(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට පමණ විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පවරන බවට නීතිපතිවරයා තමන්ට පැවසූ බව මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විටත් 32 දෙනකුට විරුද්ධව නඩු පවරා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මාවනැල්ල බුදුපිළිම කැඩීම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් පුපරන ද්‍රව්‍ය සොයාගැනීම, වනාතවිල්ලුව සිද්ධිය, තස්රීන් නැමැත්තාට වෙඩි තැබීම ආදී සිද්ධි සම්බන්ධයෙන් නඩු 8ක් එම චූදිතයන්ට විරුද්ධව පවරා ඇතැයි සරත් වීරසේකර මහතා කීවේය.
ඒ නිසා මෙම විමර්ශන සම්බන්යෙන් ජනතාව රජයට දොස්කීමට හේතුවක් නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 42 කට ලබන මාසයේදී නඩු