(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ අද (6) නඩු පවරයි.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා තම ඥාතීන් මියගිය බව තවත් පිරිසක් සදාකාලික ආබාධාත වූ බවත් තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත් පෙත්සම්වල සඳහන් වේ.
මෙම ප්‍රහාර වළක්වීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබියදී එය නොකිරීම නිසා තම ඥාතින්ට සිදුවු හානි සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වන්දි අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට
de silva Tuesday, 06 April 2021 08:24 AM
සාධාරණ ඉල්ලීමක්. මේ වැඩේ කරන්න තිබුණේ දැනට අවුරුදු 2 කට පමණ පෙර. රාජකාරිය හරියට කරන්න දැන්නේ නැත්නම්. ඒවාට වේලාවක් නැත්නම් කරුමෙටද ඔය තනතුරු බාර ගන්නේ. මහජන මුදල් වලින් සියලුම වරප්‍රසාද භුක්ති විදිමින් විනෝද වෙන දේශපාලකයනට, රජයේ නිලධාරීන්ට මේක හොඳ පාඩමක්.
විපරමා Tuesday, 06 April 2021 09:59 AM
ආරක්ෂාවට වගකියන නායකයෙක් නේ පත්වෙලා ඉන්නේ. සාධාරණය ඉෂ්ට කරන හැටි බලන්ඩ බැරි යැ .දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ?
ranjith Tuesday, 06 April 2021 11:01 AM
මේ විපතට පත් අහිංසක මිනිස්සුන්ට සියලු පුරවැසියන් උදව් කරන එක තමයි යුතුකම... මොවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. වගකීම් පැහැර හැරිය අය කිසිම ලැජ්ජාවක් නැතිව තවමත් මහජන නියෝජිතයෝ ලෙස කටයුතු කරමින් මේ රටේ මිනිස්සුන්ගේ මුදල්වලින් යැපෙනවා. දැන්වත් මේවා අතහැරලා ගෙදර ගියා නම් හොඳ නැද්ද?
Sanka Tuesday, 06 April 2021 11:07 AM
ජාත්‍යන්තර සහ අනෙකුත් ඔත්තු සේවා මගින් හිටපු ජනාධිපතිට පාස්කු ප්‍රහාරය ගැන ... 500 වතාවකටත් වැඩිය දැනුම්දී තිබිලත්.. කිසිම දෙයක් නොකිරීම ගැන ප්‍රධාන වැරැදිකරු වන්නේ ඔහුය. මේ මහා ජීවිත විනාශයට කොමිසමේ නිර්දේශ අනුව ඔහුව හිරේ දැමිය යුතුමයි.
ගමේ එකාලා Tuesday, 06 April 2021 02:40 PM
පාස්කු ප්‍රහාරයෙන් අනාථ වුනේ, අබ්බගාතයන් වුනේ, අසරණ වුනේ නැති බැරි අහිංසක මිනිස්සු. ඔවුන් කොයිතරම් මැරි, මැරී ඉපදෙනවාද කියන එක අපියි දන්නේ... පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ආපු දේශපාලුවන්ට නම් කැක්කුමක් නැතුව ඇති. ප්‍රහාරය කරපු, කරවපු අය හැමෝටම ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබේවා .