(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බව බියගන්වමින් විවිධ පුද්ගලයන්ට උසස් පොලිස් නිලධාරියකු කතා කරන අයුරින් දුරකථනයෙන් අමතා කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් පනහකට ආසන්න ප්‍රමාණයක් රටේ විවිධ ප්‍රදේශවලි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එවැනි පැමිණිලි තුනක් ඊයේ (17) දිනයේත් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
පොලිසියේ ප්‍රසිද්ධ උසස් පොලිස් නිලධාරීන්ගෙන් නම් පවසා මෙම කප්පම් ගැනීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි
විවිධ පුද්ගලයන් අමතා තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සඳහා විමර්ශන නොකර සිටීමට හෝ පොලිස් ස්ථානය වෙත නොගෙන්වා අදාල ප්‍රශ්නය සමථයකට පත්කර කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා යම් මුදලක් තැන්පත් කළ යුතු බවත්,ඊට අදාළ ගිණුම් අංකයක් ද ලබාදී වංචාකාරී ලෙස මුදල් එකතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
ඊට රැවටුණු පුද්ගලයන් විවිධාකාරයෙන් මුදල් තැන්පත් කර ඇතැයි ඒ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එලෙස ඇමතුම් ගන්නේ පොලිස් නිලධාරීන් හෝ පාස්කු ප්‍රහාරය විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොව මෙම ඇමතුම් ව්‍යාජ ඇමතුම් බවත් ඊට නොරැවටෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පාස්කු ප්‍රහාරය විකුණා පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ කණ්ඩායමක් රටපුරා
sds Friday, 18 June 2021 10:26 AM
රැවටුණු අයයි කියන්නේ.. ඒ අය සම්බන්ධයි කියලා ඒ අයම පිළිගෙනනේ... එන්න එවුන් ටික කූඩුවට දාපල්ලා...
රට වැසියා Friday, 18 June 2021 10:49 AM
මේක අපේ රටේ සාමාන්‍ය දෙයක්..., හැබැයි මෙවැනි කප්පම් කල්ලි විශේෂයි, 2006-2009 යුද්ධය තිබුණු වෙලාවේත් මෙවැනි කල්ලියක් සිටියා, සමහර ව්‍යාපාරිකයෝ රට අත්හැරලා ගියා...! දරුවන් පැහැරගෙන ගිහිල්ලා කප්පම් ඉල්ලලා ඒ දරුවන් ම්ලේච්ඡ විදියට මරලා දැම්මා. මේවා සිදුවන්නේ කොහොමද කියලා දන්නෝ දනිති..!
Namal perera Friday, 18 June 2021 11:44 AM
ඕක ලොකු ලොක්කොත් කළානේ...!!!
Mr,Don Friday, 18 June 2021 11:47 AM
ඉතින් ඇයි බැරි බැංකු ගිණුම් හිමි පුද්ගලයා අත් අඩංගුවට ගන්න බැරි මේකත් පොලිසිය කප්පම් ගැනීමක්...
Sri Lanka Friday, 18 June 2021 12:11 PM
කොරෝනා විකුණන් කන රටේ එච්චර දෙයක් නොවේ...
SL Friday, 18 June 2021 04:51 PM
පාස්කු ප්‍රහාරය විකුණන් කාලාතමයි අනේ මෙයාලත් බලයට ආවෙත්. අපි ඔක්කොම රැවටුණා. තාමත් වැරැදිකාරයෝ හොයනවා. අනේ මන්දා ආයුබෝවන්..!!!