බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැදුර ඉදිරිපිට
(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට අදට (21) වසර හතරක් සපිරෙයි.
දේවස්ථාන තුනක් හා කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ තරුපහේ හෝටල් තුනක්, ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් විදේශිකයන් 45 දෙනකු ඇතුළු පුද්ගලයන් 277 දෙනකු මියගිය අතර තවත් 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
දෙමාපියන්ට දරුවන් අහිමි කරමින්, දරුවන්ට දෙමාපියන් අහිමි කරමින්, තවත් පිරිසකට ඥාතීන් අහිමි කරවමින් සිදු වූ මෙම මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කුඩා දරුවන් ඇතුළු බොහෝ පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටිති.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය හා මඩකළපුව සියෝන් දේවස්ථානය යන දේවස්ථානවල පාස්කු දේව මෙහෙය පැවැත්වෙමින් තිබිය දී එහි බැතිමතුන් ඉලක්ක කරගෙන ඉකුත් 2019 වසරෙ අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.45 ට පමණ එකම වේලාවක දී මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබිණි.
ඊට අමතරව කොළඹ ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංස්බරි යන හෝටල්වලට ද මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විය.
මෙම ප්‍රහාර මාලාවෙන් මියගිය අය සිහිකරමින් දිවයින පුරා කිතුණු දේවස්ථානවල හා අද (21) දිනයේ දිව්‍ය පූජා ඇතුළු ආගමික වතාවත් රැසක් සිදු කෙරේ.
ප්‍රධාන දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද උදේ 9.00ට පැවැත් වේ.
මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය තුවාල ලැබු සහ සදාකාලික අබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් ශක්තිය ඉටුකරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ මෙහෙයවීමෙන් හා කතෝලික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් “සත්‍යය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැදුමේ පා ගමන” නමින් පා ගමනක් ද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයෙන් ඊයේ (20) පස්වරු 6.00 ට ආරම්භ විය.
එම පා ගමන කොළඹ මීගමුව මාර්ග ඔස්සේ කටුනායක, අම්බලන්මුල්ල, තුඩැල්ල, මත්තුමගල, වත්තල, කොටහේන හරහා කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණීමෙන් පසු අද පෙරවරු 9.00 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දිව්‍ය පූජාව පැවැත්වේ.
පාස්කු ප්‍රහාරයට හසුවූවන්ට සාධාරණය ඉල්ලා දිවයිනපුරා දේවස්ථාන ඉදිරිපිට දී විරෝධතා රැසක් සංවිධානය කර තිබුණි.
(ඡායාරූපය: ප්‍රසාද් රුක්මල්)
කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය
(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය
( ඡායාරූප: රංජිත් රාජපක්ෂ )
බේරුවල පයාගල පරලෝක රාජේශ්වරීය දෙව් මැදුර ඉදිරිපිට
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
කටුකුරුන්ද මංසන්ධියේ සහ ශාන්ත පිලිප්නේරි දෙවි මැදුරේදී පැවැති විරෝධතාව සහ දේව මෙහෙය
පුත්තලම ශාන්ත මේරී ප්‍රධාන දෙවස්ථානයේ
(ඡායාරූප: එච්. චන්දන)
දුම්රිය ස්ථානය අසල
(ඡායාරූප: තිලකරත්න දිසානායක)
ගාල්ල කරිටාස් සෙඩ්ගෝල් ආයතනය සහ ගාල්ල කළුවැල්ල ශුද්ධවු ජපමාල රාජේශ්වරියගේ ආසන දෙව්මැදුර
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කුදා ප්‍රහාරයට වසර 4යි
අරවින්ද මොනරවිල Friday, 21 April 2023 11:34 AM
පාස්කු ඉරිදා සිදු කල ත්‍රස්ත් ප්රාහරයෙ මියගිය සියලුම සියලුම ජනතාව ගෞරවයෙන් සමරමු ! මියගිය තුවාල ලැබු හා සාදාකාලික ආබාධි පුද්ගලයන් වහා යුක්තිය ඉටුකර ගැනීම සදහා ජාති ආගම් භේදයෙන් තොරව අපි සැවොම පෙල ගැසෙමු.
පිටරැටියා Friday, 21 April 2023 01:10 PM
පාස්කු ප්රාහාරය හරිම කණගාටුදායකයි... ආබාධිත වූවන්ට සහ මියගිය පවුල් වල අයට යුක්තිය ඉෂ්ට වේවා...!!!
Kumara Friday, 21 April 2023 02:39 PM
මෙහි දුම්රිය ස්ථානය යනුවෙන් පෙන්වා දී ඇත්තේ කොහේද?
Bamunuarachchi Friday, 21 April 2023 05:22 PM
යුක්තිය ලැබෙනතුරු අවදියෙන්ලු. හැබැයි පාස්කු ප්‍රහාරය සිදුවෙන දිනය, වේලාව හා ස්ථාන දැනගෙනත් ඒ දවස් ටිකේ ඔහෙලා හොඳට නිදි... හලෝ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලයේ දොර මුර කෙරුවාට වැඩක් නැහැ...