IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාස්කු කොමිසමේ සටහන් අධිකරණයට දෙන්නැයි ගොනු කළ මෝසම් ඉවතට

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් ගොනු කළ මෝසම් දෙක අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥ මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම මෝසම් අද (03) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ  සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.
 
ජනාධිපති කොමිෂන් සභා පනත අනුව යම් කිසි කොමිසමක අවසන් වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීම විනා එහි සාක්කි හෝ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය ප්‍රතිපාදන නොපවතින බවට නීතිපතිවරයා කරුණු දැක්වීය.
 
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වා දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන ජනාධිපති  කොමිසමේ ඉදිරිපත් වන ඇතැම් සාක්කි ආරක්ෂක වශයෙන් වැදගත් කරුණු බැවින් ඒවා ඊට අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සදහාද වැදගත් වන හෙයින් අදාළ සාක්කි සටහන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටියේය.
 
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම මෝසම් දෙක මගින් කළ ඉල්ලීම ලබා දීම ප්‍රතික්ෂේප කළේය.
 
මෙම මෝසම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ , මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.
 
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරට සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉකුත් මාර්තු 17 වැනිදා 2167 /5 දරණ ගැසට් නිවේදනය මඟින් ජනාධිපති විමර්ශන කොමිසම පත් කළ බව එම මෝසම් වල සඳහන් කර තිබිණි.
 
එම ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මෑතකදී ඉදිරිපත් වූ සාක්කි තමන් එම පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් එරෙහිව යොදා ගැනීමට තරම් ප්‍රබල බවත් , එසේම සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එකළ පැවති රජයට එරෙහිව සාක්කි ඉදිරිපත්ව ඇති බවද එම මෝසම් මඟින් අදිකරණයට පෙන්වා දී තිබිණි.
 
එබැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයිද එම මෝසම් වලින් ඉල්ලා තිබිණි.



අදහස් (1)

පාස්කු කොමිසමේ සටහන් අධිකරණයට දෙන්නැයි ගොනු කළ මෝසම් ඉවතට

Kumaraajith Thursday, 03 September 2020 04:04 PM

ලංකාවේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය කවුරු වසන් කරන්න හැදුවත් අපි ජාත්‍යන්තර උසාවියට මේක ගෙනියනවා පාස්කු ප්‍රහාරයේ වසන් කළ මෛත්‍රිපාල සිරිසේන දන්නවා පාස්කු ප්‍රහාරයේ නිර්මාතෘවරයා කවුද කියලා... එදාට ඔය නීතිය අතට අරගෙන වැඩ කරන නායකයින්ගේ රෙදි ගැලවෙයි පාස්කු ප්‍රහාරයට විරුද්ධව අප සංවිධානය ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සූදානම් කර අවසන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 815 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1438 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 541 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1519 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 814 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3324 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site