(අංජුල මහික වීරරත්න)
ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වර්තමාන තත්ත්වය, ආයතනය වල අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය.
වර්තමාන රජයේ ඉදිරි ජාතික වැඩපිළිවෙල අනුව පශු සම්පත් ක්ෂේත්‍රයේ ළඟා කරගැනීමට අපේක්ෂිත ඉලක්ක සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කළ අතර, ජාතික අවශ්‍යතාවයට සරිලන කිරි ඉදිරි වසර පහ තුළ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් සකස් කරන බව ද කීය.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකුණන්නේ නෑ
pj Saturday, 25 January 2025 07:18 AM
කිරිවලටත් දෙවියන්ගේම පිහිටයි.
Kazi Shajahan Saturday, 25 January 2025 03:14 PM
ලාල්ගෙත් කයිය විතරයි. වැඩ තාම නැහැ. හාල් 300ට ගිහිල්ලා.. පොල් 250, වී ගොවියා දිහා බලන්නෙවත් නැහැ. කතා කරන්නේ නැහැ. නිකන් බොරු කරනවා වගේ...