනවා නම්, එය විද්‍යාත්මකව ඔප්පු වී ඇති නම්, දැනට තියන තොග විකිණීමට අවසර දීමෙන් සිදු කරන්නේ දැනදැනම පිළිකාකාරක පව්ඩර් විකිණීමට අවසරදීමක් නේද? එහෙම නැතිනම් පිළිකාකාරක තියනවා කියන්නේ ගඳ සුවඳ බලලාද? ඒ වගේම ඇස්බැස්ටෝස් ෆයිබර් නැහැයි කියලා" "හොරාගේ අම්මාගෙන් අහන පේනය" ට අනුව ලියාපදිංචිය අලුත් කරන්නේ කොහොමද?

:       0       1

සමන්ත Friday, 01 February 2019 09:14 AM

මෙම පවුඩර් වර්ගය හොඳ නැත්නම් වෙළඳ පලේ විකිණීමට ඇති තොග ඉවත් නොකර අලවියට අවසර දීම හොඳද..? ඒවාත් පිලිකාකාරක අඩංගු දෙයක් නේද...?

:       0       12

දිලුම් Friday, 01 February 2019 09:46 AM

කුඩා ළමයි ගැනවත් හිතලා මේ වගේ නිෂ්පාදන මේ රටවලට ගෙන්වන එක නවත්වන්න බැරි ඇයි? අනික මේ වගේ ජරා නිෂ්පාදනවල නම් ප්‍රසිද්ධ කරන්න. අහිංසක ළමා පරපුර දැන දැන මාරයාගේ කටට යවන්න තරම් මේ මිනිස්සු සාහසික නම් තවත් මොනකථාද?

:       53       144

Buja Friday, 01 February 2019 10:13 AM

නම කියන්නේ නැත්තේ ඇයි? කියන්නකෝ.. අපිටත් දැනගන්න...

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 0 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 35 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 471 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 294 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 170 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 291 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 642 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site