(අංජුල මහික වීරරත්න)
පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
මේ අතර රටපුරා පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් සොයා බලා එම පින්කම් සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද උපදෙස් දුන්නේය.
අනුරාධපුර මිහින්තලා පුදබිම පාදක කරගනිමින් ප්‍රධාන පින්කම් සංවිධාන කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ කුමන අයුරින් දැයි සොයා බලා වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
රාජ්‍ය මැදිහත්වීමෙන් වෙසක් උත්සවය සාර්ථක අයුරින් පැවැත්වූ අතර ඊට නොදෙවනි ලෙස පොසොන් උත්සවය ද පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙි.
ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මහින්දාගමනය සිදු වූ පොසොන් පොහෝ දිනය බෞද්ධයන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජාතියට ම වැදගත් දිනයක් වන හෙයින් පොසොන් පොහොය උත්කර්ෂවත්ව සැමරිය යුතුම පුණ්‍යේත්සවයක් බව ජනාධිපතිවරයා නිලධාරීන්ට දුන් උපදෙස් වල සඳහන්ය.
දැවැන්ත අර්බුදයකට මුහුණ දී යළිත් ටිකෙන් ටික රට දෙපයින් නැගී සිටින්නට පටන් ගෙන තිබෙන මොහොතේ අභිමානවත් ජාතියක් ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානසිකත්වය ගොඩනැඟීමට මෙන්ම ජාත්‍යන්තරයට රටේ අනන්‍යතාවය ගෙනයාමට ප්‍රධාන ආගමික උත්සව මනා පිටු බලයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
වසර හතරකට පසු වෙසක් උත්සවය අති සාර්ථක ලෙස පැවැත්වීමට දායක වූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට ද ජනාධිපතිවරයා සිය ප්‍රණාමය පුද කර තිබේ.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොසොන් උත්සවය ගැන ජනපතිගෙන් නියෝගයක්
ANURANGA Tuesday, 09 May 2023 08:46 AM
ඒ කියන්නෙ දැන් පහ හරි, උඹ ගෙදර යනවා , ජය වේවා