IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් සියයට 33  කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා )  තොරතුරු අනාවරණයවී ඇත.

මෙයට අමතරව ඊට සමාන  පවුල් ප්‍රමාණයකට  සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු වුවද ඒ ප්‍රතිලාභය  මෙතෙක් හිමිවී නොමැති බව කෝපා කමිටුව පවසයි.

මුළු දිවයිනම ආවරණය වන පරිදි 2015 සිට 2017 දක්වා කරන ලද  සමීක්ෂණයකදී  මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරයෙන්  ඉවත් කළ යුතු  බව එම කමිටුවේ දී සඳහන්විය.

සමෘද්ධිලාභීන් තෝරාගැනීම්  කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.

මේ පිළිබඳ තොරතුරු  අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය   ලසන්ත අලගියවන්න මහතාගේ  සභාපතිත්වයෙන් පසුගිය  (25)වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.



අදහස් (5)

පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන්

සනත් බණ්ඩාර Friday, 28 April 2023 11:31 PM

රජයේ සේවකයින්ට හැර අනිත් ඕනෑම කෙනෙකුට සමෘධි සහනාධාරය ගන්න අවස්ථාව තියෙනවා. කඩවල්, ලොරි, බස් තියෙන සමහර බිස්නස් කාරයොත් සමෘධි ගන්නවා.

:       0       5

sam Saturday, 29 April 2023 07:46 AM

අනිවාර්යයෙන්ම, මයිනලාට ආවඩන අයගේ පක්ෂයේ අයට මේ ප්‍රතිලාභ හොරට අනුමත කරලා ඇති. ඒ ගමන්ම බලන්න සුනාමි හොරාත් සමෘධි ප්‍රතිලාභ හොරට අරගෙනද කියලා. මොකද මයිනලාගේ පවුල්වලට ගෑවුණු හැම කෙනාම අහුවුණු දේ හොරාකනවා.

:       0       8

Piyal weerasinghe Saturday, 29 April 2023 07:54 AM

මේ රටේ වැඩි හරියක් සමෘධිය ගන්නේ යමක් කමක් තියෙන අය. අහිංසක අයට දෙන්නේ නැහැ. දේශපාලන බලවතාගේ හෙන්චයියන්ට...

:       0       7

විනෝද්‍යා Saturday, 29 April 2023 04:22 PM

සමහරක් එවුන්ට නගරයේ කුලියට දුන්නු කඩ තියෙනවා. ඒවායේ අයිතිය තියෙන්නේ එකෙකුගේ නමට, විදුලිය බිල් තියෙන්නේ තවත් එකෙකුට කඩේ කරන්නෙ තවත් කෙනෙක්... ඉතින් නිවැරැදි අයිතිය කාටද සොයන්න බැහැ. ඒ වගේම විවිධ පැතිවලට අයත් වාහන අයිතිය මාරු නොකර පාවිච්චියට ගන්නවා. නැත්නම් කුලියට ගත් නිවසේ ලිපිනයට ලියාපදිංචි කර ආදායම් සඟවා සමෘධි ආධාර ගන්නවා. විධිමත් සංගණනයක් මගින් රටම පරීක්ෂාකර නියම තත්වය සොයන්න ඕනෑ..

:       0       3

Lalla Saturday, 29 April 2023 07:45 PM

සමෘද්ධිය අහෝසිකළ යුතුයි. පුද්ගලික වැඩකරන හෝ ආයෝජනය කරන ජනයාගේ ආදායමෙන් බදුගහලා නිකමුන්ට දීම සාධාරණී කරණය කිරීමට පුළුවන්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 146 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 169 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 385 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 488 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 67 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 651 1

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26330 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site