(අංජුල මහික වීරරත්න)
මෙරට කෘෂිකාර්මික කටයුතුවලදී ඒ ඒ පළාතේ පස පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදවීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
එසේ කළහොත් අනවශ්‍ය ආකාරයට කෙරෙන රසායනික පොහොර ආනයනය සීමා කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට 2022 වර්ෂය සඳහා අය - වැයෙන් වෙන්කර දී ඇති මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පස පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 362කට ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා තවත් මධ්‍යස්ථාන 200කට ලබන වසරේ දී පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබා දෙන්නට හැකියාව තිබෙන බවද කීය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පසේ සංයුතිය අනුව පොහොර යෙදවීමට ගොවීයා දැනුවත් කළ යුතුයි‘
Sunil Tuesday, 07 December 2021 11:55 AM
එහෙමනම් කාබනික පොහොර සහ කාබනික වගාව රිවෙස්....
duminda Tuesday, 07 December 2021 12:08 PM
අනුර කුමාර ඔය ටික ඔහොම කිව්වා.. ජනාධිපතිවරණ වේදිකාවේදී..., හැබැයි ඒක කවුරුවත් පිළිගත්තේ නැහැ. දැන්වත් මොලේ පෑදුණු එක ගැන සතුටුයි.
ravin Tuesday, 07 December 2021 12:08 PM
උඩ ඉන්න එවුන් වෙන් කරන මුදලින් 3/4ක්ම හොරකම් කෙරුවාම පසේ සංයුතිය පරීක්ෂා කරන්න මුදල් ගෙවන්නේ මොකක් විකුණලාද?
Dinesh Tuesday, 07 December 2021 02:27 PM
උගත්, බුද්ධිමත් ගොවියා කෙරෙහි අනුකම්පාවෙන් වැඩකරන මෙවන් ගරු ඇමැතිවරයෙක් මීට පෙර ලංකාවේ හිටියේ නැහැ.
දැනුම Tuesday, 07 December 2021 04:18 PM
මෙතුමා නොදන්න පස ගොවියො දන්නවා. දැන් ඉතින් ඔහොමවත් කියලා ලැජ්ජාව වහගන්න බලමු.