(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ආගමික අන්තවාදය විසින් සිදුකළ එකක් නොව ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක් විසින් කළ එකක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තමා එම සිදුවීම තුළ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොදකින බවත්, තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා යම් යම් කණ්ඩායම් දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එය දකින බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් බොරැල්ල කනත්තේ ඉදි කළ ස්මාරකය විවෘත කිරීමට අද (18) පස්වරුවේ එක්වෙමිනි.
මීට අමතරව මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකෙරුණු ස්මාරකයක් ද කාදිනල්තුමෝ විවෘත කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමෝ මෙසේ ද පැවසූහ. “මේ ස්මාරකය ඉදිකළේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් මෙම සුසාන භූමියේ මිහිදන් කර සිටින නව දෙනෙකු සිහි කරන්නයි. මේ සිහිවටනයේ ඒ අයගේ නම් සඳහන් වෙනවා. මමත් මේ භූමදානයන්ට සහභාගී වුණා. එකම පවුලේ සැමියා, බිරිඳ, දියණියක් මෙහි භූමදානය කර සිටිනවා.
ක්‍රිස්තු ධර්මය අනුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවා ඇත්තේ මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම අවබෝධ කරගන්නයි. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කිසිම දෙයකට බාල්දු කරන්න බැහැ. මේ ආත්මාර්ථකාමී ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ගැන ඉතා අඩු තක්සේරුවකින් සළකන්න යොමු වී තිබෙනවා. එදා අපේ සොහොයුරන්ට පහර දුන්නේ ආගමික අන්තවාදය නෙවෙයි. ඒ ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්න වෙර දැරූ පිරිසක් විසිනුයි. මේ සිදුවීම තුළ අපි දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවේ. තමන්ගේ බලය තහවුරු කරගන්න යම් යම් කණ්ඩායම් දරණ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අප මෙය දකිනවා.
අපි ශ්‍රී ලාංකිකයන් ලෙස මේ ගැන ලැජ්ජා විය යුතුයි. කුමන ආගමක් ඇදහූවත්, කුමන ජාතියකට අයිති වුවත්, කුමන භාෂාවක් කතා කළත් තව කෙනෙකුට විරුද්ධව අත උස්සා හිරිහැර කරන්න යොමුවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මා රටේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ තව කෙනෙකුට හිරිහැර කිරීමට ආගම, භාෂාව, ජාතිය භාවිතා කරන්න එපා කියලයි. තමන්ගේ බලය, ශක්තිය පෙන්වන්න සිදුකරන මරණ නිසා අපේ රට ලෝකය ඉදිරියේ අපිරිසිඳු අවාසනාවන්ත තැනක් බවට පත්වෙනවා.
ක්‍රිස්තුස් වහන්සේ අපට කියන්නේ මනුෂ්‍ය ජීවිතයට ආදරය කරන්න, ගරු කරන්න, තමන්ගේ අනන්‍යතාවය තුළ හැම කෙනෙකුටම වර්ධනය වෙන්න ඉඩදෙන්න කියලයි. මා මේ ප්‍රහාරවලින් මියගිය සියලු දෙනාටම යුක්තිය ඉටුවීම ප්‍රාර්ථනා කරනවා.”
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘
Pradeep Monday, 19 April 2021 03:09 AM
අගරදගුරු තුමනි, එදා සිට අද දක්වාම මෙරට ජාතිවාදී ගැටුම් වලට මූල්‍ය මේ දේශපාලනය තමයි. දේශපාලකයින්ට තමයි උවමනා වෙලා තියෙන්නේ ජාතීන් එකිනෙකා අතර ගැටුම් ඇති කරවන්න. ජාතිවාදය සහ දිළිදු කම තියනාතුරා ඔවුන් දන්නවා ඔවුන්ගේ පැවැත්ම ස්ථිරයි කියා. පෞද්ගලිකව මම සෑම ජාතිකයකුම සෑම ආගමිකුම ඇසුරු කරනවා. ඒ කිසිවෙකුටත් ජාතිවාදයක් අවශ්‍ය නෑ. ඔවුන්ට ඕන සැවොමත් සමඟ සාමයෙන් සතුටින් ජීවත් වීමයි. කුමන ජාතියකට අයත් වුවත් කුමන ආගමක් ඇදහුවත් අප සැම මනුෂ්‍ය ජාතියට අයත් බව නොවැටහෙන්නේ බලලෝභී දේශපාලකයින්ට සහ ඔවුන්ගේ බත් බැලයන්ට පමණයි.
fairoos Monday, 19 April 2021 07:30 AM
මේක දැන්වත් ඔබතුමාට තේරුණ එක හොදයි