(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මාර්තු 08, 09 සහ 10 වැනිදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)තීන්දු කළේය.
මෙම පෙත්සම් අද (15) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එදිනට පෙත්සම් විභාග කිරීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට නියෝග කරන ලදී.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් තමා අධිකරණය හමුවේ කරුණු දක්වන බව සඳහන් කළේය.
තම සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනුකර නොමැති හෙයින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව එම විරෝධතා ලබන පෙබරවාරි මස 8 වැනිදා ගොනු කිරීමට පියවරගන්නා ලෙස වගඋත්තරකාර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබාදුන් අධිකරණය , එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 15 වන දාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුනි.
ඊට අමතරව පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදී.
පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි අංශවලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සදහන් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර ඇත.
එම ප්‍රහාරය නිසා අගතියට පත් වූ පාර්ශ්වයන්, කිතුනු පූජකතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත්කළහ.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහි පෙත්සම් විභාගය මාර්තුවේ
සෙනවි Friday, 15 January 2021 10:49 AM
නිකරුනේ කාලය සහ මුදල් වැය වෙනවා. වැඩකට නැති දෙයක්. ඔන්න ඕව අල්ලලා දාන්න.