IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොසොන් සමරන්න සල්ලි හොයන්න එතෙර රූ රැජිනත් පිඬුසිඟා වඩිති

(බී.ජී. චතුරංග)

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළහ.

මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා මෙලෙස පිඩු සිඟා වැඩියහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා, 2006 වසරේදී ලෝක රූ රැජින ලෙස සිට පැවිදි දිවියට පත්ව අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සියලු සම්පත් අතහැර පැවිදි දිවියට එක් වූවාය.

මෙහිදී එලිසෙබත් සුජාතා භික්‍ෂුණින් වහන්සේ කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවය. තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමැති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බව කීහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වෙමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන් මාධ්‍යයට කියා සිටියේ මිහිඳු මහා හිමියන් සමරන පොසොන් පින්කම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන හෙයින් පාත්‍රය සහ සිවුර දරා ගෙන ජනතාව අතරට පිඬු සිඟා වැඩම කොට ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා බවය. පොසොන් සති පිරිත , ආලෝක පූජාව , මිහිඳු පෙරහැර සමගින් මෙවර උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.



අදහස් (11)

පොසොන් සමරන්න සල්ලි හොයන්න එතෙර රූ රැජිනත් පිඬුසිඟා වඩිති

Prabha Sunday, 16 June 2024 09:57 PM

අර තඩි කාර්එක විකුණමුකෝ...!

:       5       16

Samantha Sunday, 16 June 2024 11:02 PM

අහෝ සම්බුද්ධ ශාසනයේ පරිහානියට පත්වීමක් නොවෑ තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් දන් වැළදු දාන පාත්‍රයට කෙසෙනම් මුදල් එකතු කරන්නට සිත් පහලවීද ලාභ සත්කාර කියන හෙනයට නොවැ ඔය වැටුනේ

:       15       17

thmibiriwawa Monday, 17 June 2024 01:57 AM

උතුම් බුදු දහමේ කියන්නේ නැහැ ත්‍රාඩයෝ වගේ හැසිරෙන්න කියල . මෙතන චේතනාව වන්නේ තව පාර්ශවයක් කෙරෙහි වෛර කිරීම බව හරි පැහැදිලියි . මේ වෙනුවෙන් කිස්ත් නොදන්නා විදේශීය භික්ෂුනියක්ව භාවිතා කෙරෙනවා . ඔය පන්සලේ පිං කැටයට වසරකට කෝටි ගානක් ලැබෙනවා . ඒවා පිල්ලි යනවා . පොසොන් සමරන්න ජනතාවගෙන් ඉල්ලනවා . වංචාව නෙවෙයිද මේ?

:       9       27

තිඹිරිවැවMonday, 17 June 2024 11:01 AM

පිංකැටේට කෝටි ගණනක් ලැබෙනවා කියන්නේ තමුන් අඩුම තරමින් රුපියල් දහයක්වත් නොදී නේද තමුන් නොදෙනවා වගේම තමයි අනෙකුත් අයත් දැන් පරිත්‍යාග කරන්නේ නැහැ...

:       6       8

පියල් Monday, 17 June 2024 05:43 AM

බුදු දහමට කිසිම අනතුරක් නැත සැදැහැවතුනි ටිපර් නොවන්න. තේරුම් ගැනීමට පුළුවන් තරමට මනස දියුණු කරන්න. එලිසබෙත් සුජාතා භික්ෂුනි තෙරණිය මේවා ගැන දැනුමක් නැතුව ඇති.

:       5       17

End Game @ Monday, 17 June 2024 07:35 AM

හාමුදුරුවන්ගේ බීඑම්ඩබ්. එකට තියන බැදීම අඩු කරලා විකුණා, පෙරහර කරන්න බැරිද?

:       4       14

sigath Monday, 17 June 2024 08:26 AM

පාත්‍රය තිබෙන්නේ පිඩු සිගා ගැනීමට පමණයි. එය මුදල් එකතු කිරීම සඳහා භාවිතා නොකළ යුතුයි.

:       5       25

ඇබිත්තයාMonday, 17 June 2024 10:57 AM

පාත්‍රය තියෙන්නේ සියලු අවශ්‍යතා සඳහා කියලා තමයි අපි අහලා තියෙන්නේ සාමාන්‍යයෙන් දියනෑමට ආහාර වැළඳීමට පිණ්ඩපාතයට පාත්‍රය පාවිච්චියට ගන්න පුළුවන්...

:       2       7

Lalla Monday, 17 June 2024 10:01 AM

අපිත් බෞද්ධ බව ඇත්ත. ඒත් මිහින්තලේ නායක තැන නටන මේ විගඩම අවසන් කල යුතුයි. බෞද්ධාගම පැත්තකට දාල මේ දේශපාලන බලයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දැරීමක්. රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්න අවශ්‍ය අවම තත්ත්වයක නැති වෙලාවේ මහා පෙරහර උත්සව කාට පෙනෙන්නට? ලෝකයම දන්නව ලංකාව බංකොළොත් කියල. ඒකට චීවරධාරීන් සැලකිය යුතු දායකත්වයක් ලබාදුන්න.අනවශ්‍ය නාස්තිකාර වියදම් මගින්.... කාටවත්ම වැඩක් නැති පන්සල් ගොඩනැගිලි දැවැන්ත චෛත්‍ය ආවාස.... සුඛ විහරණය...

:       11       22

රෝයි ෆෙඩ්රික්ස් Monday, 17 June 2024 12:49 PM

අපොයි අපේ බුදුසසුන. වාක් සංවරයක් නොමැති, සම්මා වාචා නොදන්නා වාචාලයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

:       2       8

H H L Priyantha De Silva Monday, 17 June 2024 04:54 PM

කෝ සජිත් ප්‍රේමදාස මහතා, ඔක්කෝම බලාගන්නම් කිව්වේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 350 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 20 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2074 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1572 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 679 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 579 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site