IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පස් කන්දක් වැටී උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන්  බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පැවති අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබේ.

බදුල්ල සිට කොළඹ බලා අද (1) අලුයම 5.45 ට ගමන් ආරම්භ කරමින් ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය එහි රියදුරු විසින් දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබූ ස්ථානය ඈතදීම දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය මගීහූ පැවසූහ .

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මේ නිසා අද (1) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තැබූ බවත් ,බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය හාලිඇල -උඩුවර දුම්රිය ස්ථානඅතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබෙන ස්ථානයේ නවතා තබා ඇතැයි දුම්රිය බළධාරීහූ කීහ .

දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන පස්කදු ගල්පර්වත ගස්කොලන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේය .

 

 

 

 



අදහස් (0)

පස් කන්දක් වැටී උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 8 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 109 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 82 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 42 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2259 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 582 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site