(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයට වසර 4 ක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා කොළඹ මීගමු මාර්ගයේ ශක්තිමත් ජන පවුරක් ගොඩනගන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
කාදිනල් තුමන් මේ බව සඳහන් කළේ බිෂොප් මන්දිරයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
මෙම ජන පවුර එදින පෙරවරු 8.30 සිට පෙරවරු 9 දක්වා පැය භාගයක කාලයක් කොළඹ මීගමු මාර්ගයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනි දේවස්ථානය දක්වා ගොඩනගන බවද අගරදගුරුතුමෝ පැවැසූහ.
එහිදී පාස්කුදා ප්‍රහාරය පළමු බෝම්බ ප්‍රහාරය සිදුවූ පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන බවද අගරදගුරුතුමෝ පැවසූහ.
මෙම ජනපවුර ශක්තිමත් කිරීමට ජාති, ආගම්, කුලමල, පාට පක්ෂ භේද නොසලකා පෙළගැසෙන ලෙස යුක්තිය අගයන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එතනට පැමිණිය නොහැකි සියලු දෙනාට පෙරවරු 8.45ට තමන් වැඩ කරන ස්ථානයේ නැගී සිටිමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවද කාදිනල් තුමෝ සඳහන් කළහ.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා 21 ජනපවුරක්
විපරමා Monday, 17 April 2023 09:29 PM
කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත් නොවෙන්නට ,මේ නින්දිත ක්‍රියාවත් සුදුවෑන්,ගාතන,අතුරුදහන් වගේ යටගහන්ඩ තිබුනා.
කවිඳුTuesday, 18 April 2023 01:10 PM
සුදු වෑන් කතාව ගෙනාවෙ ගෝඨා ගැන මිනිස්සු භය කරන්න. ගෝඨා ඉඩි අමීන් වගේ කියලත් කිව්වා. අන්තිමට එක මිනිහෙක් නොමරා ගෝඨා ජනාධිපතිකමත් දාලා යන්න ගියා. සුදු වෑන් කතාව ඇත්ත නම්, ඔය අරගල නායකයො එකෙක් වත් මේ වෙනකොට ඉතුරු වෙන්නෙ නෑ. ගෝඨා අසාර්ථක නායකයෙක්, අදූරදර්ශී මනුස්සයෙක් හැබැයි අහිංසකයෙක්. තමන්ගේම සහෝදරයන්ගේ ගේම් නොවෙන්න ඔහු තවමත් ජනපති වෙලා ඉන්න තිබුනා.
Alfread Monday, 17 April 2023 10:27 PM
පක්ශෙ ලාංඡනේ විතරයි අඩු. සහරාන් ඇතුලු අන්තවාදීන් බෝම්බ ගහනව දැක දැක, ඒකාලේ නායකයො කවුද කියල දැක දැක රාජපක්ශලගෙ ගිනුමට ඒක බැර කරලා මෙයා මිනිස්සු රවට්ටගෙන මඩිය තර කර ගත්තා. අර යුරෝපෙන් හම්බුනු ආධාර වලට මොකද වුනේ සීයේ?
Lelwala Tuesday, 18 April 2023 06:37 AM
පන දෙන්න ත්‍රමයක් තියෙනවද)
Athula Tuesday, 18 April 2023 08:37 AM
ඔහොම්ම පක්ශෙකුත් ලියාපදිංචි කර ගමුද මහත්තයා. ජෙප්පොත් එක්කම පෙලපාලියක් ගිහින්, උද්ඝෝෂනේකුත් කරල ඉන්න බැරියැ.
Senaka Tuesday, 18 April 2023 08:42 AM
ලංකාවෙ දහස් ගනන් හමුදාවෙ කොල්ලො කෙල්ලො මැරෙනකොට ඔය වේදනාව තිබ්බෙ නෑ නේද? 70,000ක් මිනිස්සු මැරුන එක කෙල බිඳක් හෙලුවෙ නෑ. ජිනීවා යන්න, මානව හිමිකම් යන්න හිතුනෙ නෑ. රායප්පු ජෝසප් කොටින්ට කඩේ යනකොට ඔව්වා මතක් උනේ නෑ නේද? අනුන්ට දෙන ගින්දර තමන්ට පත්තු වෙනකොට තමයි ඒක හරියටම තේරෙන්නෙ.
මහමොලකරු Tuesday, 18 April 2023 08:53 AM
මෙයා ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරන්න පට්ට භයයි. රනිල් ගැන කතා කරන්න ඊට භයයි. දන්නව ඒ ගැන කතා කරොත් ඊලඟ පාර හම්බෙන්නේ ඔයිට එහා සම්බුවක් කියලා. ඒක නිසා අර මෝඩ රාජපක්ශ හැත්තගෙ ගිනුමට බෝම්බෙ දාලා ආතල් එකේ උද්ඝෝශනයක් කරගෙන ඉන්නව. එයත් සතුටින්, බෝම්බෙ වැදිල අසරණ වෙච්ච අයත් සතුටින්, අන්තවාදීනුත් සතුටෙන් (දෙපැත්තෙන්ම හිනා වෙනව). අන්න එහෙමයි ප්‍රශ්න විසඳන්නේ.
ගමේ එකාලා Tuesday, 18 April 2023 12:04 PM
පාස්කු ප්‍රහාරය දූෂිත බලලෝබි පවුල් පාලනේ උන් බලයට එන්ඩ ගහපු ගේමක්. ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා ගෝටා ගේ පෝස්ටර් රටපුරාම ගැහැව්වා .අපරාධ කාරයන්ට ස්වබාව ධර්මයෙන් හෝ දන්ඩුවම් ලැබෙයි .
Darman Tuesday, 18 April 2023 12:34 PM
කාදිනල් තුමා ඕකට ජවිපෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම් නානාවත් ගෙන්න ගන්න. එයාල පුත්තු මරාගෙන මලේ කියල දන්නෙ නැහැනෙ. රාජපක්ෂල තමා කොලේ
fairoos Tuesday, 18 April 2023 12:34 PM
මොන දේ කරලත් වැඩක් නැහැ .මේ කාලකන්නි දේශපාලකයන් ඉන්නකම්
AlfreadTuesday, 18 April 2023 01:05 PM
අනේ අහිංසක කට්ටිය කියන කතා. මෙයාලා බහු-ජාතිය උනාම තමයි ඒක හොඳටම බලා ගන්න පුලුවන්. පකිස්තානේ කතෝලිකයන්ව බාබකියු දානව මේ දවස් වල. එහේ කතෝලික කෙල්ලොන්ව බලෙන් මුස්ලිම් අයට කසාද බන්දනවා, කතෝලික විනිසුරුවන් මරනවා. මේවා සී.එන්.එන්. එකෙන් බලා ගන්න පුලුවන්.
Bamunuarachchi Wednesday, 19 April 2023 04:10 AM
කාදිනල් උන්නැහේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම බොහොම පැරණි එකක් නේද? පොකට් මොහොම්මඩ් ක්‍රිස්තියානි කාරයින්ගෙන් කප්පම් ඉල්ලලා කප්පම් නොදීම අවසන් උනේ ක්‍රිස්තියානි ගැහැණියක් මොහොම්මඩ්ට වස දී මරා දැමීමෙන් කියලා කියනවා. ඔය ආරවුල තමයි අවුරුදු 1400 ගණනක් මේ එන්නේ. එහි එක episode එකක් තමයි පාස්කු ප්‍රහාරය. බයිබලයේ සඳහන් වෙන්නේ සියලු දේ සිදුවෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලායි. එහෙනම් කලබල වන්නේ ඇයි?දෙවියන් සියල්ල විසඳාවි.
kamal Tuesday, 18 April 2023 01:25 PM
ලංකාවේ සිටින සැබෑ බෞධ්දයා ඔබයි. සටන අත නොහරින්න. සත්‍ය සදා ජය ගනී.
බද්රානි Tuesday, 18 April 2023 01:30 PM
තමන්ගේ කෙනෙකු බෝම්බ ප්‍රහාරයට ලක් නොවූ නිසා හෝ අන්‍ය ආගමිකයින් මේ ප්‍රහාරයට ලක්වුණු නිසාම ඒ සම්බන්ධව කිසිදු සානුකම්පිත හැගීමක් නොමැති අමනුෂ්‍යයින් රැළක් මේ රටේ ජීවත් වෙනවා. මේක තනිකරම දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් සිදුකල ප්‍රහාරයක්. එයට බුද්ධි අංශයත් සම්බන්ධයි. සහරාන් යනු මේ ප්‍රහාරය සිදුකිරීමට යොදාගත් බුද්ධි අංශ සාමාජිකයෙක් පමණයි. බෝම්බ තාක්‍ෂණය, එකම වෙලාවේ ස්ථාන කිහිපයක සිදුවූ සන්නිවේදන කටයුතු සිදු උනේ කෙසේද? අනෙකාගේ විපත තමන්ගේ දේශපාලන සතුට කරගත්තු සම දෙනාටම ඒ විපත ඔවුන්ගේ හිස මත පතිත වේවා!! ඔවුන්ට ශාප වේවා!! එසේ නොමැති උවහොත්, අප අදහන ආගම ධර්මයන් සියල්ල බොරු. කාදිනල් තුමාගේ හඬට මේ රටේ ධර්මිෂ්ඨ ජනතාව එකඟයි, අවනතයි..
Bamunuarachchi Wednesday, 19 April 2023 04:18 AM
කව්දෝ හාදයෙක් පාදිලියන් පිරිවරාගෙන පාස්කු ප්‍රහාරයේ සුලමුල කියන්න අපරාද විමර්ශන ඒකකයට ආවා නේද? ඉතින් මෑන් කිව්වේ නැද්ද කව්ද පාස්කු ප්‍රහාරය කලේ කියලා. කාදිනල් තුමා අඳුරේ අතපත ගානවා නේද?