IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පේෂකර්ම ගොඩනැගිල්ලකින් ලක්ෂ 38ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට සිවු මහල්  නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැය කෙරුණු ලක්ෂ තිස් අටක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවීම හේතුවෙන්  නාස්තිවී ගොස් ඇතැයි   ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවී ඇතැයි  පැවසෙන්නේ ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිවීම නිසාය.

ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලංසු කැඳවීමට පෙර කළ යුතු විවිධ කටයුතු වෙනුවෙන් එම මුදල වැය කර තිබූ බව   වාර්තාවේ දැක්වේ.

මේ අතර  කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ට සපයා තිබූ සේවාවන්  වෙනුවෙන් ලැබිය යුතු ලක්ෂ 43 ක මුදලක්  2021 වසරේ නොවැම්බර් මස වන විටද අය  කරගෙන නොතිබූ බව
ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද ණයගැතියන්  77 දෙනකුගෙන්  රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් අය  කර ගැනීමට ( 2020 වසර වනවිට)ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබූ බවද    එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම්  ආයතනයේ  අලුත්ම වාර්ෂික  වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



 

 



අදහස් (0)

පේෂකර්ම ගොඩනැගිල්ලකින් ලක්ෂ 38ක් වතුරේ

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 59 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 240 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 192 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 729 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 301 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 574 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site