IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පවුලක්ම එකතුවෙලා හමුදා සෙබළාට පහරදීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යුදහමුදා සෙබළකුට තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.  

කැපුම් තුවාල ලැබූ කැකිරාව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළා වෛද්‍ය ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ යුද හමුදා සෙබළා අසල්වාසීන් වන අතර පෞද්ගලික ආරවුලක් මත මෙම දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කොස්තාපල්වරයා සමග ඇති කරගත් මෙම ආරවුලට එම කොස්තාපල්වරයාගේ බිරිඳ සහ පුතා ද හවුල් වීමෙන් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

පවුලක්ම එකතුවෙලා හමුදා සෙබළාට පහරදීලා

Anura Friday, 04 August 2023 09:21 AM

මේ වගේ සිදුවීම් දැන් දැන් ගොඩක් ම ලංකාවේ සිද්දවෙනවා , මේවට සම්පුර්ණයෙන්ම වගකියන්නේ ඕනේ ලංකාවේ පොලිසිය , වෙන රටවල මුලදී පොඩි ප්‍රශ්නයකදී උනත් පොලිසියට දැනුම්දුන්නවිට ඇවිත් විමර්ශනය කරලා ප්‍රශ්නේ වින්සදන්ව , නමුත් ලංකාවේ පොලීසය මේ වගේ ප්‍රශ්න වින්සදන්න එන්නේ නැහැ , ගණන් ගන්නෙත් නැහැ , අන්තිමට ඒ මිනිස්සුම ප්‍රශ්නේ විසන්දගන්නවා . එක කෙලවර වෙන්නේ බොහෝවිට මරණයකින්

:       0       27

Bunny Preena Friday, 04 August 2023 02:20 PM

කලකදි යාලු කලකදී විස වෙනවාලු... !

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 189 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 211 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 896 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1071 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 2293 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 3500 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 421 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site