IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගන්න බෑ

( තිළිණි ද සිල්වා )

ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ  තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකි යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (25) මහාධිකරණය හමුවේ පැවසීය.

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වළක්වා නොගැනීමෙන් රාජකාරී වගකීම ඉටු කිරීම පැහැර හැරීම ඇතුළු අධි චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  මහතාට එරෙහිව නීතිපති පැවරූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් තෙවැනි දිනයටත් සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්කිකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙසේද කීය.

“ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ  තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකියි

2019 වසරේ අප්රේල් 21 වැනි දින ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට අප්‍රේල් 04 වැනිදා තමන්ට ලැබුණු තොරතුරු ලබා දුන් පාර්ශව වලින් එම වසරේ අප්රෙපල් 20 වැනිදා පස්වරු 4.12ට පමණ නැවත තොරතුරු ලැබුනා. එකී බුද්ධි තොරතුර සම්බන්ධයෙන් මා වහාම ආරක්ෂක අමාත්යාං ශයේ ලේකම්වරයා , පොලිස්පති සහ වගකිව යුතු අංශ වෙත දැන් වූවා. රට තුළ ඇදිරි නීතිය පනවා , රට වසා දමා හෝ එය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම තම දුර්වලතාවයක් නොවෙයි.

ආරක්ෂක ලේකම්වරු මාසයෙන් මාසයට මාරු වුනත් රාජ්‍ය බුද්ධි අංශ්‍ය දෙන වාර්තා හරියට බාර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකියි.මට ලැබෙන බුද්ධි තොරතුරු සෘජුව ලබා දුන්නේ ආරක්ෂක ලේකම්වරයාට පමණයි.

අප්‍රෙල් 21 වැනි දින ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට අප්‍රේල් 04 වැනිදා මට ලැබුණු තොරතුර ලබා දුන් පාර්ශව වලින් නැවතත් එම වසරේ අප්‍රේල් 20 වැනිදා පස්වරු 4.12ට පමණ නැවත තොරතුරු ලැබුණා.ඒ බුද්ධි තොරතුරු ගැන මා වහාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා , පොලිස්පති සහ වගකිව යුතු අය වෙත දැනුම් දුන්නා.

තම බුද්ධි අංශ විසින්  ලබා දෙන බුද්ධි තොරතුරැ වාර්තා නිසි ලෙස තේරුම් ගැනීමට යමෙකුට නොහැකි වීම එය ඔහුගේ පළපුරුද්ද හා අත්දැකීම් ගැන ප්‍රශ්නයක්.එය මගේ ගේ දුර්වලතාවයක් නොවෙයි.

විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා සාක්කෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ හරස් පශ්නයක් නගමින් රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන 1300 ක් , 1400 ක් පමණවූ නිලධාරීන් සදහා කොපමණ මුදලක් වැය කරනවාදැයි විමසා සිටියේය.

ඒ ප්‍රශ්නයෙන් ඉදිරිපත් කරන කාරණය ජාතික ආරක්ෂාවට අදාළ කරුණක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිව නොහැකි බව සාක්කිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එකී ප්‍රශ්නය නැගීමට විත්තියට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.

එහිදී පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් සාක්ෂිකාර සාක්කිකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ වත්මන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙසේද කීය.

“ රාජ්‍ය බුද්ධි අංශ්‍ය ලෙස අපි කරන්නේ බුද්ධි මෙහෙයුම්.අපි ලබා දෙන බුද්ධි තොරතුරු අනුව කටයුතු කිරීම අපේ වගකීමක් නෙමෙයි.ඒවා මැඩ පැවැත්වීම සදහා පියවර ගැනීම හා මෙහෙයුම් සිදු කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ පොලීසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශයි.

සහරාන් හෂිම් කවුද , ඔහුගේ අරමුණ මොකක්ද  කියලා රාජ්‍ය බුද්ධි අංශ වසර ගණනාවක සිට ආරක්ෂක ලේකම්වරුන් , පොලිස්පතිවරුන් ඇතූළු අදාළ පාර්ශව වෙත තොරතුරු සහිතව වාර්තා ලබා දී තිබෙනවා.ඒ නිසා සහරාන් කවුද කියලා ආරක්ෂක අංශ වලට අවබෝධයක් තිබෙනවා.මට සහරාන්ගේ හිත කියවන්න බැහැ.බුද්ධි නිලධාරීන් ලෙස අපිට කළ හැක්කේ ලැබෙන තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමයි.එකී ප්‍රහාර මාලාව එල්ල වන විට ජනාධිපති ලංකාවේ හිටියේ නැහැ.ඒ නිසා ආරක්ෂක ලේකම්වරයාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා.මම මට ලැබුණු බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්ට ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වැනිදා 4.53ට දැනුම් දුන්නා.ඊට පෙර පොලිස්පතිතුමාට දුරකථන ඇමතුමක් දීලා ඒ පිළිබද දැනුවත් කළා.

පොලිස්පතිතුමා එම ලබා දුන් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකල බව මට දැනුන නිසා ඒ ගැන ආරක්ෂක ලේකම්තුමා දුරකතන ඇමතුමක් දීලා කිව්වා “ සර් පොලිස්පති තුමාත් තොරතුරු ගැන බරපතල ලෙස නොතකන බව දැනෙනවා, ඒ නිසා සුදුසු පියවර ගන්න කියලා.

නඩුවේ වැඩිදුර සාක්කි විමසිම අද (26) ට කල් තැබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥවරුන් වන හංස අබේරත්න, දම්තීනී  ද සිල්වා, සහන්‍යා නාරම්පනාව සමඟ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීිරිස් මහතා පෙනී සිටියහ.
විත්තිකාර පුජිත් ජයසුන්දර වෙනුවෙන් නීතීඥ දුලාන් මිරිහාන, ප්‍රියංග ගුණරත්න, නිර්මල කොඩිතුවක්කු සහ ජයන්ත තිලකරන්න සමඟ නීතීඥ රෝෂාන් දෙහිවල මහතා පෙනී සිටි අතර විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන්ද ජනාධිපතී නීතීඥ මොහාන් වීරකොන් මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක්ද පෙනී සිටියහ.



අදහස් (11)

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගන්න බෑ

Bamunuarachchi Thursday, 25 November 2021 09:45 PM

ඉබා ගතේ යමින් දකින දකින කෙනාට ඇඟිල්ල දික්කරන අය මේවා අනිවාර්යෙන් කියවිය යුතුයි. ඒ පොදු ජනයා තවදුරටත් නොමග යැවීමෙන් වැලකීමට.

:       16       4

Demuni Uduwara Friday, 26 November 2021 03:58 AM

ඔහු මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දේශපාලන අධිකාරියට කල්තියා වාර්තා නොකළේ මන්ද?

:       0       1

චන්දන Friday, 26 November 2021 07:40 AM

ඔව් ඒක අපිම බාර ගන්නම්. ඉදිරියෙදි ත් යමක් වුනොත් ඒක ත් අපිම බාර ගන්නම් . මේවා ට වග කියන්න ඕන මහජනතාව මිස වෙ කවුද .

:       0       3

sachith Friday, 26 November 2021 09:45 AM

අන්තිමට පාස්කුවට පල්ලි ගියපු මිනිස්සුයි, හෝටල්වල හිටපු මිනිස්සුයි තාම ප්‍රහාරය වළකාගත්ත නැති එකට වැරැදි කාරයෝ...

:       0       3

BamunuarachchiFriday, 26 November 2021 02:23 PM

නැතුව. අඩු ගණනේ ප්‍රහාරයක් වෙනවා කියලා දැනගෙන වෙන පල්ලිවලට ගිය ක්‍රිස්තියානි අයට තිබුනා පල්ලිය දැනුවත් කරන්න ප්‍රහාරයක් වෙනවා කියලා . ඔවුන් කලේ හැංගිලා බලන් ඉන්න එක?

:       1       4

AN Ishan Sunday, 28 November 2021 11:44 AM

කොහොමත් ඔය වගේ සිද්ධි වෙනකොට ජනාධිපතිවරු රටේ ඉන්නේ නෑ. එයාලා යනවා පිටරට... එදා අලුත්ගම සිංහල ජාතිවාදී ප්‍රහාරය වනවිට මහින්ද ජනාධිපතිතුමා හිටියේ පිටරට. මෙදා මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය වෙද්දී මෛත්‍රී ජනාධිපතිත්‍රමා පිටරට...

:       0       1

BamunuarachchiSunday, 28 November 2021 07:11 PM

ජනාධිපතිවරු රටින් පිට වෙනතුරු බලන් ඉඳලා ප්‍රහාර පණගන්නවා කිව්වොත් ඔබගේ උත්තරය මොකක්ද? ප්‍රහාර පටන් ගන්නකොට ජනාධිපතිලා පොලිසිවලට නිවාඩු දීපු කාලයකුත් තිබුණා නේද? ඒ ගැන මොකද කියන්නේ...?

:       1       2

Bamunuarachchi Sunday, 28 November 2021 07:18 PM

ඔහු මේ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් දේශපාලන අධිකාරියට කල්තියා වාර්තා නොකළේ මන්ද? ඔබ රජයේ සේවයේ හිටපු කෙනෙක් නොවෙයි නේද? රජයේ සේවයේ සිටියා නම් ඔය වගේ මැටි කතාවක් කියන්නේ නැහැ? නිලධාරියෙක් යමක් වාර්තා කරන්නේ තමන්ගේ ඊළඟ උසස් නිලධාරියාට පමණයි. ළඟම උසස් නිලධාරියා බයිපාස් කරලා වැඩ කළොත් වැඩ වරදිනවා. මම රජයේ සේවයේ ඉන්න කාලේ එහෙමයි තිබුණේ. දැන් රජයේ සේවය බල්ලට ගිහිල්ලා නිසා කවුරු බයිපාස් කරනවද දන්නේ නැහැ...

:       1       4

Vithana Monday, 29 November 2021 11:50 AM

කියන්නේ ඇත්තද කවුද දන්නේ? මෙයාට චෝදනාවක් තියෙනවා ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ මැකුවා කියලා. දුරකථන පණිවිඩවල ඉතිහාසය මැකුවා කියලත්. එයා ඒක පිළිගත්තා කාරක සභාවේදී. ඒ විතරක් නෙවෙයි... එයා කිව්වා එහෙම කළේ දුරකථනය බිරිඳට ලබාදෙන්න කියලා. සිරිසේන සහ මෙයා අතර ඇතිවූ කතාබහ ගැන හෙලිවෙලා නෑ. නාලක සිල්වාට පැත්තකට වෙලා ඉන්න කියපුවා ගැන මෙතන සඳහන් වෙන්නේ නෑ...

:       0       1

BamunuarachchiTuesday, 30 November 2021 09:44 AM

ඔහු උත්තර දෙන්නේ ඔබට නොවෙයි අධිකරණයට. ඔහු කියන්නේ ඔප්පු කරන්න පුළුවන් දේවල්. ඔහු ඔබට උත්තර දෙනවා වෙනුවට රවලා බැලුවොත්..

:       0       0

Josemaría Monday, 29 November 2021 07:13 PM

මචං නිලා ...සොනික්.. කියන්නේ කවුද නිලන්තයෝ .... .. , උඹ ගේ ඒ අදාල දවසේ මොබයිල් එකේ ඩේටා ත් ඔක්කොම ඩිලීට් උනාලු නේ .. මම කොන්ෆිඋස් වෙලා ඉන්නේ බං ... නිලා... පරිපාලනේ කියන විදිහට .. දාං අත අදින්න ... අපි නං චෙස් කප්පිත්තෝ ...., ඇදල බලමු ... මචං නිලා.. දිගටම ලංකාවේ ම හිටපං .... ලංකාවේ හිටියත් අපි හම්බවෙනව උඹව, රට නං එන්න වත් හිතන්න එපා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 255 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 426 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1093 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 774 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1084 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26933 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site