IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පෙෂර් වැඩි කරන ලුණු වැඩි කෑම

වානිජකරණය, නාගරීකරණය සහ තරගකාරීත්වය තුළ හිරවී ඇති අපේ ජීවිතවලින් මේ වනවිට නිරෝගීකම ක්‍රම ක්‍රමයෙන් ගිලිහීමට පටන් ගෙන ඇත. වේගයෙන් වෙනස් වී ඇති අපේ ආහාර රටාව මෙන්ම ජීවන රටාව මෙයට හේතු වී ඇත.

අපි කන්නේ මොනවාද?

වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම්වල තිබෙන විවිධ කෑම වර්ග අපේ දරුවන්ට දීමට මවුපියන් කෙතරම් පෙළැඹී ඉන්නවාද?ඒ වගේම බර වැඩි , තරබාරු දරුවන් අද වනවිට කොතරම් සිටිනවාද? ඔවුන් අතුරින් සියයට 10කට ආසන්න පිරිසක් බර වැඩි ,තරබාරු ගණයට වැටේ. එසේම තරුණ ,වැඩිහිටි පිරිමි පුද්ගලයන්ගෙන් සියයට 25ක් බර වැඩි ,තරබාරු ගණයට අයත්ය. ඒ තත්ත්වය කාන්තාවන් අතර සියයට 45කි. තරුණ – වැඩිහිටි පුද්ගලයන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සියයට 25ක් ඒ කියන්නේ හතරදෙනකුගෙන් එක් අයකුට අධික රුධිර පීඩනය ඇති බව ඔබ දන්නවාද? මීට හේතු වන්නේ වැඩිපුර ලුණු භාවිතයයි.

වැරැදි පුරුදු

සාමාන්‍යයෙන් මෙරටේ පුද්ගලයන් දිනකට ලුණු තේ හැඳි 2ත් 3ත් අතර ප්‍රමාණයක් නොඑසේනම් ග්‍රෑම් 9ත් 12ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගැනේ. තවමත් සියයට 50ක් පමණ දෙනා බත් පිසින විට ලුණු එකතු කර ගනී.

මේ වැරැදි පුරුදු සිරුරට බලපාන අයුරු

දවසකට වැඩිහිටි පුද්ගලයකුට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දකි. ග්‍රෑම් 05කි. දරුවන්ට අවශ්‍ය වන්නේ ඊටත් අඩු ප්‍රමාණයකි. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්ය. ඉන් අපේ ශරීරයට වැදගත් වෙන්නේ සෝඩියම් කොටසය. පුද්ගලයකුගේ ශරීරයේ රුධිර පීඩනය, ස්නායු සමායෝජන ක්‍රියාවලිය මෙන්ම සිරුරේ විවිධ ක්‍රියාකාරීත්වයට සෝඩියම් ග්‍රෑම් 02ක් ප්‍රමාණවත් වේ. එනම් ලුණු තේ හැන්දක ප්‍රමාණය මෙකී අවශ්‍යතාව සඳහා සෑහේ.

අධික ලුණු භාවිතයේ අයහපත

වැඩි වන ලුණු සමග වැඩි සෝඩියම් පදාර්ථය සිරුරට එකතු වේ. එවිට රුධිර සංසරණ පද්ධති තුළ ජලය රැඳෙන පරිමාව වැඩි වේ. එවිට එම වැඩි ජලය ශරීරයෙන් වැඩි සෝඩියම් පිට කිරීමට යෙදවේ. ඒ සඳහා හෘදයට වේගයෙන් නොකඩවා ක්‍රියාත්මක වීමට සිදු වේ.වැඩි ජලය සිරුරෙන් පිට කිරීමට වකුගඩුවලටද ක්‍රියාත්මක වීමට සිදු වේ. ඒ සමගම අනිකුත් ඉන්ද්‍රියවලද වෙනස් වීම් ඇති වේ.

දිගින් දිගටම මේ තත්ත්වය පැවැතුණහොත් රුධිර වාහිනී අභ්‍යන්තර ස්ථරයේ නෙස්වීම් ඇති වීමට මෙන්ම ගණ වීමටද මෙය හේතු වේ. එවිට රුධිරවාහිනී තුළ ඇති ඉලාස්ටික් එනම් ඇදෙන සුළු ගතිය අඩුවී රුධිරය, හෘදය හා ඉන්ද්‍රිය වෙත ගෙන යාමට අධික පීඩනයක් යෙදීමට සිදු වේ. හෘදයට වේගයෙන් ක්‍රියාකර රුධිරය හෘදයෙන් පිටකර ඉන්ද්‍රිය කරා යැවීමටත්,වැඩිපුර ඇති ජලය සිරුරෙන් පිට කිරීම තුළින් ශරීරයේ අභ්‍යන්තර පරිසරය සමතුලිතව තබා ගැනීමටත් විශාල ආයාසයක් දැරීමට සිදු වේ. මෙහි ප්‍රතිඵලය වනුයේ එම පුද්ගලයාගේ රුධිර පීඩනය ඉහළ ගොස් ඔහු අධික රුධිර පීඩනයට ලක් වීමය.

දරුවකු කුඩා කල සිටම අධික ලුණු සහිත ආහාර ( බයිට් පැකට්, සකස් කරන ලද ආහාර, සෝස් ,බේකරි නිෂ්පාදනවලට යොමු කිරීමෙන් ළමා කාලයේ සිටම ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය,හෘදය, ස්නායු පද්ධතිය, වකුගඩු ආදී සෑම ඉන්ද්‍රියකම වෙනස්කම් ඇති වේ. එසේම අධික ලුණු ,ආමාශයේ අභ්‍යන්තර ස්ථරවල වෙනස්වීම් සිදු කර පිළිකා තත්ත්ව ,ගැස්ට්‍රයිටීස් තත්ත්ව ඇති කිරීමට දායක වේ.

ලුණුවලින් අප ලබා ගන්නා සෝඩියම් ,පොටෑසියම් සමග එක්ව අප ශරීරයේ රුධිර පීඩනය නිසියාකාරව පවත්වා ගැනීමට දායක වෙයි. එසේම ශරීර අභ්‍යන්තර පරිසරය සමතුලිතව පවත්වා ගැනීමටත්, ස්නායු පණිවුඩ සම්ප්‍රේෂණය නිසි අයුරින් සිදු කිරීමටත් ,අස්ථි සෞඛ්‍ය රැක ගැනීමටත් ,වකුගඩු, හෘදය මොළය ආරක්ෂා කර ගැනීමටත් විශාල කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන්ම සෝඩියම් අධික වීම,අස්ථිවලින් කැල්සියම් දියවී යාමට හේතුවන අතර ඒ හේතුවෙන් අස්ථි තුනී වී අස්ථි භග්න ඇති වීමට අවදානම වැඩි වේ.

දැන් අපි සලකා බලමු, අධික රුධිර පීඩනය නිසා හෘදය හා රුධිර වාහිනීවලට සිදුවන හානිය ගැන. බෝ නොවන රෝග නිසා ඇතිවන මරණවලින් සියයට 34කට හේතු අධි රුධිර පීඩනයයි. ඒ හේතුවම හෘදයාබාධ ඇති වීමට, ආඝාතය හෙවත් අංශභාගය ඇතිවීමට මෙන්ම වකුගඩු අකර්මණ්‍යතාවටද බලපායි.

අප බොහෝ දෙනකු අධි රුධිර පීඩනයට ලක් වූ විට ලුණු අඩුවෙන් ගැනීමට හෝ ලුණු නොමැතිව කෑම ගැනීමට හුරු වේ. එහෙත් ඊට ඒ වනවිට අප පමා වූවා වැඩි විය හැකිය. කුඩා කාලයේ සිටම ලුණු අධික ආහාර ගැනීමට පුරුදු වූ විට අපේ ශරීරයේ රුධිර වාහිනීවල, හෘදයේ හා අනෙකුත් ඉන්ද්‍රියවල වෙනස් වීම් ඇති වීමට පටන් ගැනෙනුයේ මුල් කාලයේ සිටමයි. ඊට මානසික ආතතියත් එකතු වූ විට මෙකී තත්ත්වය තවත් අවදානමට ලක් වේ. එබැවින් ළමා කාලයේ සිටම ලුණු අඩුවෙන් ආහාර දීමට දරුවන් හුරු කරවන්න.

ඒ අනුව බත් පිසීමේදී ලුණු එකතු නොකරන්න. වෑංජන පිසීමේදී වුවද ලුණු අඩුවෙන් භාවිත කරන්න. ඒවගේම කෑම මේසයේදී ආහාර බඳුනට ලුණු එකතු කිරීමෙන් වැළකෙන්න.

එළවළු,පලතුරු, පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න.

සකස් කළ ටින් මාළු, පෙර සැකසුම්, කල් තබා ගන්නා ද්‍රව්‍ය මුසු කළ ආහාර හැකිතාක් සීමා කරන්න.

පිටි ,තෙල් , ලුණු සහිත ආහාර අවම කරන්න.

කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ,සෝස් වර්ගවලින් හැකිතාක් ඈත් වන්න.

රයිස් ,කොත්තු ,ක්ෂණික ආහාරවලින් ඈත් වන්න.

නිවසේදී පිළියෙළ කර ගන්නා එළවඵ, බත් ,මාඵ ,ස්වාභාවික රසකාරක සහිත ආහාරවලට යොමු වන්න.

ලුණු අඩු වුවත් රසය වැඩි කිරීමට ස්වාභාවික රසකාරක භාවිත කරන්න. කොත්තමල්ලි කොළ,මිංචි වැනි ඖෂධීය පැළෑටි,සුදු ලූනු,ඉඟුරු, ලුණු දෙහි,කරපිංච සහ සියඹලා වැනි ස්වභාවික රසකාරක . අන්නාසි සහ තක්කාලි වැනි ඇතැම් ඇඹුල් පලතුරු, කුරුඳු-කරාබු නැටි ,කොත්තමල්ලි, කළු ගම්මිරිස්, හීන්දුරු, එනසාල්, මහදුරු, අබ වැනි කුළු බඩු.

ඔබ පැකට් කළ ආහාර මිලදී ගැනීමට පෙර ඒවායේ අන්තර්ගත ලුණු ප්‍රමාණය දැන ගැනීම සඳහා ආහාර පැකැට්ටුවේ සඳහන් ලෙබලය හොඳින් කියවන්න.

උසට සරිලන බර පවත්වා ගන්න.

දිනකට පැය එකහමාරක්වත් ශරීරය වෙහෙසවන ක්‍රියාකාරකම්වල යෙදෙන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

පෙෂර් වැඩි කරන ලුණු වැඩි කෑම

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 877 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1662 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1273 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 2078 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1699 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1929 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 939 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site