(මනෝප්‍රිය ගුණසේකර)
කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රතහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (28) තීරණය කළේය.
නඩුවේ 17 වැනි විත්තිකාර යාසිම් බාවා අබුදුල් රවුෆ් නමැත්තා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගොස් ඇති බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරු මඩුල්ල එම විත්තිකරු සම්බන්ධයෙන් ඇති චෝදනා සංශෝධනය කිරීමටද නියම කළේය.
මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත :සභාපති* අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්රිුපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.
2019 අප්රේ්ල් 21 වෙනිදා සහ ඊට ආසන්න කාලය තුළ ලංකාවේ විවිධ ප්රවදේශවල දී පාස්කු ඉරිදා කතෝලික පල්ලිය හා තරු පහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්රනහාරයක් එල්ල කිරීමට කුමන්ත්රාණය කිරීම ඒ අනුව සූදානම් වීම මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දීම අනුබලදීම පුපුරන ද්රනව්යර සහ ගිනි අවි රැස් කිරීම රැස් කිරීම මිනීමැරීම හා මිනීමැරීමට තැත් කිරීම් ඇතුළු කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටටින්නේ මොහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා, නයාතු මොහොමදු අහමදු මිල්හාන් හෙවත් අබු සිලා, මොහොමද් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමද් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිෆ්කාන් හෙවත් අබු තාරික්, මොහොමඩ් මන්සුර් මොහොමඩ් සනස්දීන් හෙවත් තයිබු, අබුදුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාජිත්, අබ්දුල් ලතීෆ් මොහොමදු සාෆි හෙවත් සාෆි මව්ලවි, හුසෙනුල් රිස්වි කාලිද් සමීර්, මොහොමද් ස්වාහීර් මොහොමඩ් හසන්, මොහොමද් ඉෆ්තිකාර් මොහොමද් ඉන්ෂාෆ්, රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්, යාසිම් බාවා අබුදුල් රවුෆ්, රාසික් රාසා හුසෙියින්, කව්චි මොහොමදු ජෙම්සීන්, සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්, මොහොම්ඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්, මීරා සහිබ් මොහොමඩ් නෆ්ලී, මොහොමඩ් අමීර් මොහම්මදු අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර්ඩීන් මොහොමඩ් ඉල්මී සහ මොහොමඩ් අක්‍රම් අහත්කම් නමැත්තන්ටය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු ප්‍රහාරයේ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුව විභාගයට
A.k Tuesday, 28 February 2023 08:10 PM
මෙයාලගේ සාස්තෘවරයා මිනිස් ජීවිතයක වටිනාකම දන්න නිසා අපරාදකාරයෙකුටත් සමාව දෙන්න විදිහක් හැදුවා. ඒකට මේ නාකි මිනිස්සුටික.....
sujeewar Wednesday, 01 March 2023 10:47 AM
කිසිදිනක ත්‍රස්තවාදයට විරුද්ධ නොවී ත්‍රස්තයන් පරාජය කළ නිලධාරීන්ව දංගෙඩියට යැවීමට කැස කැවූ අය හා NGO නඩය, මෙහිදීද බලධාරීන්ට එරෙහිව මහ ඉහළින් ප්‍රකාශ නිකුත් කළද කිසිවිටක විනාශය කල අයට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරනු ඇත.