IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පශු නිලධාරීහු නිදි

(අංජුල මහික වීරරත්න)

පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදලින් කිසිදු ප්‍රයෝජනයක් නො ගැනීම නිසා එම මුදල නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

අතුරු අයවැයෙන් වෙන්කරන ලද මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශ නිලධාරීන් ගෙන් කළ විමසීමක දී මෙම කරුණ හෙළිදරව් වී ඇත.

එහිදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ අදාල මුදල වියදම් කිරීම සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස පැවසුවත් කිසිදු පළාත් සභාවක් එවැනි ව්‍යාපෘති ඉදිරිපත් නොකළ බවයි. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අඩුම තරමින් බිත්තර සහ කුකුළු කර්මාන්තය නැංවීම සඳහා වත් මෙම මුදල යොදා ගැනීමට තිබූ බවයි.

අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් නිරුත්තර වී ඇති බවත් ආර්ථික අර්බුදයක් මැද වුවත් මෙලෙස පශු සම්පත් සංවර්ධනයට මුදල් වෙන් කරන්නේ වැටී ඇති ජන ජීවිතය යම් පමණකින් හෝ නැංවීමට වන නමුත් මෙලෙස මන්දගාමීව කටයුතු කිරීමෙන් රට නැවත ගොඩ නඟන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබේ.

 



අදහස් (7)

පශු නිලධාරීහු නිදි

Thilina Tuesday, 20 December 2022 12:14 PM

දේශපාලකයන්ට චෝදනා කරනවට වඩා ඇතුළට ගිහින් බැලුවහම ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ මේ බහුතරයක් රාජ්‍ය සේවකයන්ගේ.. මොවුන්ට තමන්ගේ රාජකාරිය මොනවද කියලවටහ් හරිහැටි වැටහීමක් නැහැ .ගෝඨාභයට ගෙදර යන්න වුනෙත් මේ වගේ නිළධාරීන් නිසා. තමන්ට කුට්ටිය හම්බවෙනවනම් ඕනෙම ජරා වැඩක් කරන්න මේ බහුතරයක් රාජ්‍ය නිළධාරීන් දෙපාරක් හිතන්නේ නැහැ . මේ රට මෙතනට වැටුනු එකට ඔවුන් වගකියන්න ඕනේ. මොවුන් හරියට කෙලින් තීන්දු තීරණ අරගෙන වැඩ කලානම් දේශපාලකයන්ට හොරාකන්න වෙන්නෙත් නැහැ ..ඒත් කරුමෙට මේ නිළධාරීන් බහුතරයක් පත්වීම අරගෙන තියෙන්නෙත් දේශපාලකයන්ට ගොට්ට අල්ලලා. ඉතින් මොවුන් දෙගොල්ලොම එකයි

:       1       16

Athula kTuesday, 20 December 2022 02:05 PM

සම්පූර්ණ ඇත්ත

:       0       12

සෙල්ලසාමිTuesday, 20 December 2022 07:08 PM

සහතික ඇත්ත දෙමළ භාෂාවෙන් පශු කියන්නෙ එළදෙනට. ඉතින් එම සත්තු දවල්ට ඇතිතරම් තණකොළ වලින් කුස පුරවාගෙන රාත්‍රියේ වමාරමින් කනවා .මම දන්නෙ නැහැ උන් නිදාගන්නවා කියලා (ඇත්තටම මේ කියන පිරිස් එළදෙන්නු ගැන පමණක් නොවෙයි බලන්නෙ.ඒ නිසා විදෙස් ගතවෙන ගෘහ සේවිකා නම වෙනස්කරනවා වගේ තනතුරු නාමය වෙනස්කරන්න බැරිද )

:       0       1

කිරිපුතා Tuesday, 20 December 2022 12:34 PM

ලැබෙන මුදල බොරු වැඩ වලට වියදම් කරලා දානවට වඩා හොඳයි නැවත භාණ්ඩාගාරයට එවන එක.

:       2       14

himal Tuesday, 20 December 2022 03:54 PM

සල්ලි වෙන් කරා කියන්නෙ සල්ලි අතට දුන්නා කියන එක නෙවෙයිනේ. අනෙක මෙතනම කියනවා පළාත් සභාවලින් ව්‍යපෘති ආවේ නෑ කියලා. එතකොට ඒක අහන්න ඕන පළාත් සභාවලින්. මොකද ව්‍යපෘති නැතුව මොනවටද සල්ලි දෙන්නෙ?

:       3       5

LGPJ Wednesday, 21 December 2022 06:16 AM

පශු ශල්‍ය වෛද්‍යවරු විදුලි කප්පාදුව නිසා නිදා සිටිති.

:       0       1

ලංකාපුත්‍ර Wednesday, 21 December 2022 09:33 AM

වාර්ෂිකව සකසන අයවැය සදහා ඒ ඒ දෙපාර්තමේන්තු මණ්ඩල හා සංස්ථා තමන් ඊළඟ වසරේ කරන ව්‍යාපෘති අනුව තමයි මුදල් වෙන්කිරීම කරන්නෙ එහෙම නැතුව වෙනත් කෙනෙක් වෙනුවට තවත් කෙනෙකුට මුදල් දෙන්නෙ නැහැ ඇමතිතුමෝ බලන්න මෙම මුදල් දුන්නෙ කාගේ ඇස්තමේන්තු සදහාද කියලා .එහෙම වැඩ නොකර මුදල් ආපසු යැවීමට කටයුතු සැලසූ ආයතනය සදහා ඊළඟ වසරේ මුදල් ප්‍රතිපාදන නොදීමට කටයුතු කරන්න ඒ බව ජනතාවට දැනුවත් කරන්න හැමදාම නිළධාරින් නලවා වැඩක් කරන්න බැහැ වැඩ නොකරන අය අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගන්වන්න නැත්නම් සේවය අවසන් කරන්න නාස්ති වෙන්නෙ ජනතා මුදල්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 0 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 103 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 242 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 175 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 537 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 629 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 468 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site