(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.
ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමකදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මේ බව සඳහන් කර තිබේ.
එම තොරතුරුවලට අනුව 2023 වසරේදි ලාදුරු රෝගීන් වැඩියෙන්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 259 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 168 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80 ක්ද හඳුනා ගෙන තිබේ.
2019 වසරේදී ලාදුරු රෝගීන් 1660 ක් 2020 දී රෝගීන් 1213 ක්, 2021 වසරේදී රෝගීන් 1026 ක් ,2022 වසරේදි රෝගීන් 1401 ක් සහ 2023 වසරේදි රෝගින් 1550 ක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.
ලාදුරු මර්දන ව්‍යාපාරය පවසන ආකාරයට 2023 වසරේදී සැප්තැම්බර් මාසයේදි පමණක් ලාදුරු රෝගීන් 175 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
කෙසේ නමුත් එම ව්‍යාපාරය පවසන්නේ රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කළද එය රෝගය ව්‍යාප්ත විමේ වැඩිවිමක් නොව සැඟව සිටින රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති නිසා එම රෝගීන් හඳුනා ගැනීම නිසා සිදු වන්නක් බවයි.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක්